වෘෂභ ඔබේ කලාත්මක හැකියාවට ඉඩක්.. කටක ලග්න හිමියන්ගේ කිරි සිහින සැබෑ වෙයි.. මකර ඔබට මංගල සීනු: අගෝස්තු 14 වනදා සිට අගෝස්තු 20 දක්වා මේ සතිය ඔබට කොහොමද

MonaraMonara

MonaraMonara

මේෂ :

මේෂ ලග්න හිමි ඔබට අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල රැකියාවේ, ව්‍යාපාරයේ නව අදහස් ඇති වන දිනයන් වේ. රැකියා ව්‍යාපාර සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට වඩාත් යහපත්. 17 සහ 18 යන දිනවල විදෙස් සබඳතා වර්ධනය වේ. වෙනත් භාෂාවක් හැදෑරීමට අපේක්ෂා කරන ඔබට වඩාත් යහපත් වේ. යම් අසනීපයක් සම්බන්ධව ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය. 19 සහ 20 යන දිනවල ශරීර සෞඛ්‍ය පිරිහී යා හැකි බැවින් ප්‍රවේසම් වන්න. එමෙන්ම ඔබේ මවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ද තරමක් සැලකිලිමත් වන්න.

MonaraMonara

වෘෂභ :

වෘෂභ ලග්න හිමි ඔබ නිර්මාණකරුවෙක් නම්, අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල ඔබේ කලාත්මක හැකියාවන් තියුණු වන වර්ධනය වන දිනයන් වේ. ඔබේ නිර්මාණයන් කතාබහට ලක් වේ. 17 සහ 18 යන දිනවල පිය පාර්ශවීය සබඳතා වර්ධනය වේ. දෙමාපිය සහය මත කටයුතු සාර්ථක කරයි. දෙමාපිය ආශිර්වාදය ලැබේ. 19 සහ 20 යන දිනවල ඔබේ දරුවන්ගේ සාර්ථකත්වයක් අත්විඳිය හැකිය. සමස්තයක් ලෙස මේ ඔබට සාර්ථක සතියකි.

MonaraMonara

මිථුන :

අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල මිථුන ලග්න හිමි ඔබේ පවුල් ජීවිතයේ පැවති අසමඟිකම් දුරුව යයි. අමනාපකම් පහව යයි. අවිවාහක ඔබට පැවති ගැටළු පහව යනු ඇත. පෙම්වතුන් අතර පැවති ආරවුල් විසඳේ. ගැටුම් නිරාකරණය වේ. සමඟිය ආරක්ෂා කරයි. 17 සහ 18 යන දිනවල උදාරත්වයක් අභිමානයක් වර්ධනය වේ. විශ්වසනීයත්වය වර්ධනය වේ. 19 සහ 20 යන දිනවල නිවස පොළොව සම්බන්ධ ඕනෑම කටයුත්තකට සුබයි. සමස්තයක් ලෙස මේ ඔබට යහපත් සතියකි.

MonaraMonara

කටක :

අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල කටක ලග්න හිමි ඔබගේ සාර්ථකත්වයක් දැකිය හැකිය. බලාපොරොත්තු ඉටු වේ. දරු ඵල අපේක්ෂාවෙන් පසුවන ඔබේ බලාපොරොත්තු ඉටු වේ. පත්තිනි මෑණියන් වන්දනා මාන කිරීමට ඉතා යහපත් දිනයන් වේ. අනාගතය සම්බන්ධව පියවරක් හෝ ඉදිරියට යා හැකි දවස් වේ. නිර්මාණශීලි කටයුතු සාර්ථක කරයි. දෙවියන් උදෙසා පහන් තැබීමට, භාරවීමට සුබ දිනයන් වේ. 17 සහ 18 යන දිනයන් අයෝජනවලට යහපත් දිනයන් වේ. ව්‍යාපාරිකයන්ට සුබ ඵල ලැබේ. ජීවිතයට පාඩම් උගත හැකි දිනයන් වේ. නව දැනුමක් එකතු කර ගනියි. 19 සහ 20 යන දිනවල සහෝදර පාර්ශවයේ උදව් උපකාර ලබා සාර්ථක විය හැකිය.

