ලෝක පාපන්දු ක්‍රීඩිකාවක් මරුට: කඳු තරණයේ දී සිදු වූ බිහිසුණු අනතුරක් මරණයට හේතුවයි
මෝල්ඩෝවා පාපන්දු ක්‍රීඩිකාවක් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ එරට ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ Violeta Mitul ක්‍රීඩිකාව බවයි.
ඇය මියයන විට 26 හැවිරිදි වියේ පසුවූවා.
මෙම ක්‍රීඩිකාව මියගොස් ඇත්තේ කඳු නැගීමේ කටයුත්තකට යෙදී සිටීමේදියි.
යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය වන UEFA විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම ක්‍රීඩිකාවගේ මරණය සම්බන්ධයෙන් වාර්තා කර සිටියා.
Violeta Mitul සිය කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩිකාව ලෙසයි ක්‍රීඩා කර ඇත්තේ.
ඇය සිය රට වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගත් තැනැත්තියක්.
යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජ රැසක සාමාජිකත්වය දැරූ ක්‍රීඩිකාවක් ලෙසටත් Violeta Mitul ප්‍රසිද්ධියක් උසුලනවා.
මෙම වසර මුල දී ඇය අයිස්ලන්ත පාපන්දු සමාජයක් වන Einherji සමග එක් වූ නමුත්, ඊට පෙර ස්පාඤ්ඤය, ඉතාලිය, යුක්රේනය සහ කසකස්තානය යන රටවල පාපන්දු සමාජ ශාලා සඳහා ක්‍රීඩා කර තිබෙනවා.