'ආක්ෂා අත්විඳපු කටුක ප්‍රතිචාර සියල්ලට ඇගේ දෙමව්පියන් වග කිව යුතුයි!!': උල්ලැයි උල්ලැයි ඌ..., කියලා හැමෝම පතුරු ගහපු 'ආක්ෂා චමුදි'ට අද වෙලා තියෙන දේ,
'මම සාමාන්‍යයෙන් කියන්නෙ වේග රිද්මයේ සිංදුනේ.. (පාස්ට් සිංදුනේ...) හැබැයි මට ඔිනිවුණා මට අනිත් ඒවාත් කියවන්න පුළුවන් කියලා පෙන්වන්න...'
ඒ සමයේ 'ප්‍රසංග වේදිකාවේ' රැව් පිළි රැව් දුන් 'උල්ලැයි උල්ලැයි ඌ' මතකද??
'ආක්ෂා චමුදි' කියන ඒ පුංචි කෙල්ලගේ 'කටහඬ' බොහෝමයක් 'උන්'ට අනුව 'අහන් ඉන්න බැරි' අප්‍රසන්න හඬක් වුණා. තවත් පිරිස් හේතුවක් හෝ නැතිවම ඈ 'පිළිකුල්' කර තිබුණා. (අනෙක් අතට ඈට ආදරේ කරපු පිරිස් ද නොහිටියා නොවේ...)
'ප්‍රසංග වේදිකාවේ' අත්පොළසන් ලැබුවා වුණත් ඉන් එහා 'සමාජ මාධ්‍ය අවකාශයේ' පවා ආක්ෂාට ලැබුණේ ගැරහුම් - අවලාද විතරමයි.
තවත් තැන්වල ඈ 'ගීතයක් හෝ ගයන්න බැරි' එකියක් විදිහට හඳුන්වා දී තිබුණා.
කාලයාගේ අවෑමෙන් 'ඈ' ගැන නැවත වතාවක් කතාබහ කරන්න අරන්. (ඒ පසුගිය දවසක ඇය පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක් වූ පසුව යි...)
මේ තාක් 'ප්‍රේක්ෂකයින්' කන්කරච්චලයක්, හිසරදරයක් කියූ ඇගේ 'හඬ' ඒ ඔවුන්ම 'රසයක්', 'වින්දනයක්' ලැබුණූ බැව් කියනවා.
තාමත් පුංචි වයසක ඉන්න 'ආක්ෂා' සත්‍ය වශයෙන් ම තමන්ට 'අපහාස' කෙරූ සියල්ලන්ට මේ වැඩසටහන හරහා ඇගේ 'ඇතුළාන්තය' කියනවා. ඇගේ 'ගැඹුරුම' හෝ 'ළයාන්විත' හඬින් ගී ගයනවා.
මේ තියන්නෙ ආක්ෂා ගැන මුහුණූ පොතෙන් අපිට හමුවුණු සටහන් කිහිපයක්... (ප්‍රතිචාර බොහෝමයක් තිබුණත් කිහිපයක් පමණක් අපි මෙහි පළ කරනවා.....)
