Coke බීලා චුයින්ගම් කන අය මේ ගැන සැලකිල්ලෙන්: ඇස්පාර්ටේම් නමැති සංඝටකය පිළිකාකාරක ද්‍රව්‍යයක් ලෙස ලේබල් කිරීමටයි WHO තීරණය කර ඇත්තේ.

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය - news.sky.com

පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනය කළ පරිදි කෝක් ආදී කෘත්‍රිම බීම වර්ගවල ඇස්පාර්ටේම් (Aspartame) නමැති විෂ සංඝටකය මගින් ශරීරයෙහි පිළිකා අවදානම් තත්ත්වයක් ඇති කරන බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණ මගින් ඇස්පාර්ටේම් යනු පිළිකා ආශ්‍රිත රෝගී තත්ත්වයන් මිනිස් ශරීර තුළ ඇති කිරීමට සාධනීය බලපෑම් සිදු කරන බවයි.

ඒ අනුව ඇස්පාර්ටේම් නමැති සංඝටකය පිළිකාකාරක ද්‍රව්‍යයක් ලෙස ලේබල් කිරීමටයි WHO තීරණය කර ඇත්තේ.

එමෙන්ම කෝක් සහිත පානයන් තුළ පමණක් ම නොව, චුයින්ගම්වල ද බහුලව මෙම ඇස්පාර්ටේම් නමැති සංඝටකය අඩංගු බවත්, චුයින්ගම් විකීමෙන් ද පිළිකා ඇති වීමේ අවදානමක් ඇති බවත් හෙළි ව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පර්‍යේෂණ අංශය පවසන්නේ (IARC) ඇස්පාර්ටේම් මගින් මිනිස් ශරීරයෙහි පිළිකා ඇති වූ බවට හමු වූ සාක්ෂි අල්ප වුව ද එය ප්‍රබල බවයි.

WHO හි ආචාර්ය ෆ්‍රැන්චෙස්කෝ බ්‍රැන්කා කියා සිටින්නේ, පැණි බීම, කෝක් අඩංගු පාන ප‍රිභෝජනයට වඩා ජලය වැඩි වශයෙන් බීමට අවධානය යොමු කිරීම වැදගත් කරුණක් බවයි.