ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ''ප්ලාස්ටික් තොප්පි'' පළඳින කකුළුවෝ: සාගරය වනසන ප්ලාස්ටික්වල අනිසි භාවිතයන්ට කදිම සාක්ෂියක්
ලොව පුරා වෙසෙන හර්මිට් කකුළුවන් (Hermit crabs) විශේෂය වැඩි වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙත යොමු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ඊට කදිම සාක්ෂි ලෙස අන්තර්ජාලයේ හුවමාරු වන, වනජීවී ලෝලීන් විසින් ගන්නා ලද සේයා රූ පෙන්වාදිය හැකියි.
ඒවායෙහි දක්නට ලැබෙන්නේ හර්මිට් කකුළුවන් සිය ආරක්ෂිත කවච ලෙස මෙලෙස ප්ලාස්ටික් යොදාගන්නා ආකාරයක්.
පරිසර විද්‍යාඥයන් මේ පිළිබඳව සඳහන් කරන්නේ ''අපේ කුණු ගොඩවල් තුළ සතුන් ජීවත් වනු දැකීමෙන් හද කම්පා වූ බවයි ''
ප්ලාස්ටික් යනු සාගර අපද්‍රව්‍යවල බහුලව පවතින මූලද්‍රව්‍යය වන අතර සාගර ජීවින්ට එමඟින් හානිකර බලපෑමක් ඇති කරයි.
ඒ අනුව පෘථිවියේ සියලුම නිවර්තන වෙරළ තීරයන්හි නිරීක්ෂණය වූ මෙම කකුළු විශේෂයේ හැසිරීමක් ලෙස, කකුළුවන් 16 න් 10 ක් ම මෙලෙස කෘත්‍රිම ආරක්ෂිත කවච භාවිතයේ යෙදෙන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් වර්සෝ විශ්වවිද්‍යාලයේ නාගරික පරිසර විද්‍යාඥයෙකු වන මාර්ටා ෂුල්කින් විසින් මෙලෙස පැහැදිලි කිරීමක් ද සිදුකර තිබුණා.
"අපි දැකීමට පුරුදු වී සිටින කකුළුවන් ලස්සන කටුවකින් සරසා ගන්නවා වෙනුවට,
ඔවුන්ගේ පිටුපස රතු ප්ලාස්ටික් බෝතල් පියනක් හෝ විදුලි බුබුළු කැබැල්ලක් තිබුණා..."
ඔවුන් පෙන්වා දෙන්නේ මෙලෙස ''ප්ලාස්ටික් තොප්පි'' භාවිතා කරන සතුන් 386 සොයාගත් බවයි.
"අපගේ ගණනය කිරීම් වලට අනුව,
ලෝකයේ ගොඩබිම් කකුළුවන් විශේෂ 16 න් 10 ක් මෙම ආකාරයේ නවාතැන් භාවිතා කරන අතර එය පෘථිවියේ සියලුම නිවර්තන කලාපවල නිරීක්ෂණය වී ඇත."
පර්යේෂකයන් පවසන්නේ මෙම තත්ත්වය ඔවුන්ට යම් හානියක් සිදු කරයිද යන්න තේරුම් ගැනීමට මෙන්ම, එය ඔවුන්ගේ පරිණාමයට බලපාන්නේ කෙසේද යන්න සොයා බැලීමට විද්‍යාඥයින් වෙහෙසෙන බවයි.
සාමාන්‍යයෙන් මෙම කකුළුවන් විශේෂය ඔවුන්ගේ බිඳෙනසුලු සිරුරු ආරක්ෂා කර ගැනීම සඳහා ඉවතලන ගොළුබෙල්ලන් කටු භාවිතා කරයි.
විද්වතුන් පෙන්වා දෙන්නේ ස්වභාවික ආරක්ෂක සන්නාහ නොමැති විට ඔවුන් මෙලෙස කෘත්‍රිම ආදේශක කරා ඇදෙන බව.
ඊට තවත් හේතුවක් නම් ස්වභාවික ගොළුබෙලි කටු හිගවීම.
හර්මිට් කකුළුවා, මෙලෙස ආරක්ෂිත උපක්‍රම භාවිතා කරනු ලබන්නේ විලෝපිකයන්ට ගොදුරුවීමේ ඉඩ වැඩි නිසාවෙන්.
කණගාටුවට කාරණය නම් එවන් තත්ත්වයක් තුළ කකුළුවන්ට තෝරාගැනීමට විකල්පයක් ලෙස ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් සාගරය තුළ නිසැකම තිබීම !
මෑතක දී කරන ලද අධ්‍යනයකින් අනාවරණයව ඇත්තේ අවම වශයෙන් ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 171 ක් සාගර ජලයේ පවතින බවක්.
විශේෂඥයින් අනතුරු අඟවන්නේ කිසිදු පියවරක් නොගතහොත් 2040 වන විට එය තුන් ගුණයකින් වැඩි විය හැකියි යනුවෙන්.