'පුළුවන් නම් මේ වැඩසටහන අවසන් වෙනකල් බලන්න කියලා මන් ඉල්ලා සිටිනවා ඔයාලාගෙන්. අවංකවම කිව්වොත් ඉස්සර මේ දරුවගෙ සිංදු වලට ( දරුවට නෙමෙ) මම ඉතාම අකමැතියි. මම පවා දැඩි විවේචනයන් කරලා තියෙනවා ආක්ශා චමුදිගෙ පොල් ලෙලි පොල් ලෙලි වගෙ ස්වරයකින් ඇහුන ගීත ගැන. මගෙ වඩාත්ම විරෝධය එල්ල උනේ පුංචි වයසෙ දැරිවියක්ව මුදල් උදෙසා ඒ වගෙ අවභාවිතා කරවීම සහ සමාජයෙ විහිළුවට ලක්වීමට ඉඩ තැබීම ගැන. හැබයි අද මම මේ වැඩසටහන බලලා මහ හුඟක් සතුටු උනා මේ දැරිවි ගීත ගායනයෙහි ලා අත්පත් කරගෙන ඇති improvement එක ගැන. ඒ ගැන කියන්න වචන නෑ. අති විශිෂ්ටයි. ඇය තාම හත වසරේලු. විශාරද විභාගයත් කරනවලු. ඒ ගැන අහන්න ලැබීමත් සතුටුයි!ඒ ඔක්කොටම වඩා මම තෘප්තිමත් මේ පොඩි දැරිවි කතාබහ කරන මේ අව්‍යාජ පරිණත ස්වභාවයට ඒක මාව විශ්මයට පත් කලා.මෙහෙම තමයි පුතේ මේ ලෝකෙ හැටි. හිනාවෙන වැඩ කලොත් මිනිස්සු හිනාවෙනවා. ඒක වැරදියි කියන්න බැහැ. නමුත් ඒ විහිළු ස්වරූපයෙන් අත් මිදිලා අද මේ යන පරිණත ගමන ගැනත් අපි අගය නොකරනවා නම් අපි මිනිස්සු වෙන්න බෑ!!මං හැමදාම කියනවනෙ විවේචනය නරක දෙයක් නෙමෙ. මේ ලෝකෙ දීප්තිමත් චරිත බිහිවෙලා තියෙන්නෙම දරා ගැනීමට පවා අපහසු විවේචනයන් තුලින් තමයි.මේ දරුවව මේ මාර්ගයට යොමුකරපු මව පියාටත් ස්තුතීවන්ත වෙන්න ඕනෙ. මේ සිල්ලර ලෝකෙ තවත් එක සිල්ලර ඝනයේ ගායිකාවක් නොවී මෙන්න මේ වගෙ දවසින් දවස හැකියාවන් ඔප් නංවාගෙන ඉදිරියට යනවා නම් එදා විවේචනය කරපු අපි උනත් නැගිටලා හදවතින්ම අත්පුඩියක් ගහන්න බැරි තරමෙ නරක නපුරු මිනිස්සු නෙමෙයි කෙල්ලෙ..' (චාන්‍යා හේරත්ගේ ෆේස්බුක් සටහනක්..)
ආක්ෂා චමුදි දවසින් දවස මුහුකුරා යන විදිහ බලන් ඉන්න ආසයි. ඊයෙ කියපු හන්තාන සිහිනේ කාලයක් යනකම් ට්‍රෙන්ඩින් තියේවි. සිංදු කියන එක තරමට කතා කරන විදිහත් හරිම charming. හොඳ personality එකක්. ආක්ෂා චමුදි කියන ළමයා ආවෙ. මං ඉන්න සෝෂල් මීඩියා සර්කල් එකේ දි ට්‍රොල් වෙලා තියෙන්නෙ උල්ලෙයි උල්ලෙයි සිංදුවෙන්. උල්ලෙයි උල්ලෙයි සංසිද්ධිය එයාගෙ දෙමව්පියො කරගත්ත විශාල වැරැද්දක්. ලංකාවෙ පේරන්ටින් වල තියන බරපතල අවුලක් මෙතනදිත් පේන්න තියනවා. තමන්ගෙ දරුවගෙ ටැලන්ට්ස් තමන්ගෙ මිම්මෙන් මැනලා