කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්: හයේ පහර 07 ක් සහ හතරේ පහර 18 ක්

MonaraMonara

ඡායාරූපය - Getty Images

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙන පෙරහුරු තරගයේදී ශතකයක් රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

නොැදැවී පන්දුවට පහරදෙන ඔහු පන්දු 76 කදී මේ වනවිට රැ‌ස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 135 ක්.

හයේ පහර 07 කින් සහ හතරේ පහර 18 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

ගුවහාටි හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

මේ වනවිට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25 ක් අවසානයේදී කඩුළු 02 ක් දැවී ලකුනු 197 ක් ලබා සිටිනවා.

පැතුම් නිශ්ශංක ලකුණු 30 කට දැවී ගිය අතර, දිමුත් කරුණාරත්න ලකුණු 08 යි.