'ඔයා හරි පුදුම මිනිහෙක් අයියෙ! මට වැඩිපුරම ආදරේ පිරිමියා ඔයා! එයා නැතිවුණා කියලා ආදරේ නැතිවෙන් නෑ!': ශෙවින් මෙහේ නෑ! ඒත්... ඈට 'එපා කියන්න' ඔබට අයිතියකුත් නෑ!!
'සමාධි ෆ්‍රැන්සිස්'ට තිබුණා 'දිග කතාවක්' කියන්න. (ඒත් ඒ කතාවට ඇහුම්කන් දෙන්න හුඟක් උනුන් හිටියේ නෑ.....)
ගොඩක් උනුන් ඈ එක්කලා 'වෛර' බැඳගත්තා. ඈව උන් 'දඬුකඳේ' ගැහුවා හිතූ මනාපයට. අවසානයක් වෙනකන් ඈට සිද්ධ වුණා, ඇගේ ජීවිතේ අයිතිවත් නැති 'උන් ටිකක්' ඈ ගැන 'තීන්දු-තීරණ' ගන්නකන් බලන් ඉන්න.
සමාධි - ශෙවින් කියන්නෙ ඒ සමයේ 'සමාජ මාධ්‍ය' ඇතුළේ 'කතාබහට' ලක්වුණු යුවළක්. ඒ දෙන්නාගේ 'ආදර කතාව' අනිත් එකාලටත් තදින්ම දැනෙන්න ගත්තෙ 'ශෙවින්'ගේ මරණයත් එක්ක.
ශෙවින් හදිසියේම 'ජීවිතේ' දාලා යන්නෙ 'උඩ තට්ටුවකින්' පහළට වැටිලා. ඒ 'මරණය' සැක සහිත එකක් වුණත්, ගොඩක් උනුන් ඒ මරණයට උන්ට 'වාසි සහගත' විදිහේ 'තීරණ' දීලා තිබුණා.
'වැට්ටුවා කියලත් හිතෙනවා දැන් නම්.. එයත් එක්ක හිටපු කට්ටිය. පොලිස් පොතේ ලියලා තියනවා ඒගොල්ලන්ගේ නම්.. ඒ සිද්ධිය. මම එයා එතැනට යනවා කියලවත් දන්නෑ....' (ඒ සමාධි කියන කතාව...)
'සමාධි'ට ලෝකයක් අනුකම්පා කළා. ඒ ඈ 'අහිමිවීමක්' නිසා විඳවන්න ගත්තට පස්සෙ. ඒත් ඒ සැණින් ඈ ආයෙම වතාවක් 'නන්නාඳුනන එකෙකුව' කැන්දන් එනවා.
ඊළඟට ඒ එකා එක්කලා 'සතුටු සමාගමේ' යෙදෙන ඡායාරූප පවා මුහුණු පොතට එක්කහු කරනවා.
හැමෝම ඈ එක්කලා 'කෝප ගන්නෙ' එතැන ඉඳන්. ඇගේ 'ජීවිතේ' ඈටම අයිති එකක් වුණත්.. හුඟක් උනුන් ඈට 'දඬුවම් දිය යුතුයි' කියන තැන හිටියා. (ඈ මේ පරම පිවිතුරු ආදරය කිළිටි කළා කියලත්, ශෙවින්ගේ මරණය ඈ 'සැළසුම් කළා' කියලත් හැම එකාම චෝදනා කරන්න ගත්තා...)
'ආදරේ කියන එක, එයා නැතිවුණා කියලා ආදරේ නැතිවෙන්නෙ නෑ. ඉතින් කොාහොමද කියන්නෙ, බැන්ඳ ගමන් ඒක අයින් වුණා, අයින් කළා කියලා. මට හිත හදාගන්න පුළුවන් වුණා. මොකද මම මං ගැන හිතුවා. මොකද තවදුරටත් එයා නෑ. මම වැරදියි කියලා හිතන්න තිබුණා, එයා වැටිච්ච වෙලාවේ මම අයින් වුණා නම්...' (මේ ඈ අවසානයට කිවුව කතාව...)
