වේලාසන වයසට යන දෑත්: දෑත්වල පියකරු බව රැකගනිමු

MonaraMonara

ඡායාරූප : Getty Image

සාමාන්‍යයෙන් වයසටත් කලින් වයසට යන ශරීරාංගයක් හැටියටයි දෑත් හඳුනාගන්න ලැබෙන්නෙ.

වැඩ කර කර ඉන්න ගමන් අත් දිහා බැලුවාම වේදනාවක් දැනෙන තරමට ඒවා වියපත් ස්වභාවයක් පෙන්නුම් කරන අවස්ථා ඔබට ඕනෑ තරම් ඇති.

ඇත්තටම ඇයි එහෙම වෙන්නෙ. කොහොමද අපි දෑත් රැකගන්නෙ, දෑත් වියපත්වීම වළක්වාගන්නේ...

මේ කතාබහ ඒ ගැන...

ඡායාරූප : Getty Imageඡායාරූප : Getty Image

ඡායාරූප : Getty Image

අපි ගොඩක් වෙලාවට වැඩි අවදානයක් දෙන්නෙ මුහුණ, හිසකෙස් ආදියට. නමුත් ඒවාට වඩා වැඩි වේගෙකින් වියපත් වෙන්නෙ, දුර්වර්ණ වෙන්නෙ, තරුණ බව ඉක්මනින් වියැකී යන්නෙ දෑත්වල.

ඒකට ලොකුම හේතුව නිතර බාහිර පරිසරයට නිරාවරණය වන ශරීරාංග අතර දෑත් ප්‍රමුඛ වීම.

මුළුතැන්ගෙය ආශ්‍රිතව ඔබ කාර්යබහුල කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දෑත්වලට හානි වෙන ප්‍රමාණය වැඩියි.

ඒ වගේම තමයි නිතර නිතර ජලයෙන් දෑත් සේදීම කියන්නෙම වියළි බව වැඩි වෙන්න හේතුවක්.

ඒ සඳහා ඔබ රසායනික ද්‍රව්‍ය අඩංගු සබන්, ෂැම්පු භාවිතා කරනවා නම් තත්ත්වය තවත් භයානකයි. එමඟින් දෑත් රළුවීම, වියළීම, ඉරි තැලීම, රැලි වැටීම නිරායාසයෙන්ම අත්දකින්න ලැබෙන තත්ත්වයන්.

විශේෂයෙන්ම විෂබීජ නාශක දියර ඔබේ දෑත්වලට කරන බලපෑම ඉතාමත් වැඩියි.

ඔන්න ඔය හේතු සාධක මත තරුණ බොහෝ දෙනකුගේ මුහුණ සහ සිරුරේ මනා පියකරුබවක් දකින්න ලැබුණත්, දෑත්වලින් පියකරු බව සුමුදු බව ගිලිහී යනවා.

ඡායාරූප : Getty Imageඡායාරූප : Getty Image

ඡායාරූප : Getty Image

මුහුණ වගේම දෑත් කියන්නෙත් කෙනෙක්ගෙ අවධානය ඉක්මනින් ලැබෙන අංගයක්. ඒ නිසාම මේ සරල උපක්‍රම සහ ක්‍රමවේද ඔබට ඔබේ දෑත් හැඩ කරගන්න උපකාර වේවි.

වැදගත්ම කාරණය නම් දෑත් පිරිසිදුව පිළිවෙළට තබා ගැනීම.

එනම් නියපොතු කපා ප්‍රියමනාපව සිටීම. ඒ සඳහා ඔබට උසස් ප්‍රමිතියකින් යුක්ත දෑත් සේදුම්කාරක භාවිතා කළ හැකිය.

එමෙන්ම තෙත් දෑත් පැනල් රෙදි කඩකින් පිස දැමීම, නිතර ඔබ වැඩ කරන අතරතුර දෑත්වල හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම, දෑත් සඳහාම වෙලාවක් වෙන් කරමින් මනාව සම්බාහනය කිරීම, දෑත්වල මැරුණු සම ඉවත් කිරීම යනාදිය ඔබට ඔබේ දෑත් රැකගැනීමට කළ හැකි සරල දේවල්...

ඡායාරූප : Getty Imageඡායාරූප : Getty Image

ඡායාරූප : Getty Image

ඉතින් එහෙනම් මේ සරල ක්‍රමවේදවලින් පටන් අරන් අද ඉදන්වත් අපි අපේ අත් දෙක ලස්සනට තියාගන්න ට්‍රයි කරලා බලමුද......