බිළිිඳුන්ගේ හිසකෙස් කැපීමේ චාරිත්රය කරන්නේ මෙහෙමයි: නැකතට කළ යුතු දේවල් මෙන්න
ඈත අතීතයේ සිටම මෙරට බිළිඳෙකු උපන්විට සිදු කරන විවිධ චාරිත්ර තිබෙනවා. අද අපි කතා කරන්න යන්නෙ ළදරුවෙකුගේ මුලින්ම හිසකෙස් කැපීමේදී සිදු කරන සරල චාරිත්ර ගැන.
01. පිරිසිදු නැවුමි භාජනයකට පිරිසිදු ජලය දමා එයට සුදු සඳුන් සහ සමන් පිච්ව මල් 03ක් දමා තුණුරුවන් වඳින ස්ථානයෙහි තබන්න.
02. නැකතට විනාඩි 10කට පමණ පෙර මල් පහන්, සුවඳ දුම් පූජා කර තෙරුවන් නැමද, තෙරුවන් සරණින් සහ විෂ්ණු, කතරගම, සුමන සමන්, පත්තිනි, ගම්බාර ආදී වූ සියලු දෙවියන්ට දන්නා ආකාරයෙන් පිං අනුමෝදන් කළ යුතුයි.
03. ඉන්පසු සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් දරුවාට නිරෝගී බව හිමි වේවා, රූප සම්පත්තිය ලැබේවා, යහපතක්ම වේවා යන අධිෂ්ඨානයෙන් යුතුව ජල බඳුන අතට ගෙන ඉතිපිසෝ ගාථාව සත් වරක් කිව යුතුයි.
04. අනතුරුව බඳුනින් ජලය ස්වල්පයක් ගෙන දරුවාගේ හිස් මුදුනේ ගා අදාල නැකත සහ දිශාව බලා කෙස් ස්වල්පයක් කපා, අනතුරුව සුදුසු පරිදි කොණ්ඩය කපා ගන්න.