සතියේ ලග්න පලාපල: ජූලි 10 වනදා සිට ජූලි 16 දක්වා මේ සතිය ඔබට කොහොමද

MonaraMonara

MonaraMonara

මේෂ :

මේෂ ලග්න හිමි ඔබට මේ සතියේ ආරම්භයේදීම, එනම් 10 වැනිදා පාදවල යම් යම් ආබාධ ඇති විය හැකිය. දණහිසෙන් පහළ කොටස ගැන වඩාත් අවදානයෙන් පසුවන්න. 11 සහ 12 යන දින බලාපොරොත්තු ඉටු වන සුබ වාසනාවන්ත දින වේ. ඔබගේ ආයතනික ප්‍රධානියා හමුවී ඔබේ ඉල්ලීම් දිනාගැනීමට වඩාත් යහපත් දින වේ. 13 සහ 14 යන දිනවල ඔබේ වචනයට ඉතාම හොඳ බලයක් ලැබෙන දින ලෙස දැක්විය හැකිය. කතාව තුළින් ඔබට අන් අය වශී කරගත හැකිය. 15 සහ 16 යන දිනවල ඇති වන තරමක කලබලකාරී බව මඟහැර ,පාලනය කරගන්න. එලෙස කලබලකාරී බවක් ඇති වුවත් උනන්දුව සහ උත්සාහය මත කටයුතු සාර්ථක කරගත හැකිය. සතියේ පළමු දවස තුළ ප්‍රවෙසම් වුවහොත් මේ සතිය ඔබට වාසනාවන්ත සතියකි.

MonaraMonara

වෘෂභ :

වෘෂභ ලග්න හිමි ඔබට මේ සතියේ ආරම්භක දිනය වන 10 වැනිදා ආයෝජනයන්ට වඩාත් යෝග්‍ය දවස් වේ. මොනම හෝ දෙයක් සුළුවෙන් හෝ ආයෝජනය කිරීමට වඩාත් යහපත් වේ. 11 සහ 12 දිනවල තැන්පත් ධනය විනාශව යා හැකිය. ඇප හෝ ගිවිසුම්වලට අත්සන් තැබීමේදී ප්‍රවේසම් වන්න. නින්දට බාධා ගෙනදෙයි. 13 සහ 14 දින ඔබට අන් අයගේ ආකර්ෂණය ලැබෙන වඩාත් වාසනාවන්ත දින වේ. 15 සහ 16 දිනවල විශේෂයෙන්ම පවුල් ජීවිත තුළ තරමක් දුරට ඉවසිලිමත් විය යුතුය. සැමියා බිරිඳ භූමිකාවේ දී දුරදිග සිතාබලා කටයුතු කරන්න. සති ආරම්භය ඔබට සුබ වේ. 11 සහ 12 දිනවල ඔබ ප්‍රවේසම් වන්නේ නම් මේ සතිය සමස්තයක් ලෙස ඔබට යහපත් සතියකි.

MonaraMonara

මිථුන :

මිථුන ලග්න හිමි ඔබට 10 වැනිදා දින ව්‍යාපාරවලට ,රැකියාවලට සුබ ඵල ගෙනදෙයි. ඔබේ නිවසේ අලුත් වැඩියාවක් කිරීමට හෝ නිවසේ මොනයම් හෝ වෙනසක් කිරීමට යහපත් වේ. 11 සහ 12 යන දිනවල නව මිත්‍ර හඳුනාගැනීම්වලට හෝ පැරණි මිත්‍රත්වයන් අලුත් කරගැනීමට යෝග්‍යයි. 13 සහ 14 යන දිනවල ඔබට සුව නින්දක් ගෙන දෙයි. ලස්සන, සුන්දර දෑ වෙනුවෙන් මුදල් වැයකරන දින වේ. 15 සහ 16 දිනවල ඔබට ඔබේ ජීවිතයේ බලාපොරොත්තු ඉටු කරන, වැඩිහිටි ආශීර්වාදය ලැබෙන සුබ දිනයන් වේ. සමස්තයක් ලෙස මේ සතිය ඔබට සුබ සතියකි.

