ජෙරොම් අද එනවද නැද්ද? ජෙරොම්ව ෆලෝ කරන, IPL එකේ වතුර අදින ක්‍රීඩකයා: "එයාට දෙවියන්ගේ බැල්ම නැත්තෙ ඇයි ?" ජෙරොම් අද එනවද නැද්ද ? මේ උණුසුමේම ජෙරොම්ව ෆලෝ කරන, ක්‍රීඩකයෙක් ගැනත් තොරතුරු එළියට..

MonaraMonara

"එයාට දෙවියන්ගේ බැල්ම නැත්තෙ ඇයි ?" ජෙරොම් අද එනවද නැද්ද ?

“මම කිසිම වරදක් කරලා නැහැ.ඒ වගේම මම කිසිම වරදක් කර නැති වුණත් මගේ වචනවලින් යම්කිසි ආකාරයකින් ඔබට සිත් වේදනාවක් ඇතිවුයේ නම් , මගේ බෞද්ධ සහෝදරයන්ගෙන්, හින්දු සහෝදරයන්ගෙන්, මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලා සිටීමට මට අවශ්‍යයි,"

ජෙරොම් ප්‍රනාන්දු "සමාව ගත්තලූ", "හිත් වේදනාවක් ඇති වුණා නම්?", (ඔව් ! ඇතිවුණා නේන්නම්..)

ජෙරොම් පසුගිය සතියක් ඇතුළත අන්තර්ජාලයේ ජනප්‍රියතම චරිතය බවට පත්වෙන්නෙත්, ඔහුගේ ඔය කියන "අනිත් අයට රිදෙන" ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසාම යි.

ඒ හා සමඟ ජෙරොම් ගේ ඉපැරණි වීඩියෝ පට රැසකුත් කරළියට එන්න පටන් ගන්නවා.

මේ ඇතැම් වීඩියෝ පටවල ලංකාව ම දන්න සුවිශේෂී "කලා තරු" පවා ඉන්නවා. (ඒක මොහොතකට අමතක කරමු.)

MonaraMonara

මේ තරම් උණුසුමක්, මේ තරම් අවධානයක් දෙන තරමේ දෙයක් ජෙරොම් කළාද ?

තවත් තැනෙක, ජෙරොම්ගේ ආදරණීය දියණිය ගැනත්, ජෙරොම්ගේ ගුරුවරයා කියන පුද්ගලයා ගැනත් (ඔහු රත්‍රං ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු වන අතර, ඔහුට ඔහුගේ යූටියුබ් නාලිකාව ද අහිමි කර තිබෙනවා.) දැඩි කතාබහක් ඇතිවෙනවා.

විශේෂයෙන්ම ඔහු සමඟ පෙනී සිටින ඡායාරූප පවා (මේ ගුරායි ගෝලයයි මහින්ද රාජපක්ෂවත් මුණ ගැහෙන්න ගිහිල්ලා) අන්තර්ජාලය ගිනිබත් කරමින් පැතිර යන්නට වුණා.

මේ තරම් උණුසුමක්, මේ තරම් අවධානයක් දෙන තරමේ දෙයක් ජෙරොම් කළාද ?

ජෙරොම්ගේ බොහෝ දේශනා තුළ, ලංකාවේ ජනප්‍රියතම නිවේදකයෙකු ද පෙනී සිටින අතර, (පරිවර්තන කාර්යයේ යෙදෙන) මෙම නිවේදකයා දැන් දැන් මුහුණු පොතේ හුවමාරු වන විවිධ "Memes" වල දැක ගත හැකියි.

දහසකුත් ජනයා ඉදිරියේ "අන්ධ මිනිසුන්ට" පෙනීම ලබාදෙන, "යක්ෂයන් පවා පළවා හරින", ජෙරොම්ගේ අතිවිශේෂ හැකියාව වෙනුවෙන් බොහෝ අනුගාමීකයින් ඔහු වටා එක්රොක් ව සිටින අයුරු දැක ගත හැකිවුණා.

ජෙරොම්ගේ එක් දේශනයක දී ඔහු සඳහන් කර තිබුණේ, ලංකාව බහුතර ක්‍රිස්තියානි රටක් කළ යුතු බවයි. බුදුන්ට නිග්‍රහ කිරීම ඔහු වෙතට එල්ල වන තවත් බරපතළ චෝදනාවක්.

MonaraMonara

මේ ගුරායි ගෝලයයි මහින්ද රාජපක්ෂවත් මුණ ගැහෙන්න ගිහිල්ලා

ලාංකීය සුප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු ද ජෙරොම්ගේ අනුගාමීකයෙකු වන බවට තොරතුරු සතිඅන්ත පුවත්පතක් අද දිනයේ වාර්තා කර තිබුණා. ඒ අන් කිසිවෙක් නොව, භානුක රාජපක්ෂ යි.

(මේ දිනවල අයිපීඑල් හි අසාර්ථක ඔහුට දෙවියන්ගේ බැල්ම නොලැබුණේ ඇයි ද ක්‍රිකට් රසිකයින් ප්‍රශ්න කරනවා. එයා වතුර අදින්න දාලා ඇයි කියලත් අහනවා.)

ජෙරොම් අද දිනයේ (21) ලංකාවට එන බැව් කියා තිබුණත්, තවමත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා වන්නෙ නැහැ.

ඇතැම් විටෙක ඔහු නොපැමිණ සිටීමට ද පුළුවන.

එසේ පැමිණියහොත් ඔහු අත්අඩංගුවට පත්වේවීද ? ඉදිරියේ කුමක් වේවීද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්.

Sri Lanka OTC FB PageSri Lanka OTC FB Page

භානුක ගැන හුවමාරු වන සමාජ මාධ්‍ය පෝස්ට් Sri Lanka OTC FB Page

"ආගම්" සම්බන්ධයෙන් මෙරට ආන්දෝලනයක් ඇති කළ පළමු හෝ අවසන් සිදුවීම මෙය නොවිය හැකියි. කතෝලික වේවා, බෞද්ධ වේවා සිය අනුගාමීකයින් "අල්ලේ නටවන" පාස්ටර්වරුන්, ස්වාමින් වහන්සේවරුන් මේ බිම ඇස්පනා පිටම සිටියි.

ඇතැමුන් කලෙකදී මැණික් පුටුවල හිඳ දම් දෙසුම් සිදු කරද්දි, තවත් අයවුන්, තමන් "සෝවාන් පලයට පත්වුණා","බුදුවුණා" යැයි කියමින් ද, නැතහොත්, "මම රාවණා රජු" යැයි කියා හෝ අනුගාමික පිරිස් තව තවත් රවටා ගනිමින් සිටියි.

අහෝ !! ලෝකයේ උතුම් රටේ මිනිසුන් කවදා නම් සත්‍ය දකිවීද ?

MonaraMonara

ජෙරොම් ඊයේ දිනයේ (20) ලංකාවට එන බැව් කියා තිබුණත්, තවමත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා වන්නෙ නැහැ.