Bad Mood ද? මේක කියවන්න...: Bad Mood එකෙන් ඇහැරුණාම ඉතිං ඒ වේලාවට අපෙන් අහන්නේ අද නැගිට්ටේ ඇඳේ කොයි පැත්තෙන්ද වගේ දේවල්..
ුColombo (Monara) June 19 –අපි උදේට ඇහැරෙද්දි සමහර දවස්වලට හොඳ Mood එකෙන් ඇහැරෙනවා..
ඒත් සමහර දවස්වලට Bad Mood එකෙන් ඇහැරෙනවා..
එහෙම Bad Mood එකෙන් ඇහැරුණාම ඉතිං ඒ වේලාවට අපෙන් අහන්නේ අද නැගිට්ටේ ඇඳේ කොයි පැත්තෙන්ද වගේ දේවල්..
Bad Mood කියන්නේ විසඳුණු නැති ප්‍රශ්නයක සලකුණක්. සමහර වෙලාවට මේවට ක්ෂණික විසඳුම් නොලැබෙන්න පුළුවන්.
හැබැයි කොච්චර ප්‍රශ්න තිබුණත් Bad Mood එක නැති කරගෙන දවස හොඳින් ගෙවන්න ක්‍රම තියෙනවා.
අංක 01 – Bad Mood එක නිකම්ම නැතිවෙන්නේ නැත්නම් ඔබම ඔබව ක්‍රියා කරවන්න.
ඒ කියන්නේ Bad Mood එකේම ඉන්නේ නැතිව කෝපි එකක් බොන්න.. නැත්නම්, අන්තර්ජාල සාප්පු සවාරි ලෝකෙට යන්න.. එකෙන් නොයෙකුත් දේ දකිද්දි ඔබේ මනස වෙනස් වෙන්න පුළුවන්..
ඒ වගේම අලුත් පොතක්, නැත්නම් අලුත් චිත්‍රපටයක් බලන්න..
ඔබේ ප්‍රියතම අවන්හලේ කෑමකට යන්න පුළුවන් නම් ඔබේ මනස වෙනම පැත්තකට යොමුවෙයි.
ඉතිං ඔබ ඔබ වෙනුවෙන් හොඳ දෙයක් කරන්න.. Bad Mood එක නැති වෙලාම යයි...
අංක 02 – අඳින්න... ලස්සනට අඳින්න.. Bad Mood එකේ ඉන්න ඔයා පොඩි වෙලාවක් අරගෙන ලස්සනට ඇඳලා ඔයාගේ ලස්සන බලන්න..
ඔයාගේ Bad Mood එක නැතිවෙලා මූණට හිනාවක් ඒවි.
“ඇඳුම”සහ“ඔබේ පෙනුම” ඔබට සිටීමට අවශ්‍ය තත්ත්වය පිළිබිඹු කරයි.
ඉතිං ඔබ ඔබ වෙනුවෙන් හොඳ දෙයක් කරන්න.. Bad Mood එක නැති වෙලාම යයි...
අංක 03 – ඇයි Bad Mood එක නිසා ව්‍යායාම කරන්නේ නැද්ද?
කරන්න.. බයිසිකලය පදින්න, ඇවිදින්න, යෝග ක්‍රියාකාරකම් කරන්න.. එතකොට ඔබේ ශරීරයෙන් හොඳ එන්ඩොර්ෆින් මුදා හරී.
එන්ඩොර්ෆින්? මොකක්ද එන්ඩොර්ෆින් කියන්නේ.. එන්ඩොර්ෆින් කියන්නේ ශරීරයට වේදනාවක් හෝ ආතතියක් දැනෙන විට නිකුත් කරන හෝමෝනයක්..
හැබැයි ව්‍යායාම, සම්බාහනය, ආහාර ගැනීම සහ ලිංගිකව හැසිරීම වැනි ප්‍රියජනක ක්‍රියාකාරකම්වලදී ද එන්ඩොර්ෆින් මුදා හැරේ.
ඉතිං ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවෙන්න... ඔබේ Bad Mood එක හරි ගිහින් දවස අපූරු වේවි..
ඉතිං ඔබ ඔබ වෙනුවෙන් හොඳ දෙයක් කරන්න.. Bad Mood එක නැති වෙලාම යයි...
අංක 04 – හිනාවෙන්න... හිනාව හොඳම ඖෂධයක්..
Bad Mood එතරම් බැරෑරුම් වෙන්නේ නැත්තේ හිනා බෙහෙත තියෙන නිසයි..
සිනහවෙන් ආතති හෝමෝන මුදා හැරීම අඩු කරනවා.. ඉතිං ඔබ මිතුරෙකු අමතා විනෝදජනක, ප්‍රීතිමත් හෝ උද්යෝගීමත් දෙයක් ගැන කතා කරන්න...
Youtube එකේ විහිළු වීඩියෝවක් නරඹන්න... හිනාවෙන්න..
ඉතිං ඔබ ඔබ වෙනුවෙන් හොඳ දෙයක් කරන්න.. Bad Mood එක නැති වෙලාම යයි...
අංක 05 – මේ කිව්ව දේවල් එක්ක මේක වැදගත්ම දෙයක්... ඇයි ඔබ ඔබේ Bad Mood එකත් එක්ක සටන් කරන්නේ නැත්තේ?
සටන් කරන්න Bad Mood එක Bad Day එක්ක වෙන්න නොදී සිතුවිලි සමග සටන් කරන්න.. නරක සිතුවිලිවලට කොහොමවත් ඉඩ දෙන්න එපා..
ඔබ ඔබේ සිතුවිලි පාලනය කරන්න.. ධනාත්මක සිතුවිලිවලට ඉඩ දෙන්න..
වැරදි පාදයකින් ඇඳෙන් බැසීමට ඉඩ දුන්නොත් ඔබේ මුළු දවසම වැඩකට නැති වෙයි
ඉතිං ඔබ ඔබ වෙනුවෙන් හොඳ දෙයක් කරන්න.. Bad Mood එක නැති වෙලාම යයි...
අංක 06 – ඇයි තවත් හිතන්නේ.. Bad Mood එකෙන් අයින් වෙලා ඔබේ දියණියත් සමග රහස් ගෙව්ෂණයේ යෙදෙන්නකෝ..
ඔබේ මිතුරෙකු මුණ ගැසී පැරණි දේවල් ගැන කතා කරන්නකෝ..
ශක්තිමත් වෙන්න සෞඛ්‍ය සම්පන්න වෙන්න අවශ්‍ය දේ කරන්නකෝ..
Bad Mood කිය කිය ඉඳලා ඉවරයි නේද?
ඉතිං ඔබ ඔබ වෙනුවෙන් හොඳ දෙයක් කරන්න.. Bad Mood එක නැති වෙලාම යයි...