'මම වයිෆ් නොම්බර 8.. මට කලින් හත් වතාවක් එයා බැඳලා! මාව ඩිවෝස් කරලා කලින් කෙනාව ආයෙ බැන්ඳා!': ඔව්! මේ එයා !! ගාමිණි ෆොන්සේකා මහත්තයාගේ නෝනා!
'ඇන්ජලා සෙනවිරත්න' නම් ඈව ගොඩක් දෙනෙක් ඇඳිනුවේ 'ගාමිණි ෆොන්සේකා මහත්තයාගේ නෝනා' විදිහට.
මීට දශක කිහිපයකට පෙරදී (හරියටම කිවුවොත් 1984දී) ඈ ලංකාවේ රූ රැජින විදිහටත් කිරුළු පළඳිනවා.
ඉන් අනතුැරුව...... කලා ක්ෂේත්රයට පිවිසෙන ඈ සම්මානනීය රංගන ශිල්පිනියක් විදිහට අසීමිත 'ප්‍රේක්ෂක ආදරය' ලබන්නට වුණා.
ඇන්ජලා මීට වසර කිහිපයකට කලින් අසාධ්‍ය 'රෝගී තත්ත්වයකට' මුහුණ දුන්නා කියන එකත් රහසක් නෙවෙයි. ජීවිතේ 'තීරණාත්මක' තැනක නතර වුණා වුණත්.... ඈ අවසානය දක්වා 'සටන්' කරන්න ගන්නවා. ඒ 'සටන' අවසානයේ ඇය ජයග්‍රහණය කරනවා.
'මට වකුගඩුවක් බද්ධ කරන්න තිබුණේ. මට වකුගඩුවක් දුන්නේ අවුරුදු 44ක මුස්ලිම් කාන්තාවක්. මම ඇයට ගොඩක් පින් දෙනවා. මේ සඳහා පරිත්‍යාගශීලියෙක් හොයාගන්න මාස 9ක කාලයක් බලන් ඉන්න වුණා. මාධ්‍යත් මට ගොඩක් උදවු කළා.'
'රෝගය පස්වැනි අදියරටම ගියාට පස්සෙ ජයවර්ධනපුර රෝහලෙන් කිවුවා ලක්ෂ 15ක මුදලක් මීට අවශ්‍ය බව. ඒ එක්කම මගේ සැමියා දුක්බර කතාවක් කිවුවා, ඒ මගේ ප්‍රතිකාර වලට උදවු කරන්න ඔහුටත් ශක්තියක් නැති බව...'
ඇන්ජලා නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඇතුළෙත් බොහෝම සක්‍රීය චරිතයක්. ඒ වගේම තමයි ඈ 'හැංඟි හොරා' නැතුව ඔිනෑම දෙයක් මාධ්‍ය හමුවේ කියන කෙනෙක්.
'මගේ පළමු විවාහයත් ලොකු කතාබහකට ලක්වුණා. පස්සෙයි මම දන්නෙ. මම වයිෆ් නම්බර් 8.. ඒ කියන්නෙ මට කලින් හත් වතාවක් ඔහු විවාහ වෙලා. හැබැයි බඳිනකන් දන් නෑ. මාව දික්කසාද කරලා මට කලින් බැඳලා හිටපු එක්කෙනාව ආපහු බැන්ඳා එයා.. ඒ වෙද්දි දුවට මාස ගාණක් ඇති.'
ඇන්ජලා හා ගාමිණි අතර 'විවාහය' පවා සිදුවන්නෙ බොහෝම අහම්බයෙන්. (සත්තකින් ම සෑහෙන වේගයකින්!)
'ගාමිණිගෙන් පස්සෙ මම ආයෙ බැන්ඳේ 95දී. කැදැල්ලක රැකවරණය ආදරය සහ මගේ ළමයින්ට පියෙක් ඕනේ වුණා මට.. ඉතින් මම පින් කළා.. එහෙම කෙනෙක් ලැබුණා. අවුරුදු 23ට එක වචනයකින්වත් බැනල නෑ. ඒත් මම බලාපොරොත්තු වුණු රැකවරණය ඔහුගෙන් ලැබුණේ නෑ. හැබැයි ලෝකෙ කඩන් වැටුණත් වහලට මෙයා මෙහෙමම ඉන්නවා.'