ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අහිංසක හිනාවේ ජන්මය අදයි: ධනා ඔබට සුබ උපන්දිනයක් !

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ 32 වැනි ජන්ම දිනය අද දිනට යෙදී තිබෙනවා.

ධනා යනු මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ නොමඳ ගෞරවයට මෙන් ම ආදරයට ලක් වූ විශිෂ්ටයෙකු ලෙසයි පිළිගැනෙන්නේ.

ඕනෑම ආකාරයක තරගයක දී, සිය කණ්ඩායමේ පිතිකරණය ද, නැතහොත් පන්දු රැකීම ද, එසේත් නැතහොත් පන්දු යැවීම ද අසාර්ථක වුවහොත් ධනා ඒ සැම වෙනුවෙන් පෙනී සිටින අවස්ථා එමටයි.

පිතිකරණයෙන් ලකුණු රැස් කරමින්, අත්‍යවශ්‍ය ම කඩුල්ලක් ලබාගෙන තරගයේ ජය තම කණ්ඩායමට ගෙන දෙමින් හෝ, අවශ්‍ය ම වේලාවක රැකගන්නා උඩ පන්දු සම්බන්ධයෙන් ධනංජය ව බොහෝ ක්‍රිකට් ලෝලීන් දේවත්වයෙන් අදහන බවට නම් නොරහසක්.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.comඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

www.espncricinfo.com සංරක්ෂිත ඡායාරූප ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

එවන් විශිෂ්ටයෙකු වර්ෂ 1991 සැප්තැම්බර් මස 06 වැනි දින හම්බන්තොට දී මෙලොව එළිය දකිනවා.

උසින් අඩි 5යි අඟල් 8ක් වන මේ තරුණයා දෙබරවැව ජාතික පාසලෙන් සිය පාසල් ක්‍රිකට් දිවිය අරඹා පසුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙනුත්, පසුව කොළඹ මහානාම විද්‍යාලයෙනුත් පාසල් ක්‍රිකට් ජීවිතය සාර්ථක කරගැනීමට සමත් වනවා.

පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තමන් නමින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනයට වරම් ධනා විසින් දිනාගනු ලබන්නේ 2016 ජුනි 16 වැනි දින ඩබ්ලින් නුවර අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින තරගයට එක් වෙමින්.

එම මාසයේ දී ම ජුනි 26 වැනි දින හෙතෙම ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගන්නේ ද ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

2015 ජුලි 30 වැනි දින ජාත්‍යන්තර 20-20 තරග රටාවට ධනංජය එක් වන්නේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයට එක්වීමටයි.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.comඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

www.espncricinfo.com සංරක්ෂිත ඡායාරූප ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.comඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

www.espncricinfo.com සංරක්ෂිත ඡායාරූප ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.comඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

www.espncricinfo.com සංරක්ෂිත ඡායාරූප ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

මේ වනවිට ධනංජය ද සිල්වා සිය එක්දින දිවියෙහි ඉහළතම ලකුණු ලෙස 93ක් ලබාගෙන ඇති අතර, ඊට අර්ධ ශතක 10ක්ද ඇතුළත්.

ටෙස්ට් පිටියෙහි ලකුණු 173ක් ඉහළතම ලකුණු ලෙස ලබාගෙන ඇති ධනා තම නම ඉදිරියෙන් ටෙස්ට් ශතක 10ක් සහ අර්ධ ශතක 13ක් ද ලියාගෙන තිබෙනවා.

පන්දුවාර 20 තරගවල දී නොදැවී ලකුණු 66ක් ලබාගෙන ඇති ධනංජය එහිදී ලබාගෙන ඇති අර්ධ ශතක සංඛ්‍යාව 03ක්.

මේ අතර, ධනංජයගේ ක්‍රිකට් වෘත්තීමය දක්ෂතා අතර ආසන්නතම අවස්ථාව ද ඊයේ දිනයේ දී ඔහු නමින් ලියැවුණා.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.comඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

www.espncricinfo.com සංරක්ෂිත ඡායාරූප ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

ඒ පරාද වීමට ගිය ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේ දී ලකුණු 12කට අවශ්‍ය ම කඩුලු 02ක් බිඳ දැමීමත් සමගින්.

මෙවන් විශිෂ්ට තරුණ ක්‍රීඩකයෙකුගේ උපන්දිනය සැමරෙන අද දිනයේ දී monara.com අපෙන් ද; ධනංජය ද සිල්වාට පිරිනැමෙන්නේ සුබ උපන්දිනයක් වේවා ! කියායි.