තරු රැසක් වසඟයට ගත් ''වර්ණවත් විලාසිතාව'': කිසිදු අනුකරණයකට හසුනොවූ ''Hale Bob''

MonaraMonara

Hale Bob ඇඳුම් විලාසිතාව ගැන අහලා තියෙනවද

මේ ඇඳුම් විලාසිතාව නම් අනුකරණය කළ නොහැකි කාන්තා ඇඳුම් පෙළක්.

අලංකාර ලෙස නිර්මාණය කර ඇති මේ ඇඳුම් විලාසිතාව සුවපහසු වන අතර කාන්තාවන්ට ලස්සනට හැඩට අඳින්න පුළුවන්.

මෙම විලාසිතාවේ නිර්මාණකරු වන්නේ Daniel Bohbot. ඔහු අලුත් දේ නිර්මාණය කරන නිර්මාණකරුවෙකි.

ඒ අනුව මේ විලාසිතාවද ඔහු කිසිදු ආකාරයකින් අනුකරණයක් නොකර නිර්මාණය කර තිබෙනවා.

getty imagegetty image

getty image

ඔහුගේ විලාසිතා පැරණි විලාසිතාවන් නොවන බවට ඕනෑම කෙනෙකුට සහතික වෙන්න හැකියාව තියෙනවා.

getty imagegetty image

getty image

මේ Hale Bob ඇඳුම් විලාසිතාව ජනප්‍රිය වෙන්න කාරණා කිහිපයක් තියෙනවා.

1. ගුණාත්මකභාවය (Quality)

කාන්තාවන්ට පහසු ලෙස ඇඳීමට හැකියාව ඇති ඉහළ ගුණාත්මක වටිනාකමකින් යුක්ත විලාසිතාවකි මෙය.

2. සිත් ඇද ගැනීම

මේ විලාසිතාව සිත් ඇදගන්නා අතරම ඕනෑම පිරිසක් අතර කැපී පෙනෙනවා.

ඒ නිසාම මේ විලාසිතාවන් දකින විට විවිධ වර්ණයන්වලින් ඇඳුම් මිල දී ගන්න සිත් දෙනවා.

එමෙන්ම Hale Bob ඇඳුම් විලාසිතාව ලෝකයේ ඕනෑම ඇඳුම් සාප්පුවක දකින්න පුළුවන්.

උසස් ප්‍රමිතියෙන් නිර්මාණය වී ඇති මේ විලාසිතාව ඕනෑම කාන්තාවකට ගැළපෙන ලෙස ඇඳීමට හැකි ආකාරයකින් නිර්මාණය වී තිබෙනවා.

3. මිල (Price)

කැපී පෙනෙන විලාසිතාවක් නිසාම ලාභදායී මිලකට මේ ඇඳුම් ගැනීමට හැකියාව තිබෙනවා.

ලෝකයේ ඕනෑම තැනක සිට පහසු මිලකට ගැනීමට හැකි නිසාම මේ විලාසිතාවේ ජනප්‍රියත්වය තවත් ඉහළයි.

getty imagegetty image

getty image

4. ජනප්‍රිය පුද්ගලයන් Hale Bob විලාසිතාව ඇඳීම (celebrities )

ලෝකයේ ජනප්‍රියම පුද්ගලයන් මේ විලාසිතාව තෝරාගත් පිරිස අතර වෙනවා.

ඒ කියන්නෙ බොහෝ තරු Danielගේ විලාසිතාවන්ට ප්‍රිය කරන බව එයින් තේරුම් ගැනීමට පුළුවන්...

getty imagegetty image

getty image