අමුද්‍රව්‍ය 03න් ගෙදරදීම අඹ ජෑම් හදමුද..?: ලාබෙට තියෙන අඹවලින්, ලේසියෙන්ම හදන්න පුළුවන්

MonaraMonara

මේ දවස්වල අඹ හරිම ලාබයි. හැමතැනම ගන්නත් තියෙනවා. ඉතිං මේ ලාබෙට තියෙන අඹවලින්, ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිත විදිහට ලේසියෙන්ම අඹ ජෑම් හදාගන්න විදිහ අද අපි කියලා දෙනවා.

* අවශ්‍ය ද්‍රව්‍ය :-

* හොඳින් ඉදුණු අඹ කෝප්ප 02 ක්

* සීනි 50 g

* දෙහි යුෂ මේස හැඳි 01 ක්

* සාදන ආකාරය :-

* අඹ හොඳින් සුද්ද කර ලෙලි හා ඇට ඉවත් කරන්න.

* අඹ කැබලි වන සේ කපා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරාගන්න.

* දැන් පිරිසිදු බඳුනකට අඹ, සීනි සහ දෙහි යුෂ එක්කර අඩු ගින්දරේ හැඳි ගාමින් විනාඩි 20 – 25ක් පමණ පිස ගන්න.

* මිශ්‍රණය දිලිසෙනසුළු පැහැයට පැමිණි පසු ලිපෙන් බාගෙන නිවෙනතුරු හැඳි ගාන්න.

* හොඳින් ජීවානුහරණය කළ බෝතල්වල අසුරා පාවිච්චියට ගන්න.

* ජෑම් එක තුල අඹ කැබලි ලෙස සිටින සේ සකසාගැනීමට ඔබට අවශ්‍ය නම් කුඩාවට චොප් කරගත් අඹ කැබලි ද එක්කර පිස ගන්න.

* ඔබ තෝරාගන්නා අඹ ඉතා හොඳින් ඉදුණු අඹ විය යුතුයි. අඹවල ඇඹුල් ගතිය වැඩි නම් එක්කරන දෙහි යුෂ ප්‍රමාණය අඩු කර සීනි ප්‍රමාණය කෝප්පයකින් පමණ වැඩි කිරීමට මතක තබාගන්න.