"මම ඔය යකාගේ ගම් උදාවට සිංදු කියන්නෙ නෑ ආයෙ" - රණසිංහ ප්‍රේමදාස, ජෝතිව පැහැරගෙන ගියේ ඇයි ?: "මම ඔය යකාගේ ගම් උදාවට සිංදු කියන්නෙ නෑ ආයේ"
HR නොහොත් 'හදවත රත්තරන් ජෝති' (ඒ නමේ අයිතිකරු නිහාල් නෙල්සන්.) ගැන අනේක විධ කතා අසා ඇති ඔබ, ජෝති සහ ප්‍රේමදාසගේ සමීප ඇසුර ගැනත් අසා ඇති.
එසේ වුවත්, වරෙක ජෝතිව, රණසිංහ ප්‍රේමදාස විසින් පැහැරගෙන ගිය පුවත නම් ඔබ අසා නැතුව ඇති.
අගමැතිගේ සුචරිතයට මෙසේ ජෝතිව පැහැරගෙන ගොස් තිබුණේ අගමැති ආරක්ෂක ඒකක්යේ සිවිල් නිලධාරින් පිරිසක් විසිනු යි.
'මම මගේ වාහනයෙන් එන්නම්' කියා කිවුවත් ඔවුන් ජෝතිට ඒ සඳහා ඉඩ නොදී බලහත්කාරයෙන් ම ජෝතිපාලව ජීප් රියට නංවාගෙන තිබුණා.
එදින මෙසේ පැහැර ගෙන ආ ජෝතිට ප්‍රේමදාස බැන වදින්නටත් දොස් පවරන්නටත් පටන්ගෙන තිබුණා.
ඊට ආසන්නතම හේතුව වුයේ මාතර තිබූ එක්තරා ගී ප්‍රසංගයකදී ජෝති සිදුකළ යම් ප්රකාශයක්ලූ. ඒ හේමා ප්‍රේමදාස ගැනලූ. (කේළම කිවුවේ මේ ප්‍රසංගය සංවිධානය කළ ඇලෝසියස් මුදලාලි බවයි පසුව හෙළි වුයේ.)
ජෝති - ප්‍රේමදාස විරසකය මින් ඇරඹුණු අතර, ඉන් පසුව ගම් උදාවට ගී ගයන්නටත් යාමත් ජෝති විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
"මම ඔය යකාගේ ගම් උදාවට සිංදු කියන්නෙ නෑ ආයේ"
ජෝති සහ ප්‍රේමදාස නැවත වතාවක් මිත්‍ර වන්නෙ 'ජෝති රාත්‍රීයට' පින්සිදු වන්නට යි. එසේම ඒ මිතුරු ඇසුර වඩාත් වැඩි කරගැනීමටත්, අමනාපකම් නැති භංගස්ථාන කර ගැනීමටත් ප්‍රේමදාස අගමැතිවරයා විශාල උත්සහායක් ගත් බවයි සමීපතමයින් සඳහන් කරන්නෙ.
ජෝති ගායන කෙරූ ඇතැම් ගීත වල පද රචකයා වූයේ ද රණසිංහ ප්‍රේමදාස බැව් ඔබ නොදන්නවා විය හැකියි.
"සමනළ මුදුනේ සිරි පාද සිඹ සිඹ
උදා ඉරක් පායයි..
සැනසිලි සුවදෙන නවමල් සුවඳින්
දැහැමි දැයක් පිබිදෙයි.."
එකි ජනප්‍රිය ගීතයේ පද නිමවුම්කරුවා වූයේ රණසිංහ ප්‍රේමදාස යි.
රණසිංහ ප්‍රේමදාස, ජෝතිට කොතරම් ඇලුම් කළාද යත්, ජෝතිගේ අභාවය ඔහුව මහාත් කම්පනයට පත් කරනු ලැබුවා.
අවමංගල්‍ය අවස්ථාවේ ජෝති වෙනුවෙන් අජන්තා ලවා ගීයක් ලියවා ගත් ප්‍රේමදාස, එය ලතා වල්පොලගේ හඬින් ගයන්නට ඇරයුම් කොට තිබුණා.
කෙසේ වෙතත්, ලතා වල්පොලට ඒ ගීතය හරි ආකාරයෙන් ගායන කර ගත නොහැකි වුයේ ඇය අතිශය ශෝකයට පත්ව සිටීම නිස යි.
අදටත් රසික හදවත් හි නොමැකෙන ගායක තරුව 'ජෝති', හෙට දිනත් ඒ පරිද්දෙන් ම ජනතා ගායකයා ලෙස මහ ඉහළකින් වැජඹෙනු ඇති !!!