සමාධිටත්, අනිත් උනුන්ටත් සමාධිගේ 'අතීතය' දැන් එහෙම් පිටින්ම අමතක වෙලා ගිහින්. වෙනදා හුරුවට 'සමාධි'ගේ පෝස්ටුවක් හෝ අපවිත්‍ර කරන්න එන යන උන් අඩුයි.
ඇත්තටම මේ ජීවිතේ අයිති 'සමාධි'ට. ඒක ඈ ලැබුව, ඈට අයිතියි කියන හැඟීමක්. ඉතින් ඒ 'ආදරේ' අමතක කෙරුවා කියනව නම් හරි... ඒ ආදරේ වීසි කෙරුවා කියනවා නම් හරි... නැත්තම් අමාරුවෙන් 'පපුවේ කෙළවරක' තියන් ඉන්නව නම් හරි... ඒක 'සමාධි'ට අයිති එකක්. ඒක සමාධි තීරණය කරපුවාවේ.
වර්තමානයට එන්න ඔබත්... මේ 'සමාධි', ඇගේ ආදරණීය ප්‍රේමවන්තයාගේ උපන්දිනයදා ලියපු එකක්. (පහළින් බලන්න...)
'සුභ උපන්දිනයක් අයියෙ! ඔයා ගොඩක් වටින කෙනෙක්... සමහර වෙලාවට මට හිතෙනවා ඔයා තරම් කෙනෙක් මන් deserve කරන්නැ කියලත්... එතරම් ඔයා හොදයි... මන් දන්නවා ඔයාට පාලුයි.... එත් සමහර වෙලාවට පාලුවත් හරි ලස්සනයි.... ඔයා තරම් ඉවසන... මාව තෙරුම් ගන්න දගලන... මගෙ මොඩ වැඩ වලට උදව් කරන.... මට ආදරෙ කරන කෙනෙක් නැතුව ඇති... මන් හොදටම දන්නවා මට වැඩියෙන්ම ආදරෙ කරන පිරිමියා ඔයා කියලා... මාව වැඩියෙන්ම ඔනෙ මට වැඩියෙනම වටිනාකමක් දෙන පිරිමියා ඔයා කියලා... මන් දන්නවා සමහර වෙලාවට මන් කියන දෙවල් ඔයාට අපබ්බ්‍රන්ශ වගෙ... එත් ඔයා තෙරුම් ගන්න උත්සාහ කරන එකම වටිනවා... අහන් ඉන්න එකම ලොකු දෙයක්.... මෙ මොඩ ලෝකෙ මට ඔනෙ විදියට ඉන්න... මාව මන් විදියට පිලිගත්ත... මන් කරපු ආදරෙට ගරු කරන... හරි පුදුම මනුස්සයෙක් ඔයා.... මගෙ හිස් තැන් වලට ආදරෙ කරන... මන් වගෙ ආදරෙ හිදිච්ච මනුස්සයෙක්ට ආදරෙ කරන... ඔයා හරි පුදුම මිනිහෙක් අයියෙ... ගොඩක් අය එක්ක මට ඔයාව සැසදෙනවා... එතකොට අන්තිමට මට ආදරෙ කිරිම කියන තැනදි ඔයා උඩින්ම ඉන්නවා... මාවම ඔයා තෝර ගන්නවා... මන් පිලිගන්නවා මට අමාරුයි ඔයා වගෙ ලොකුම ලොකු ආදරයක් කරන්න.... එ කතාවෙදි ඔයා හැමද්දම දිනනවා...මන් හැමනිතරම කියනවා වගෙ අපි දැන්නැ හෙට... එත් ඉන්න මොහොතෙ සතුටින් ඉමු.... මට හම්බුනෙ ගැනු පෙරුම් පුරන පිරිමි චරිතයක්.... සමහර වෙලාවට ඔයාගෙ ආදරෙ ලොකු වැඩි කමටද මන්‍ද මට මාව පෙන්නෙත් නැ... මාව අල්ලන් යනවට ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා... මට ආදරෙ කරනවට ගොඩක් ස්තුති. ඔයා හරි වටිනවා... ඉතින් සුභ උපන්දිනයක් මගෙ දරුවෝ!'