MonaraMonara

සිංහ :

සිංහ ලග්න හිමි ඔබට අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල ශරීර සෞඛ්‍ය යහපත් වේ. විවේකීව කටයුතු කළ හැකිය. නින්දට වැඩි ප්‍රියක් දක්වයි. සයනයේ සුවය ළඟා කරයි. අධික මුදල් වියදම් වීමක් පෙන්නුම් කරන අතරම මුදල් ලැබීමකට ද ඉඩ ඇත. 17 සහ 18 යන දිනවල සාපේක්ෂව සුබ තත්ත්වයක් දැකිය හැකිය. බලාපොරොත්තු ඉටු වේ. ඔබට යා යුතු මාර්ගය හෙළි පෙහෙළි වේ. 19 සහ 20 යන දිනවල ආයෝජන සිදුකිරීමට බලාපොරොත්තු ඇත්නම් ඒවා සඵල කරයි. ව්‍යාපාරයක් හිමි ඔබේ වර්ධනයක් දැකිය හැකිය. නව සැලසුම් ක්‍රියාත්මක කරයි. මේ ඔබට සුබ ඵල ගෙනෙන සතියකි.

MonaraMonara

කන්‍යා :

කන්‍යා ලග්න හිමි ඔබට අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල සියලු ලැබීම් පෙන්නුම් කරන අතරම ඔබේ සාර්ථකත්වය ළඟා කරයි. රැකියාවක නියුතු ඔබේ ආදායම තර වේ. පැහැදිලි වර්ධනයක් දැකිය හැකිය. ව්‍යාපාරවල විකුණුම් ධාරිතාව වර්ධනය වේ. සුළු ව්‍යාපාරයක් වුව සාර්ථක කරගත හැකිය. 15 සහ 16 යන දිනවල වෙනදාට සාපේක්ෂව වැඩි ආදායමක් ලද හැකිය. 17 සහ 18 යන දිනවල පෙර ලැබීම් සකසුරුවමින් පාවිච්චි කළ යුතු දිනයන් වේ. අනවශ්‍ය මුදල් වියදම් වීමක් පෙන්නුම් කරයි. වටිනා යමක් නැති විය හැකි බැවින් ප්‍රවේසම් වන්න. 19 සහ 20 යන දින සුබ වන අතර බලාපොරොත්තු ඉටු වේ. කළ යහපත් දෑවල ප්‍රතිඵල ලැබේ. සතිය මැද තරමක් කල්පනාකාරී වුවහොත් සමස්තයක් ලෙස මේ ඔබට යහපත් සතියකි.

MonaraMonara

තුලා :

තුලා ලග්න හිමි ඔබ අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල කරන බොහෝ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ගෙනදෙයි. එමෙන්ම ඔබ තරමක් සංවේදී විය හැකි දිනයන් වේ. පමණට වඩා සංවේදී වීම අවාසිසහත විය හැකි බවත් මතක තබා ගන්න. 17 සහ 18 යන දිනවල ධන ලැබීම් පෙන්නුම් කරයි. ව්‍යාපාරවලට සුබ වේ. ආගමික සහ සමාජ සේවා කටයුතුවලට උදව් උපකාර කළ හැකි දිනයන් වේ. 19 සහ 20 යන දිනවල ආයතනික ප්‍රධානීන් සමඟ අතේ දුරින් කටයුතු කරන්න. පිරිස් ආශ්‍රය කිරීමේදී කල්පනාකාරී වන්න. සති අග කල්පනාකාරී වුවහොත් මේ ඔබට යහපත් සතියකි.

MonaraMonara

වෘශ්චික :

වෘශ්චික ලග්න හිමි ඔබට අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල උසස් අධ්‍යාපන කටයුතුවලට සුබ ඵල ගෙන දෙයි. ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතුවලට යහපත් වේ. දුර බැහැර ගමන් යෙදේ. ඒ සඳහා සැලසුම් සකස් කරයි. වැඩිහිටි උදව් උපකාර ලැබේ. 17 සහ 18 යන දිනවල නිවසේ අලුත්වැඩියාවන්ට සුබ වේ. නව නිවසක වැඩ ආරම්භ කිරීමට යහපත් වේ. පිය පාර්ශවයේ සබඳතා වර්ධනය කරයි. 19 සහ 20 යන දිනවල ධන ලාභ ලැබේ. ව්‍යාපාර සාර්ථක වේ. අත්හදා බැලීම් සාර්ථක කරයි. මේ ඔබට යහපත් සතියකි.

