BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 11ක්: තරගාවලිය 2024 ජනවාරි මස ඇරඹෙයි

MonaraMonara

Photo : Google

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 11 දෙනෙකුට හිමිව තිබෙනවා.

ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති 2024 BPL තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හතේ පුරප්පාඩු පුරවා ගැනීම සඳහා බංග්ලාදේශයේ ඩකාහිදි BPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණු අතර මෙහිදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක ඇතුළු ක්‍රීඩකයින් හය දෙනෙකු වෙන්දේසි වී තිබුණා.

මෙහිදී ළහිරු සමරකෝන් සහ සදීර සමරවික්‍රම Durdanto Dhaka කණ්ඩායමත්, කසුන් රාජිත සහ දසුන් ශානක Khulna Tigers කණ්ඩායමත්, දිනේශ් චන්දිමාල් Fortune Barishal කණ්ඩායමත්, දුෂාන් හේමන්ත Sylhet Strikers කණ්ඩායමත් මිලදීගෙන තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට පෙර Direct Signing අවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක දෙපළක් වන මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ක්‍රීඩකයින් පස් දෙනෙකු කණ්ඩායම්වලට එක් කර ගත්තා.

ඒ අනුව Direct Signing අවස්ථාව යටතේ චතුරංග ද සිල්වා Durdanto Dhaka කණ්ඩායමත් ධනංජය ද සිල්වා Khulna Tigers කණ්ඩායමත් මතීෂ පතිරණ සහ වනිඳු හසරංග Rangpur Riders කණ්ඩායමත්

දුනිත් වෙල්ලාලගේ Fortune Barishal කණ්ඩායමත් මිලදීගෙන තිබුණා.