තීරණාත්මක T20 තරගයක් අද රාත්‍රියේ දී: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද තරගය සුවිශේෂීයි

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය -www.espncricinfo.com

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වැනි සහ අවසන් T20 තරගය අද එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

ඒ මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට ඩර්බි ක්‍රීඩාංගණයේ දියි.

දෙරට අතර පැවති පළමු T20 තරගයේ ජය එංගලන්ත කාන්තා කණ්ඩායමට හිමිවුණා.

දෙවැනි තරගයේ ජය කඩුලු 08කින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමි වූ අතර, මේ වනවිට තරගාවලියේ තරග 1-1ක් ලෙස සම මට්ටමේ පසුවන්නටයි දෙපිළ ම අවස්ථාව උදාකර ගෙන ඇත්තේ.

එම නිසා අද පැවැත්වෙන මෙම තරගයේ ජය දෙපිළට ම තීරණාත්මක වනු ඇති.

අද තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ගතහොත්, පළමුවරට එංගලන්තයේ දී T20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් මෙහෙයවනු ලබන අතර, Heather Knight විසින් එංගලන්තය මෙහෙයවනු ලබනවා.

මේ අතර දෙරට අතර එක්දින තරග තුනක් ද පැවැත්වීමට නියමිතයි.

එහි පළමු තරගය සැප්තැම්බර් 09 වැනි දින Chester-le-Street හි දී පැවැත්වෙනවා.