2023 ජාතික ක්රීඩා උලෙළෙහි බොක්සිං ශූරතාව: පිරිමි - කාන්තා ද්විත්ව ශූරයින් බස්නාහිර
2023 ජාතික ක්රීඩා උලළෙහි බොක්සිං ශූරතාව දිනා ගන්නට බස්නාහිර පළාත සමත් වුණා.
මෙහි මෙවර විශේෂත්වය වන්නේ කාන්තා - පිරිමි දෙයංශයෙන් ම ශූරයින් බවට බස්නාහිර ක්රීඩක ක්රීඩිකාවෝ පත් වීමයි.
47 වැනි වරට පැවැත්වෙන ජාතික මහා ක්රීඩා උලළෙහි බොක්සිං ශූරතා තරගාවලිය කොළඹ නව ටොරින්ටන් ගෘහස්ථ ක්රීඩාගාරයේ දී පැවැත්වුණා.
පළාත් 09ක ක්රීඩක ක්රීඩිකාවන් මෙහිදී තරග වැදුණු අතර, පිරිමි බර පන්තිය 13ක් සහ කාන්තා බර පන්ති 05ක් යටතේයි තරග පැවැත්වුණේ.
බොක්සිං පිරිමි ඉසව්වෙන් බස්නාහිර ක්රීඩකයන් විසින් රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 02ක් සමගින් ලෝකඩ පදක්කම් 06ක් හිමිකරගත්තා.
මෙහි අනුශූරතාව උතුරුමැදට හිමි වූ අතර, ඔවුන් නමින් රන් පදක්කම් 04ක් සහ ලෝකඩ 03ක් ලියැවුණා.
තෙවැනි තැන සබරගමුවට හිමි වූයේ එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 07ක් ද සමගින්.
බොක්සිං දක්ෂතම පිරිමි ක්රීඩකයා ලෙසට සම්මානිත වූයේ ඌව පළාත නියෝජනය කරමින් තරග වැදුණු N.M.P ධර්මසේන යි.
බස්නාහිර පළාත කාන්තා ශූරතාව හිමිකරගත් අතර රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 02ක් ඊට එක්වුණා.
අනුශූරතාව හිමිකරගත්තේ දකුණු පළාත යි.
ඔවුන්ට රන් පදක්කමක්, රිදී පදක්කම් 02ක් සහ එක් ලෝකඩ පදක්කමක් හිමිවුණා.
උතුරු මැද පළාත තුන්වැනි ස්ථානය හිමි කර ගත්තේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 04ක් ලබා ගනිමින්.
බස්නාහිර පළාතේ K.K.I.T පෙරේරා ක්රීඩිකාව තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්රීඩිකාව බවත් සම්මාන දිනා ගත්තා.
ජය සංකේත සහ සහතිකපත් පිරිනැමීමේ අවස්ථාවට ශ්රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා එක්ව සිටි බවයි අප ප්රාදේශීය වාර්තාකරු වසන්ත නිරෝෂන් පැවසුවේ.