''Darr'' අයිශ්ට මඟහැරේ !: ෂාරුක් රඟන Darrහි පළමු තේරීම වුණේ අයිෂ් බවට අනාවරණයක්

MonaraMonara

ඡායාරූප : imdb.com/instagram

බොලිවුඩ් ෆිල්ම් පිස්සෙක් නම්, විශේෂයෙන්ම ෂාරුක්ට පෙම් බඳින රසිකයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම Darr බලලා ඇති.

බොලිවුඩයේ රස කතා ගැන හොයද්දි අපිට ආරංචි වුණා Darrහි පළමු තේරීම ඓශ්වර්යා රායි බච්චන් කියලා.

ෂාරුක් රංගනයේ යෙදෙන යාශ් චොප්රාගේ (Yash Chopra) Darr චිත්‍රපටයේ පළමු තේරීම අයිශ් කියන කතාව අනාවරණය කරන්නෙ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිනී නීටා ලුල්ලා (Neeta Lulla).

අයිශ්වර්යා දිගු කලක් තිස්සේ ඇඳුම් නිර්මාණ ශිල්පිනී නීටා ලුල්ලාගේ ආකර්ෂණීය සේවාලාභියෙක්.

ඉතින් ඔවුන්ගේ ඒ දිගුකාලීන මිත්‍රත්වය ගැන කතා කරද්දි ඇය අනාවරණය කර තිබුණේ ෂාරුක් ඛාන් සමඟ Darr චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස යාෂ් චොප්රා මුලින්ම ඓශ්වර්යා ගැන අදහසක සිටි බව.

එහිදී ඓශ්වර්යාගේ පෙනුම ඊට ගැළපෙනවාද යන්න පරීක්ෂා කිරීමට පවා ඔවුන් තීරණය කරා කියලයි සඳහන් කර තිබුණෙ.

"ඔහු ඇයව Darr සඳහා තෝරා ගැනීමට කල්පනා කරමින් හිටියෙ. මම හිතන්නේ බොහෝ දෙනෙක් මෙය දන්නේ නැහැ. අපි කිව්වා එයා ලස්සනයි කියලා. ඒත් එයා කිව්වා සමහර විට ඒක හරියන්නේ නැහැ, මොකද එයා ලෝක රූ රැජින තරගයට යන නිසා කියලා..."

ඉතින් ඔන්න ඔහොමයි අයිෂ්ට Darr මඟහැරෙන්නෙ.

කොහොම හරි අන්තිමට 1993දී සනී ඩියෝල්, ජුහී චවුලා, ෂාරුක් ඇතුළු පිරිස එක්ක Darr තිරයට නැඟෙනවා.

ඒ සම්මානනීය නිර්මාණයක් විදියට....