ආරක්ෂිත වන තරමට අවදානම අඩුවන HIV….: 2023 වසරේ පළමු කාර්තුවේ මුල් මාසයේ දී ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයින් 5011ක පිරිසක් වාර්තාවනවා.

MonaraMonara

Images - Getty Image

Colombo (Monara) June 22 – ‌ මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් HIV යනු රෙට්‍රො වෛරසයක්.

එම වෛරසය මගින් නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා හේතුවෙන් සින්ඩ්‍රෝමය හෙවත් AIDS රෝගය ඇතිවනවා.

HIV ආසාදන බෝවීමක් සිදුවනු ලබන්නේ රුධිරය, ශුක්‍ර තරල, යෝනි මාර්ගයේ ස්‍රාවයන්, ශුක්‍ර මෝචනය හෝ මව් කිරි මගින්.

මෙම දේහ තරල තුළ HIV, නිදහස් වෛරස අංශු ලෙස සහ ආසාදිත ප්‍රතිශක්තිකරණ සෛල තුළ අන්තර්ගතවනවා.

එමෙන්ම AIDS රෝගය ව්‍යාප්ත වීම සිදුවනු ලබන ප්‍රධාන මාර්ග ලෙස අනාරක්ෂිත ලිංගික සංසර්ගය, අපවිත්‍ර වූ එන්නත් කටු, මව් කිරි මගින් සහ දරු ප්‍රසූතියේ දී ආසාදිත මවගෙන් දරුවාට ගමන් කිරීම යන ක්‍රම හැඳින්වීමට පුළුවන්.

Images - Getty ImageImages - Getty Image

අනාරක්ෂිත ලිංගික සංසර්ගය Images - Getty Image

Images - Getty ImageImages - Getty Image

අපවිත්‍ර වූ එන්නත් කටු Images - Getty Image

Images - Getty ImageImages - Getty Image

මව් කිරි මගින් Images - Getty Image

Images - Getty ImageImages - Getty Image

දරු ප්‍රසූතියේ දී ආසාදිත මවගෙන් දරුවාට Images - Getty Image

මේ වනවිට HIV සඳහා රුධිරය හා එහි නිෂ්පාදනයන් පරීක්ෂණයට ලක්කිරීම මගින් HIV ආසාදනය සංවර්ධිත රටවල බොහෝ දුරට අවම වී තිබෙනවා.

2023 වසරේ පළමු කාර්තුවේ මුල් මාසයේ දී ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයින් 5011ක පිරිසක් වාර්තාවනවා.

එය පළමු කාර්තුවේ තෙවැනි මාසයේ දී 5176ක් දක්වා වැඩි වන්නේ එම මාස තුන තුළ තවත් HIV ආසාදිතයින් 165 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

මෙම ආසාදිතයින් 165 දෙනා අතරට වයස අවුරුදු 15ත් 24ත් අතර පුද්ගලයින් 25 දෙනෙකු ඇතුළත්.

ඉන් 22 දෙනෙකු පිරිමි වන අතර තිදෙනෙක් කාන්තාවන්.

එමෙන්ම පළමු කාර්තුව පුරාම වාර්තා වූ HIV ආසාදිතයින් 5176ක අතරින් 3806 දෙනෙකු පිරිමි පුද්ගලයින් වනවා.

1361 දෙනෙකු කාන්තාවන් වන අතර සංක්‍රාන්තිකයින් 09 දෙනෙකු ද ඊට ඇතුළත්.

Images - Getty ImageImages - Getty Image

Images - Getty Image

2023 වසරේ පළමු කාර්තුව තුළ AIDS ආසාදිතව පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන පිළිබඳ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වාර්තා වන්නේ.

කෙසේවෙතත් 2022 වසරේ පළමු කාර්තුව ආරම්භයේ වාර්තා වූ HIV ආසාදිතයින් සංඛ්‍යාව (4404) හා සසඳන විට 2023 වසරේ පළමු කාර්තුව ආරම්භයේ දී HIV ආසාදිතයින් සංඛ්‍යාවේ (5011) වැඩිවීමක් පෙන්නුම් කරනවා.

Images - Getty ImageImages - Getty Image

Images - Getty Image

නමුත් 2022 වසරේ සිව්වැනි කාර්තුව අවසන් මාසයේ දී HIV ආසාදිතයින් (180) වාර්තාවීමේ ප්‍රවණතාවයට වඩා 2023 වසරේ පළමු කාර්තුව අවාසනයේ වාර්තා වී ඇති HIV ආසාදිතයින් සංඛ්‍යාවේ (165) අඩුවක් දක්නට ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වාර්තාවන්නේ.

එමෙන්ම 2022 වසරේ සිව්වැනි කාර්තුව අවසන් වනවිට AIDS ආසාදිතව පුද්ගලයින් 22 ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Images - Getty ImageImages - Getty Image

Images - Getty Image

2006 ජනවාරි මාසයේදී HIV / AIDS (UNAIDS) හි ඒකාබද්ධ එක්සත් ජාතීන්ගේ වැඩසටහන මගින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තක්සේරු කර ඇති අන්දමට ‍AIDS රෝගය මුල්වරට හඳුනා ‌ගෙන ඇත්තේ 1981 වසරේ බව සඳහන්.

2021 වසර වනවිට දී ලොව පුරා HIV ආසාදිතව සිටි පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 38.4ක්.

එමෙන්ම 2021 වසරේ දී HIV ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 1.5ක් වන අතර 2021 වනවිට ලොව පුරා HIV ආශ්‍රිත රෝගවලින් මිය ගිය පුද්ගලයින් ගණන 650,000ක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ HIV දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

Images - WHO Images - WHO

Images - WHO

HIV අනුපාත විවිධ රටවල් හරහා පුළුල් ලෙස වෙනස් වන අතර ‌නොයෙක් කලාප වැඩි ආසාදිත ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

ඒ අනුව HIV වැඩිම අනුපාතය වාර්තාවන්නේ Eswatini, රාජ්‍යයෙන්.

ඒ, 19.58%ක් ලෙසින්.

Eswatini, නිල වශයෙන් මේ වනවිට Eswatini රාජධානිය ලෙස නම් කර ඇති අතර මෙය මීට පෙර ස්වාසිලන්තය ලෙස හඳුන්වනු ලැබුවා.

Images - Getty ImageImages - Getty Image

Eswatini Flag Images - Getty Image

Images - PactImages - Pact

Images - Pact

18.72%ක් ලෙස HIV වැඩිම මිළඟ ලෙසෝතෝ රාජ්‍යය ලෙස නම් කෙරේ.

බොට්ස්වානා හී වාර්තාවන HIV අනුපාතය 15.75%ක්.

දකුණු අප්‍රිකාව 14.75%ක HIV අනුපාතයක් සහ නැමීබියාව 8.9%ක HIV අනුපාතයක් සඳහන් වනවා.

Images - Getty ImageImages - Getty Image

Images - Getty Image

කෙසේවෙතත් ප්‍රතිරෙට්‍රො‍ වෛරස ප්‍රතිකාර ක්‍රම මගින් HIV ආසාදනවලින් සිදුකරන මරණ සංඛ්‍යාව අඩු කර ගත හැකි වුවද මේ සඳහා ඖෂධ ලබා ගැනීමේ හැකියාව නොමැති බවද වාර්තාවනවා.

Images - Getty ImageImages - Getty Image

Images - Getty Image