ඩෙංගු යළි හිස ඔසවයි: දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල අතරින් 61ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

MonaraMonara

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල අතරින් 61ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත්ව සදහන් කර සිටින්නේ පවතින උණුසුම් සහ කඩින් කඩ වැසි සහිත කාළගුණ තත්ත්වය ඩෙංගු මදුරු ව්‍යාප්තියට හේතු වී ඇතැ බවයි.

2023 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 38,639 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර මැයි පළමු වැනිදා සිට අද දක්වා ගෙවුණු දින 30 තුළදී පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8,931 ක්

දැනට වාර්තාවී ඇති මුළු රෝගීන්ගෙන් 50%ක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව 19,174 ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන්නේ.