තමන් එදිනෙදා ගතකරන කල්චර් එක ඇතුලෙ ඒ ටැලන්ට්ස් උරගා බලන්න, ඒවා අලෙවි කරන්න තමයි ගොඩක් දෙමාපියො උනන්දු වෙන්නෙ. එතනදි ඒ සම්බන්ධ වෘත්තිය මට්ටමේ සපොර්ට් එකක්වත් කාගෙන්වත් ඉල්ලන්නෙ නෑ. ඉතින් අහස අල්ලන්න තරමට හැකියාවක් තියන ළමයා වළාකුලක තමයි නතර වෙන්නෙ. මේ දරුව ලංකාවෙ හතර දිග්බාගෙ කොන්සර්ට් වලට ගෙදර ඉඳලා යනවා කියල ඊයෙ වැඩසටහනේදි කිව්වා. ඒ යනවා ඇත්තෙ ගොඩක් දුරට එලිමහන් සංදර්ශන වලට. ඔය වගේ සංදර්ශනයකින් ලොකු ගාණක් ගෙවනවා කියල හිතන්න බෑ. ඉතින් ආර්ථික ලාභයක් ගන්න නම් සතියට තුන් හතර වතාවක් හරි ඔහොම රෑ තිස්සෙ මහන්සි වෙන්න ඕනෙ. ළමයගෙ අධ්‍යාපනයට ඒකෙන් වෙන හානිය පැත්තකින් තිබ්බොත් සංගීතය සම්බන්ධයෙන් එයාගෙ සංවර්ධනයට ඒ ජීවන රටාව ලොකු බාධාවක්. සංගීතය සම්බන්ධව විධිමත් සහ අවිධිමත් දෙයාකාරටම තව දේවල් එයා ඉගෙන ගන්න ඕනෙ. ඒ ක්ෂේත්‍රයෙ ප්‍රාමාණිකයො, ඇසූ පිරූ තැන් තියන අය ඇසුරු කරන්න ඕනෙ. ෆීල්ඩ් එකේ දියුණු කල්චර් එක ඇතුළට එයා එන්න ඕනෙ. මේ ළමයා කතා කරන විදිහ බැලුවම එයාගෙ තියන intelligence එක ගැන පැහැදිලියි. දක්ෂතාවයයි intelligence එකයි දෙකම පිහිටන්නෙ කලාතුරකින්. උදේ හවස උල්ලෙයි උල්ලෙයි කල්චර් එකක් ඇතුලෙ කල් ගෙවන ළමයෙක්ට ඒ දේවල් තවමත් පිහිටලා මෝරලා තියන එක තවත් පුදුමයි. හැබැයි ඒ පාර වෙනස් කළේ නැත්නම් තව අවුරුදු දහයකින් විතර එලියට එන්න නියමිත ලෙජන්ඩ් කෙනෙක් එලිමහන් ප්‍රසංගයක බීට් බෑන්ඩ් වලට් 6-8 සිංදු කියන "දහදාහෙ කෑල්ලකට" පුංචි වෙන්න ඉඩ තියනවා. ආක්ෂාගෙ දෙමාපියන්ට ඒ අවකාශය කොච්චර දුරට පේනවද කියන එක ප්‍රශ්නයක්. කොහොම හරි මේකෙන් ගොඩ නැගුණ අවස්ථාව ආයෝජනය කරල වටිනාකම අඩුවක් නොකර ආක්ෂගෙ ජීවිතයම ගොඩ දාන්න එයාලට චාන්ස් එකක් තියනවා. බීට් බෑන්ඩ් එලිමහන් ප්‍රසංග වලින් acoustic indoor concert වලට මාරුවෙන්න, දවස ගානෙ රෑ එලි වෙනකම් රට වටේ යනවා වෙනුවට මාසෙකට සති අන්ත දෙක තුනක කොන්සර්ට් කරල ඒ ගාණම හෝ ඊටත් වැඩියෙන් හොයාගන්න, ඒ හරහා වැඩි වැඩියෙන් දියුණු මියුසික් කල්චර් එකකට ළමයව මාරු කරන්න දෙමාපියන්ට ලොකු අවස්ථාවක් තියනවා. එහෙම නොකෙරුණොත් ඒක ඒ ළමයට සිද්ධ වෙන මාරම අසාධාරණයක්...' (Hasinda Udalagamaගේ ෆේස්බුක් හි පළ කෙරූ සටහනක්...)