උයද්දි සිදුවන පුංචි අත්වැරදීම්වලට ඉක්මන් විසඳුම් මෙන්න!: ගෘහණියන්ට කියවිය යුතුම ලිපියක්

MonaraMonara

* ලුණු වැඩි වුණොත්?

උයන - පිහන වෙලාවට සිදුවන අත්වැරැදි අතර ව්‍යාංජනයකට ලුණු වැඩිවීම ලොකු අවුලක්. වැඩිය කලබල වෙන්න එපා. අමු අල ගෙඩියක් පොතු හැරගෙන එයින් පෙත්තක් කපා ව්‍යාංජනයට දැමීමෙන් වැඩි වූ ලුණු ගතිය බොහෝ දුරට අවම කරගන්න පුළුවනි.

MonaraMonara

* හොද්ද හෝ බත රොස් වුණොත්?

හොද්දක්, බතක් රොස්වීම සුළුවට හිතන්න බැහැ. නහයට වුව ද අපුල රොස් සුවඳ සහ රොස් රසය අවම කිරීමට, නොගෑ පොල් බෑයක් ගෙන හොඳින් සෝදා හොද්ද මත හෝ රොස් වූ බත් මුට්ටිය මත මුණින් අතට නමා තබන්න. රොස් ගඳ බොහෝදුරට ඉවත් වේවි.

MonaraMonara

* බත් ඇට එකින් - එකට ඇලෙනවා නම්?

විශේෂයෙන් ම ෆ්‍රයිඩ් රයිස් හදන විට, සෝදා ගරා බඳුනට දැමූ හාල්වලට මාගරින් ටිකක් එක් කිරීමෙන් බත ලිහිල්ව එකට නොඇලෙන සේ පිසගත හැකියි. ඒ විදියට සාදාගන්නා ෆ්‍රයිඩ් රයිස් මොළොක් ස්වභාවයෙන් පවත්වාගන්න පුළුවනි. වතුර වැඩිවීම නිසා බෙරි වූ බතක් උණුසුම පිටවන තුරු පියන හැර තබන්න. බත කූරු ගාමින් නිවෙන්නට තැබීමෙන් බෙරිබව සම්පූර්ණයෙන් ඉවත් නොවුණත් යම් කිසි මට්ටමකට ගැටළුව නිරවුල් ‍වේවි. බෙරි වී ඇත්තේ රතු කැකුළු බත් නම් ඇත්තටම ඔබ කරදර විය යුතු නැහැ. එහි උණුසුම් ස්වභාවය ඉවත් වූ විට බත ඉතා ඉක්මණින් සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නට හැකිවේවි.

MonaraMonara

* පරිප්පු කරිය රසට හදාගන්න බැරිනම්?

කඩල පරිප්පු පිසින විට එහි තෙම්පරාදුවට තක්කාලි පෙත්තකුත් කොත්තමල්ලි කොළ කිහිපයකුත් දැමීමෙන් පරිප්පු කරියට සුවිශේෂ රසයක් සහ සුවඳක් ලබාගත හැකියි. මෙය ඉන්දියානු ගෘහණියන් අතර ජනප්‍රිය ක්‍රමයක්. මයිසූර් පරිප්පු කරිය සාදන විටත් කෑලි මිරිස් ස්වල්පයක් දමා ‍බටර් හෝ ඔලිව් තෙල් යොදා තෙම්පරාදු කරගන්නට හැකි නම් එය ඉතා රසවත් වේවි.

MonaraMonara

* මාළුවල පිළී ගඳ යවන්න බැරිද?

කොයිතරම් සේදුවත් සමහර මාළුවල පිළී ගඳ යන්නෙ නැහැ. එය නැති කිරීමට නම් මාළු පෙත්ත ලුණු, ගොරකා දවටා හොඳින් සෝදා පසුව, මිරිකාගත් දෙහි යුෂ සහ ගොරකා යුෂ කහ සමඟ හොඳින් තවරා පැය භාගයක් පමණ තබා ඉන්පසු පිසගන්න. (කාලය අවමයි නම් පැය කාලක් පමණ සෑහේ)

MonaraMonara

* කුඩා මාළු බදින විට කැඩිලා යනවද ?

කුඩා මාළු බදින විට හරි ප්‍රවේශමෙන් කළ යුතුයි. කොතරම් ප්‍රවේශම් වුවත් මාළු කුඩුවී යන අවස්ථා එමටයි. මේ සඳහා මාළු සීසන් කරන විට දවටගන්නා ලුණු, ගම්මිරිස්වලට Corn flourද එකතු කිරීමෙන් මාළු කැඩී යෑම වළක්වාගත හැකියි. බදින විට එයට පාන්පිටි දැවටීම කරන්නේ නම් තවත් අපූරුවට මාළු බැදගත හැකිි වනවා.

MonaraMonara