කළොත් ‌FACE YOGA: නොයයි වයසට බෝමා

MonaraMonara

Images - Google

අපි අපේ ශරීරයේ සෞඛ්‍ය වෙනුවෙන් ව්‍යායාමවල නිරත වනවා. ඒ වගේම තමයි මේ වනවිට ලොකේ බොහෝ පිරිසක් යෝගා අභ්‍යාසවල යෙදෙන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඉතිං මේ ශරීරය විදිහට කිව්වහම බොහෝ දෙනාගේ මතය තමයි මුහුණෙන් පහළ ප්‍රදේශයට තමයි ව්‍යායාම හෝ යෝගා අභ්‍යාස කළ යුත්තේ කියලා.. හැබැයි ඔබ දන්නවාද යෝගා තුළ මුහුණටත් අභ්‍යාස තියෙනවා කියලා.. ඔව්.. එහෙම තියෙනවා.. මේ වනකොට මේ ගැන ඔබ දන්නවා වෙන්නත් පුළුවන් නොදන්නවා වෙන්නත් පුළුවන්..

Images - Google Images - Google

Images - Google

මුහුණට යෝගා අභ්‍යාස නැතිනම් ෆේස් යෝගා අභ්‍යාස සිදුකරන්න ප්‍රධාන හේතුවක් තමයි මුහුණ එල්ලා වැටෙන ප්‍රදේශ ඔසවා තබමින් තරුණ පෙනුමක් ලබාදීම.. තාක්ෂණය වගේම වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග මේ වනවිට ශල්‍යකර්ම, ඉඳිකටු හෝ මිල අධික සම ආරක්ෂණ නිෂ්පාදන රැසක් මේ මුහුණ එල්ලා වැටීමට ප්‍රතිකාර ලෙස තිබෙනවා. එවැනි ක්‍රමවේදයන්ගෙන් තොරව මුහුණේ සම ඔසවා තබාගැනීමට ෆේස් යෝගා තුළින් ඔබට හැකියාව පවතිනවා. සෞඛ්‍ය සම්පන්න දීප්තියක් සඳහා රුධිර සංසරණය වැඩිදියුණු කර මුහුණේ ආතතිය අඩු කරන ස්වයං රැකවරණයක් විදිහට මේ ෆෙස් යෝගා හඳුන්වන්න පුළුවන්.

ෆේස් යෝගා ක්‍රම 4 ක් තියෙනවා.. The Cheek Lifter, Happy Cheeks Sculpting, The Eyebrow Lifter සහ Jaw and Neck Firmer ඒ ක්‍රම 4යි.

The Cheek Lifter

Images - Google Images - Google

Images - Google

ඔබේ මුඛය O අකුරක් ආකාරයට විවෘත කරන්න. දත් මත ඔබේ උඩු තොල තබා කම්මුල් මාංශ පේශී ඉහළට ඔසවා සිනාසෙන්න. පසුව ඇඟිලි කම්මුල් මාංශ පේශි මත සැහැල්ලුවෙන් තබන්න. ඒවා පහත් වීම සඳහා කම්මුල් මාංශ පේශි මුදා හරින්න. ඉන්පසු ඔබේ ඇස් දෙසට මාංශ පේශි තල්ලු කිරීම ගැන සිතමින් නැවත සිනාසෙන්න. 10 වතාවක් කම්මුල් පහත් කර ඔසවමින් නැවත නැවත කරන්න. 10 වැනි වතාවේදී ඔබේ මාංශ පේශි ඔබට හැකි තරම් ඉහළට තබා තත්පර 20ක් තබා ගන්න. තුන් වරක් නැවත නැවතත් කරන්න.

Happy Cheeks Sculpting

Images - Google Images - Google

Images - Google

ඔබේ දත් නොපෙන්වා සිනාසෙන්න. හැකි තරම් තොල් පෙන්වීමට උත්සාහ කරන්නාක් මෙන් ඔබේ තොල් පෙරළන්න. මුඛයේ කොන්වලින් සිනහ වීමට උත්සාහ කරන්න. පසුව ඔබේ ඇඟිලි මුඛයේ කොන්වලට තබා කම්මුල් දක්වා තල්ලු කරන්න. ඔබේ ඇස්වල කොන් දෙසට කම්මුල් දක්වා මාංශ පේශි ඔසවන්න. තත්පර 20ක් මෙලෙස ව්‍යායාමය කරන්න. ඔබේ කම්මුල්වල මාංශ පේශි තද වන බවට දැනෙන තෙක් මෙය සිදුකරන්න. ඔබ මෙය කරන විට ඔබේ මුඛයේ කොන් මගින් සිනාසෙන්න. තුන් වරක් නැවත නැවතත් කරන්න.

