වටලප්පන් මෙච්චර ලේසියෙන්, රහට හදන්න පුළුවන් කියලා දැනගෙන හිටියද?: ‌මේ විදිහට හදලා බලන්න

MonaraMonara

CodeArtLove (Private) Limited, Sri Lanka.

වටලප්පන් කන්න කවුද අකමැති? හැබැයි මේක හදන්න ටිකක් වෙලා යන නිසා, ගෙදරම හදන්න ගෘහණියො ටිකක් කම්මැලියි. මේ කියන්න හදන්නෙ වටලප්පන් ලේසියෙන් සහ පහසුවෙන් පිළියෙල කරගන්නා ආකාරය ගැන.

* අවශ්‍ය ද්‍රව්‍ය :-

* බිත්තර 10 ක්

* කුඩු කරගත් හකුරු ග්‍රෑම් 500 ක්

* පොල්කිරි කෝප්ප 02 ක්

* කරදමුංගු තේ හැඳි 1/2 ක්

* සාදික්කා තේ හැඳි 1/4 ක් (තිබේ නම්)

* කජු ග්‍රෑම් 50 ක් (අවශ්‍ය නම්)

MonaraMonara

* සාදන ආකාරය :-

* පොල්කිරි, හකුරු, සාදික්කා සහ කරදමුංගු බඳුනකට දමා, හකුරු දියවන තුරු කලවම් කරගන්න.

* දැන් බිත්තර වෙනම භාජනයකට දමා ගසාගන්න. එය ගසාගත් බිත්තර - හකුරු මිශ‍්‍රණයට දමා කලවම් කරගන්න.

* එම මිශ‍්‍රණය උෂ්ණත්වය දරාගත හැකි බඳුනකට දමා උඩින් කජු කැබලි ද දමා ෆොයිල් කවරයකින් සීල් කර, රයිස් කුකරයක ආධාරයෙන් මිනිත්තු 15ක් පමණ හුමාලයෙන් තම්බාගන්න.

MonaraMonara

MonaraMonara