MonaraMonara

කටක :

කටක ලග්න හිමි ඔබට 10 වැනිදා විදෙස්ගත වීමට යහපත් දිනයක් වේ. අනාගතයේ විදෙස්ගත වීමකට වුව එදින කටයුතු, සැලසුම් සිදුකිරීම සුබ ඵල ගෙනදෙයි. 11 සහ 12 යන දින නව ආරම්භයකට සුබ දිනයන් වේ. එය රැකියාවක් හෝ නිවසේ අලුත් කිරීමක් විය හැකිය. අත්හදා බැලීම්වලට සුබයි. 13 සහ 14 යන දිනවල ඔබට මැනවින් ආකර්ෂණය ලැබේ. රස ආහාර භුක්ති විඳීමට ඔබට ඉඩක් ලැබේ. ආදායම යහපත් වේ. 15 සහ 16 යන දින ඔබ සතු වටිනා දෑ කැඩී බිඳී විනාශව යාම අවම කරගැනීමට උත්සාහ කළ යුතු දිනයන් වේ.

MonaraMonara

සිංහ :

සිංහ ලග්න හිමි ඔබට 10 වැනිදා අනතුරු සිදුවිය හැකි දිනයකි. කල්පනාවෙන් කටයුතු කරන්න. ක්ෂණික තීරණ ගැනීමට සුදුසු දිනයක් නොවේ. 11 සහ 12 දින රැකියාවලට සහ ව්‍යාපාරවලට සුබයි. දුර බැහැර සබඳතා වර්ධනය කරයි. ඔබ විශ්වාස කරන ආගම දහම කෙරෙහි වඩාත් උනන්දු වේ. හුදකලාව ප්‍රිය කරයි. 13 සහ 14 දිනවල කරන කියන දේ සාර්ථක කරයි. සති අන්තය දීර්ඝ ගමනක යෙදෙයි. දුර බැහැර මිතුරෙක් සමඟ සබඳතා අලුත් කරයි. මේ ඔබට ක්‍රමානුකූලව සුබ ඵල ගෙනදෙන සතියකි.

MonaraMonara

කන්‍යා :

කන්‍යා ලග්න හිමි ඔබට 10 වැනිදා දිනය මංගල යෝජනා උදා කරයි. විවාහකයන්ගේ පවුල් සංස්ථාව තුළ ආදරය දළුලයි. හවුල් ව්‍යාපාරවලට සුබයි. දියුණුවක් ගෙනදෙයි. 11 සහ 12 යන දිනවල කල්පනාකාරී වන්න. කරන කියන දෑ තුළ ඔබ අතරමං විය හැකිය. දවසේ කටයුතු නිසි ලෙස සැලසුම් කරගන්න. විශ්වාසයෙන් වැඩ කරන්න. 13 සහ 14 යන දිනවල ඔබට විදෙස්ගතවීම්වලට සුබයි. විදෙස්ගත සබඳතා වර්ධනය කරයි. වැඩිහිටි ආශිර්වාදය ලැබේ. 11 සහ 12 යන දිනවල ප්‍රවේසම් වුවහොත් මේ ඔබට යහපත් සති අන්තයක් ගෙනෙන සුබ ඵල ඇති සතියකි.

MonaraMonara

තුලා :

තුලා ලග්න හිමි ඔබට 10 වැනිදා දිනය සතුරු බලවේග වර්ධනය වන දිනයකි. සතුරන් ඇති නොවන ලෙස කටයුතු කරන්න. වචනයෙන්, ක්‍රියාවෙන් ප්‍රවේසම් වන්න. 11 සහ 12 යන දිනවල හවුල් ව්‍යාපාරවලට සුබ වේ. විනෝදයට ඉඩ ලැබේ. සැමියා බිරිඳ, පෙම්වතා පෙම්වතිය නිසාවෙන් සතුටක් ප්‍රීතියක් ගෙනදෙයි. 13 සහ 14 යන දිනවල ජලයෙන් ප්‍රවේසම් වන්න. සෙම් රෝග ඇතිවිය හැකිය. 15 සහ 16 යන දිනවල උසස් අධ්‍යාපනය ලබන අයට යහපත් වේ. හොඳ දැනුමක් ලැබෙන දවස් වේ. විභාග ජය ලැබේ. මේ සතිය ඔබට සුබ ඵල වැඩි සතියකි.

MonaraMonara

වෘශ්චික :

වෘශ්චික ලග්න හිමි ඔබට 10 වැනිදා දිනය පෙර පින් මතුවන දිනයකි. ඔබගේ හිත ලෞකික දේවල්වලට සාපේක්ෂව අධ්‍යාත්මික අංශයට නැඹුරු වේ. යහපත් දරුවන් බිහිවන දිනයකි. පෙර පින් සතිත දරුවන් බිහිකරයි. ඉගෙන ගන්නා අයට යහපත් වේ. 11 සහ 12 යන දිනවල වෙනදාට වඩා වෙහෙසීමට සිදු වේ. වෙනදාට වඩා ගතට සිතට වෙහෙසක් ගෙනදෙයි. 13 සහ 14 දින ඔබට ආදරණීය මංගල යෝග උදාවන දිනයන් වේ. විවාහය සම්බන්ධ කටයුතුවලට සුබයි. ඔබේ හිතේ ඇති ආදරය ප්‍රකාශ කිරීමට වඩාත් සුදුසු දිනයන් වේ. 15 සහ 16 යන දිනවල ශරීර සෞඛ්‍ය පීඩා ගෙනදිය හැකිය. ප්‍රවේසම් වන්න.

