“SUGER” නැත්නම් සීනි... පාලනය කරන ජීවිත: මේ, අධිරුධිර පීඩනය ඇතිවීමට හේතු පිළිබඳ අපගේ අවබෝධය නැවත නැවතත් පරීක්ෂා කොට අපගේ ආහාර වේලෙහි සැඟවුණු සීනි පැතිරීමට එරෙහිව සටන් කිරීමට කාලයයි - වෛද්‍ය විශේෂඥයින්

MonaraMonara

Photo - UNITEDHEALTH

Colombo (Monara) June 02 – පිරිමි හෝ කාන්තාවන්ගේ හෘද රෝග ඇතිවීමට ප්‍රධානතම හේතුවක් ලෙස අධිරුධිර පීඩනය හඳුන්වන්න පුළුවන්.

මෙය මරණය කරා රැගෙන යාමට ද බෙහෙවින් ඉඩ ඇති.

පුද්ගලයෙකුගේ රුධිර පීඩනය 140/90mmHg හෝ ඊට වැඩි අගයක් ගැනීම අධිරුධිර පීඩනයයි.

මෙහි රෝග ලක්ෂණ ලෙස හිසරදය, හෘද ස්පන්දනය හෝ නාසයෙන් ලේ ගැලීම වැනි දේ පෙන්නුම් කරයි.

උදාසීව ජීවන රටාව, ආතතිය, තරබාරුකම, වෙනත් රෝග සහ ලුණු අධික ලෙස සකස් කළ ආහාර පරිභෝජනය අධිරුධිර පීඩනයට බොහෝ විට ප්‍රධාන හේතු සාධක වනු ඇති.

Photo -HealthshotsPhoto -Healthshots

Photo -Healthshots

නමුත් පර්යේෂණයන්වලදී අනාවරණ කර ගෙන ඇත්තේ, ලුණුවලට වඩා සීනි පරිභෝජනය අධිරුධිර පීඩනයට වඩාත් ඉවහල් වන බවයි.

Indianexpress.com සමග අදහස් දක්වමින්, හෘද රෝග විශේෂඥ DR.V.VINOTH පවසා ඇත්තේ, සීනි අධික ලෙස පරිභෝජනය කිරීම මීට ප්‍රධාන හේතුවක් වනු ඇති බවයි.

මන්දයත්, ඔබ සීනි පරිභෝජනය කරන විට, ඉන්සියුලින් මුදා හැරීමට පොළඹවන ඔබේ රුධිරය, ග්ලූකෝස් මට්ටම ඉහළ නංවයි.

කලක් ගතවෙද්දී මෙය ඉන්සියුලින් ප්‍රතිරෝධයට තුඩු දිය හැකි අතර එය අධිරුධිර පීඩන ගෙනදීමට ඉවහල් වනු ඇති.

එමෙන්ම ශරීරයේ සීනි මට්ටම ඉහළ යාමට, අධික තරබාරුව ද අවදානම් සාධක ලෙස විශේෂඥ DR.V.VINOTH පවසයි.

Photos - Pinkwilla Photos - Pinkwilla

Photos - Pinkwilla

මෙම කරුණු යළි යළිත් ඉස්මතු කරමින් පෝෂණවේදීයෙකු වන Bhakti Arora Kapoor පවසන්නේ, පර්යේෂණවලින් පෙනී යන්නේ අධික රුධිර පීඩනය වැඩිවීම පිටුපස ඇති ප්‍රධාන හේතුව අධික සීනි පරිභෝජනය බවයි.

ඇය පවසන්නේ, මේ, අධිරුධිර පීඩනය ඇතිවීමට හේතු පිළිබඳ අපගේ අවබෝධය නැවත නැවතත් පරීක්ෂා කොට අපගේ ආහාර වේලෙහි සැඟවුණු සීනි පැතිරීමට එරෙහිව සටන් කිරීමට කාලය බවයි.

Phots - DFD Family Doctor Phots - DFD Family Doctor

Phots - DFD Family Doctor