MonaraMonara

ධනු :

අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල ධනු ලග්න හිමි ඔබට නොදැනීම සතුරන් වර්ධනය විය හැකිය. නොකී නොකළ යමකට වැරදිකරුවෙක් විය හැකි බැවින් ප්‍රවේසම් වන්න. වචනයෙන් ප්‍රවේසම් වන්න. 17 සහ 18 යන දිනවල උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදෙස් ගතව සිටින ඔබට යහපත්. රටකින් රටකට යාමට අවස්ථාව ලැබේ. අන්තර් පුද්ගල සබඳතා වර්ධනය වේ. 19 සහ 20 යන දිනවල ජවය මත සාර්ථක විය හැකිය. ආත්ම ශක්තිය වර්ධනය වේ. ඉදිරිපත් වන ඕනෑම යමකින් ජයග්‍රහණ අත්කර ගත හැකිය.

MonaraMonara

මකර :

අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල මකර ලග්න හිමි ඔබේ විවාහය සම්බන්ධ බලාපොරොත්තු සඵල කරයි. ප්‍රති විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය වැඩි වේ. පවුල් ආරවුල් විසඳේ. අවිවාහක ඔබට මංගල සීනු හැඬවෙන දිනයන් වේ. 17 සහ 18 යන දිනවල අනතුරක් සිදුවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. වැටීමක්, තැලීමක් සිදුවිය හැකිය. එමෙන්ම අලාභයක් , පාඩුවක් සිදුවිය හැකිය. 19 සහ 20 යන දිනවල තරමක යහපත් බවක් දැකිය හැකිය. ආගම කෙරෙහි වඩාත් නැඹුරු වේ. මේ ඔබට සතිය මුල යහපත් වුවත් සති මැද තරමක් ගැටළුකාරී වන සතියකි.

MonaraMonara

කුම්භ :

අගෝස්තු 14, 15 සහ 16 යන දිනවල කුම්භ ලග්න හිමි ඔබට විරුද්ධව ඇති බලවේග පිළිබඳව හොඳින් හඳුනාගත හැකිය. එනම් ඔබට ඔබේ සතුරන් හඳුනාගත හැකිය. අවබෝධයක් ඇති කරගත හැකිය. එමෙන්ම 15 සහ 16 යන දිනවල ඔබට සුළු වස්තු ලාභයක් ලැබිය හැකිය. ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. 17 සහ 18 යන දිනවල ඔබට හවුල් ව්‍යාපාර සාර්ථක කරගත හැකි දිනයන් වේ. ඒවායින් යම් ප්‍රතිලාභයක් ලැබිය හැකිය. ඔබ අලුතෙන් යමක් හවුලේ ආරම්භ කිරීමට අදහස් කරනවා නම් මේ ඊට යහපත් කාලයකි. එමෙන්ම ලාභ නොලබන යම් ආගමික කටයුත්තකට මුල පුරන්නේ නම් ඊටත් යහපත් කාලයකි. 19 සහ 20 යන දිනවල යටි බඩ ආශ්‍රිත රෝගාබාධ ගෙනදෙයි. තුනටිය ආශ්‍රිත ආබාධ දැනටමත් පවතියි නම් ප්‍රවේසම් වන්න. ඔබ කල්පනාකාරීව කටයුතු කරනවා නම් මේ ඔබට යහපත් සතියකි.

MonaraMonara

මීන :

මීන ලග්න හිමි ඔබට අගෝස්තු 14 ,15 සහ 16 යන දිනවල ඉගෙනුමට යහපත් දිනයන් වේ. සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය. විභාග ජය අත් වේ. ඔබ කරන බොහෝ කටයුතු සාර්ථක වේ. සතුට විනෝදය රජයයි. නිවස තුළත් සතුට සාමය වැඩේ. 17 සහ 18 යන දිනවල ශරීර සෞඛ්‍ය පිරිහී යා හැකිය. සතුරන් බලවත් වේ. සෘජු ප්‍රතිපත්ති තුළ දුබල බවක් දැකිය හැකිය. 19 සහ 20 යන දිනවල යහ ගුණ ධර්ම වර්ධනය වේ. අනෙකාට උදව් කිරීමට සිත් පහළ වේ. සතිය ආරම්භය ඔබට සුබ වන බැවින් සති මැද ප්‍රවේසමෙන් කටයුතු කළහොත් මේ ඔබට යහපත් සතියකි.

දිමුත් රංගන

ප්‍රවීණ ජෝතිර්වේදී අංක ශාස්ත්‍රඥ