MonaraMonara

ධනු :

ධනු ලග්න හිමි ඔබට මේ එතරම් සුබ මාසයක් නොවේ. හිස ප්‍රවේසම් කරගන්න. හදිසි අනතුරු බහුලය. විවිධ පීඩා ගෙනදෙයි. 10 වැනිදා ඔබේ නිවස පොළොව සම්බන්ධ කටයුතුවලට සුබ වේ. නව නිවසක් ඉදිකිරීමට සුබයි. 11 සහ 12 දිනවල ඔබට ඔබේ දරුවන් වෙනුවෙන් වෙහෙසීමට යහපත් දිනයන් වේ. 13 සහ 14 යන දිනවල ඔබට සුළු ලාභ ගෙනදෙයි. 15 සහ 16 යන දින ව්‍යාපාරවලට, රැකියාවලට, ප්‍රේමයට සුබ වේ. බලාපොරොත්තු නොවන උදව් උපකාර ලැබිය හැකි සති අන්තයකි.

MonaraMonara

මකර :

මකර ලග්න හිමි ඔබට 10 වැනිදා සහෝදර පාර්ශවයේ උදව් ලැබී කටයුතු සාර්ථක වන දිනයකි. කෙටි ගමන් යෙදේ. ඉක්මන සහ හදිස්සි දේවල්වලට පෙළඹේ. 11 සහ 12 සැමියාගේ හෝ බිරිඳගේ දේපල කෙරෙහි වෙහෙසීම වැදගත් වේ. ඒ පිළිබඳව වෙහෙසීම තුළ ඔබට එය ලබාගත හැකිය. නිවස අලුත්වැඩියාවකට සුබයි. තරග විභාගවලින් 13 සහ 14 දිනවල ජය ලැබේ. ඕනෑම කටයුත්තකින් ජය ගෙනෙයි. 15 සහ 16 සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් වන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න.

MonaraMonara

කුම්භ :

කුම්භ ලග්න හිමි ඔබට 10 වැනිදා වචනයට ඉඩක් ලැබෙන දිනයකි. ඔබේ ව්‍යාපාරවලට සුබයි. සුළු හෝ ආයෝජනයක් සිදු කරන්න. ප්‍රතිඵල ගෙනදෙන ආරම්භයකි. 11 සහ 12 දිනවල ක්‍රීඩකයන්ට, සටන්කරුවන්ට ඉතාම සුබ දින වේ. ජවය වර්ධනය වේ. සාමාන්‍ය ඔබටත් ඕනිම දෙයක් කිරීමට හැකි ශක්තියක් ලැබේ. අභියෝග භාර ගනියි. 13 සහ 14 යන දිනවල මවගේ හෝ මව් පාර්ශවීය ආදරය ගෞරවය ලැබේ. විශේෂයෙන්ම පත්තිනි මෑණියන් වන්දනා මාන කරන ඔබට හොඳ ආශිර්වාදයක් ලැබේ. 15 සහ 16 අධ්‍යාපනයට සුබ වේ. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන සතියකි.

MonaraMonara

මීන :

මීන ලග්න හිමි ඔබට 10 වැනිදා දින බලාපොරොත්තු කිහිපයක් ඉටුකරගත හැකි දිනයකි. ජීවිතයට අලුත් දේවල් ලැබේ. බලාපොරොත්තු ඉටු වේ. ලස්සන ඇඳුමක්, රස ආහාර ඔබට ලැබේ. 11 සහ 12 යන දින ආයෝජනවලට සුබ වේ. පවුල් ජීවිතවල ගැටළුවලට විසඳුම් ලැබේ. 13 සහ 14 ඔබේ නිර්මාණශීලි හැකියාවන් වර්ධනය වේ. ඔබේ නිර්මාණවලට වැඩි ඉඩක් ලැබේ. ඔබට ආකර්ෂණය ලැබේ. 15 සහ 16 දිනවල මධ්‍යස්ථව සුබඵල ගෙනදෙයි.

දිමුත් රංගන

ප්‍රවීණ ජෝතිර්වේදී අංක ශාස්ත්‍රඥ