'එළියට බහින්න බැරුව හිටපු මල්ගවුමව එළියට ගෙනාවෙ ඔයා, මටත් ඉන්න තිබ්බනේ සයිඩ් එකෙන් ගවුමක් ඇඳන්!': ඉරාජ් වෙනුවෙන් 'කතා පවත්වපු' පේශලගේ ලයිව් එකට මොකද වුණේ ? මෙන්න විස්තරේ!
'ඉරාජ් ඉන්නව නම් අපි එන්නෙ නෑ!' (මේ මොහොතේ සෝශල් මීඩියා ඇතුළේ ජනප්‍රියතම කෙනා එයා, ඒ 'එයා' ඉරාජ් වීරරත්න!!)
'ඉරාජ් ඉන්නව නම් බෑ' කියලා කිවුවේ 'රඟහල' ප්‍රසංගය වෙනුවෙන් 'කල්තියා' ලක ලෑස්ති වුණු 'කසුන් කල්හාර' සහ 'උමාරා සිංහවංශ'.
ප්‍රසිද්ධියේ නොකිවුවා වුණත්, ක්ෂේත්‍රයේ හැමෝටම ඉරාජ් සහ අනිත් ගායන ශිල්පීන් අතර තියෙනව කියන 'කෝන්තර' රහසක් නෙවෙයි. එහෙම වෙන්න ආසන්නතම හේතුව ඉරාජ් 'පොලිටිකල් කැම්පේන්' එකක් කරපු එක. එතනිනුත් නවතින් නැතුව ඉරාජ් තමන්ගේ 'කලාව' ඇතුළෙත් 'එක එකාලව' විවේචනය කරපු එකත්, ඉරාජ්ට එරෙහි 'විරෝධයක්' ඇති වෙන්න 'ළඟම හේතුවක්' වුණා.
මේ නිසාම එදා 'රට වෙනුවෙන් පෙනී ඉන්න හිත හයිය අයියා' කියලා ඉරාජ්ට කමෙන්ට් කරපු ඉරාජ්ගේ ප්‍රිය 'රසික සමාගම' අද ඉරාජ්ව 'පිළිකුල් කරන්න' පටන් අරන්. (එයාලා කියන්නෙ ඉරාජ් පොඩ්ඩක්වත් හැදෙන්න උත්සාහ කරන්නෙ නෑ කියලයි!)
ඉරාජ් සහ පේශල දෙන්නා අතරෙත් විටින් විට 'මතගැටුම්' ඇතිවුණා කියන එක රහසක් නෙවෙයි. මේ 'නවතම සිදුවීම' ගැන 'ගතු' කියන්නත් පේශල ඊයේ දවසේ 'ලයිව්' එකක් ඇවිල්ලා තිබුණා.
පේශල කියන්නෙ නම් 'කලාව' සහ 'දේශපාලනය' පටලවා ගන්න එපා කියලයි.
'මම දැක්කා පහුගිය දවස්වල කොන්සට් වල පොඩි ප්‍රශ්නයක් යනවා. ඉරාජ් යන ඒවාට යන්න එපා කියලා. ඉරාජ් එක්ක මට වෙන කතාවක් තියෙනවා. පළවැනිම දේ ඉරාජ්ගේ දේශපාලනයට මම එදා කැමති වුණෙත් නෑ. අද කැමතිත් නෑ. මම ඒක මූණටම කියලා තියෙනවා. මම එයා එක්ක පෙනී ඉඳලත් නෑ. එතනින් අනිත් පැත්ත ගත්තොත් අපි සිංදු හදනවා, ෂෝ යනවා. ඒ සියලු දේ වෙනවා. දැන් අලුතින් සීන් එක වෙලා තියෙන්නෙ. කලාවයි දේශපාලනයයි දෙක පටලවන් වෙන එකක් අරන් යනවා. ජවිපෙට සපෝට් කරන ආර්ටිස්ලා වෙනම.. සජබෙට සපෝට් කරන අය වෙනම.. ඒවාට එන්නෙ ඒ ඒ පක්ෂවලට කැමති අය විතරයි. පක්ෂ විදිහට ගිහිල්ලා කොන්සට් බලන්න බෑනේ. ජෝතිගේ සිංදු හැමෝම ඇහුවා. ජෝති යූඑන්පී එකේ ප්‍රේමදාස වෙනුවෙන් පෙනී හිටියා. ඒක එයාගේ දේශපාලනය. ඒකට මම කැමති නැත්තම් මම ඇක්ස්පෙට් කරන් නෑ.'
'මම ඉරාජ්ගේ දේශපාලනයට ආස නෑ. මම එයාගේ මතයට කැමති නෑ. යාලුවත් එක්ක ඉන්න වුවමනයි කියලා, ඉතින් මටත් එදා ඉන්න තිබුණනේ සයිඩ් එකෙන් ගවුමක් ඇඳන්..'
'මිනිස්සු එක එක දේවල් වෙනුවෙන් පෙනී සිටිනවා. එක කාලයක් තිබ්බා ඉරාජ්ලව දේවත්වයෙන් ඇදහුවානේ කට්ටිය. ඒ කාලේ දැම්මේ කමෙන්ට්, මෙන්න රට ගැන හිතන අයියලා.. ගගා. දැන් ඇයි බනින්නේ ?'
'පේශල' ඒ විදිහට කියනවා වුණත්, පේශල 'ඉරාජ්ට ආවඩනවා' කියන ගොඩක් පිරිස් 'පේශල'වත් දඬුකඳේ ගහලා තිබුණා. (පහළින් තියෙන්නෙ අපිට හම්බුණ කමෙන්ට් කිහිපයක්!!)
'ඒකාලෙ ඒඔකොම කරන්නත් ඔය මල්ගවුම තමා මුල,ජෝතිපාල වෙනයි ඉරාජ් කියන මල්ගවුම වෙනයි,ඔයා ඇදගෙන නාගන්නෙ නැතුව ඔයාගෙ ගමන යන්න, එළියට බහින්න බැරුව උන්නු මල්ගවුමව එළියට ගෙනාවෙත් ඔයාම තමයි ,ඔය මල්ගවුම අප්පිරියයි ම්නිස්සුන්ට.'
'අනේ නිකම් පලයන් යන්න. වේරලියද්දලත් සිංදු කීව. හැබැයි මිනිස්සු ඌට ගහන්නෙ නෑනි. මොකද උන් මඩ සින්දු ගැහුවෙ නෑ. උබට ඒක තේරෙන්නෙ නැත්නම් ඒ සිංදු ආය අහපන්'
'කලාවයි දේශපාලනයයි එකට පටලවගන්න එපා කියලා මෙතන වැලලෙන්නෙ නැතුව ඒක ගිහින් මුලින්ම Iraj ට කියපන්. ඌ තමයි උගෙ Fan Base එක Political Campaign වලට Use කලේ.'
ඒ අතරේ 'පේශල' එක්ක 'එකඟතාවය' පළකරපු පිරිසක් එහෙමත් හිටියා.
'මේ මනුස්සයා මෙච්චර පැහැදිලි කරලා කියද්දිත් කියන දේ පැහැදිලි කරගන්න බැරුව ඉරාජ් ගෙ රෙදි හෝදනවා කියලා බනින උං ඉන්නව නේද.... අන්න උං තමා real වහල්ලු. Respect පේශල'