The Eyebrow Lifter

Images - Google Images - Google

Images - Google

ඔබේ ඇහි බැම යට ඇඟිලි තුනක් තබා ඇහැ ඇරගෙන පහළට අදින්න. මෙය කරන අතරතුරේ සිනාසෙන්න. ඉන්පසු ඔබේ ඇස් වසා ඔබේ ඇහිබැම ඔබේ හිස මුදුනට හරවන්න. තත්පර 20ක් එලෙස අල්ලාගෙන සිනාසෙන්න. තත්ත්පර 20කට පසු නිදහස් කර තුන් වරක් නැවත නැවතත් කරන්න.

Jaw and Neck Firmer

Images - Google Images - Google

Images - Google

“ආහ්” ශබ්දයක් නැගෙන ආකාරයෙන් විටින් විට මුඛය විවෘත කරන්න. යටි තොල සහ තොල්වල කොන් ඔබේ මුඛයට නමා ඔබේ යටි හකු ඉදිරියට දිගු කරන විට තදින් අල්ලා ගන්න. යටි හකු භාවිත කරමින් ඔබේ මුඛය වසා ගන්නා විට සෙමින් ඉහළට ගන්න. මෙලෙස කරන සෑම අවස්ථාවකම නිකට අඟල් 1 ක් පමණ ඉහළට ඔසවා හිස පිටුපසට ඇල කරන්න. ඔබේ පහළ හකු 10 වතාවක් විවෘත කර වසන්න. 10 වැනි අවස්ථාවේදී ඔබේ නිකට සිවිලිම වෙත යොමු විය යුතුයි. තත්පර 20ක් සිදුකර තුන් වරක් නැවත නැවත කරන්න.

Images - Google Images - Google

Images - Google

ඉතිං මේ ෆේස් යෝගා සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් ද පර්යේෂණ සිදුකර තිබෙනවා. වයස අවුරුදු 40 සිට 65 දක්වා කණ්ඩායමක් සති අටක් සඳහා දිනකට මිනිත්තු 30ක් මුහුණේ ව්‍යායාම සිදු කර ඇති අතර පසුව තවත් සති 12ක් ඔවුන් සතියකට තුන් හතර වතාවක් ව්‍යායාමවල නිරත වී තිබෙනවා. සති 20 අවසානයේදී අධ්‍යයනයට සහභාගී වූවන් ඉහළ සහ පහළ කම්මුල්වල පූර්ණත්වය වැඩිදියුණු කර තිබූ බවයි එම පර්යේෂණයෙන් සනාථ වී ඇත්තේ.

Images - Google Images - Google

Images - Google

ඒ වගේම තමයි ඔබේ වයසට යාම වැළැක්වීමේ ක්‍රමය ලෙස ෆෙස් යෝගාවලට නැඹුරු වීම ඕනම වෙලාවක නවත්තන්න පුළුවන්. නිතිපතා ඔබ මෙම ව්‍යායාමයෙහි යෙදුණොත් නිරන්තරයෙන් මුහුණ ඇදීමෙන් සහ එම මාංශ පේශිවලට ව්‍යායාම කිරීමෙන් මුහුණේ රැලි සහ සියුම් රේඛා ඇති වෙන්න පුළුවන්. මම ව්‍යායාමය සිදුකළ යුත්තේ දිනකට මිනිත්තු තිහක වගේ කාලයක් පමණයි. වැදගත්ම දේ තමයි මේ ෆේස් යෝගා වැරදි ආකාරයට සිදුකළොත් වයසට යාමේ සලකුණු වේගවත් වෙන්න පුළුවන්..

ඉතිං මෙන්න මේ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන ශරීරයේ වගේම මුහුණේ සෞඛ්‍ය සම්පන්න භාවය වෙනුවෙන් තරුණ පෙනුමක් වෙනුවෙන් නිවැරදි ආකාරයට ෆේස් යෝගාවල නිරත වන්න.ලස්සනට ඉන්න..

(මුලාශ්‍ර - නවලිය)

Images - Google Images - Google

Images - Google