'අනේ මේ තිරිසනාත් එක්ක තමයි එදා කෑම කන්නත් හිටියේ. අනේ වාසනා…. අනේ මගේ සුදු මැණික!!': වාසනාගේ ගමෙන් ආපු 'කෙනා', ස්වාමිපුරුෂයාගේ කනට කරලා කිවුවේ මොකද්ද ?

MonaraMonara

වාසනාගේ ගමෙන් ආපු 'කෙනා', ස්වාමිපුරුෂයාගේ කනට කරලා කිවුවේ මොකද්ද ? Aguruwathota Case

'අඟුරුවාතොට' කම්පා කරවපු, 'අම්මාගෙයි දෝණිගෙයි' ඝාතනයෙන් පස්සෙ, ඒ ගැන කියන්න ගන්න 'දහසකුත්' කතා අහන්න දකින්න ලැබුණා. (එතනිනුත් ගොඩක් තිබුණේ නිර්මාණය කරන ලද ප්‍රබන්ධ කතාන්දර!!)

අවුරුදු 24ක් වයස තමන්ගේ බිරිඳත්, සිඟිත්තියත් නැති 'කම්පනය' සැමියෙකුට දරාගන්න බැරිම තරමේ එකක්. ඒක මේ විදිහට 'ලියන්න' පුළුවන් විදිහේ 'වේදනාවක්' හෝ නෙවෙයි.

ඡායාරූපය 'දිවයින' පුවත්පතෙන්.ඡායාරූපය 'දිවයින' පුවත්පතෙන්.

මං දැන් ඔය දෙන්නා නැතිව කා එක්ක ද උපන් දිනේ සමරන්නේ. ඡායාරූපය 'දිවයින' පුවත්පතෙන්.

'මගේ දුවගේ උපන් දිනේ ලබන මාසේ තිබුණේ. පළවෙනි උපන් දිනේ හින්දා සරුවට ගන්න හිටියේ. දැනටමත් දුවට ඇඳුම් ගෙනත්. ඒ වගේම ගිය සතියේ කේක් ගෙඩියත් හදන්න දීලා තිබෙන්නේ. ඒ වගේම තිස් දෙනෙකුට එදාට දෙන්න චයිනිස් කෑමත් ඇණවුම් කරලා ඉවරයි. අනේ මේ තිරිසනාත් එක්ක තමයි එදා කෑම කන්නත් හිටියේ. අනේ වාසනා…. අනේ මගෙ සුදු මැණික… මං දැන් ඔය දෙන්නා නැතිව කා එක්ක ද උපන් දිනේ සමරන්නේ. වනේ වන හතුරෙකුටවත් මේ වගේ විපතක් වෙන්න එපා…' (සැමියා තිමිර කියූ කතාව - උපුටා ගැනීම දිවයින පුවත්පත)

ඡායාරූප සමාජ මාධ්‍යයෙන්ඡායාරූප සමාජ මාධ්‍යයෙන්

වාසනාව මැරුවේ මොන හේතුවකට ද ? මොන තරහාකට ද? ඡායාරූප සමාජ මාධ්‍යයෙන්

වාසනා මේ 'මස්සිනාගේ ගතු' මින් ඉහත සැමියා හමුවේ කියා තිබුණා වුණත්, (සත්‍ය වශයෙන්ම මස්සිනා 'ගැහැනු සොඩෙකු' බැව් ඒ ගම් ප්‍රදේශයේ පිරිස් පවා දැන සිටියා!) ඔහු මෙවන් අපරාධයක් සිදුකරාවී කියලා ඈ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

වාසනාව මැරුවේ ඇයි ? මොන හේතුවකටද ? මොන තරහාකට ද ?

ඒ සියල්ලටම 'පිළිතුරු' ඔහු දැන සිටිනවා වුණත්, පොලිසිය පෙනි පෙනී 'කතුරින් ඇනගත්' ඔහු මේ වන විටත් හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවලූ.

ඡායාරූපය 'දිවයින' පුවත්පතෙන්.ඡායාරූපය 'දිවයින' පුවත්පතෙන්.

වාසනා අහිමි සොවින් තැවෙන ඥාතින්. ඡායාරූපය 'දිවයින' පුවත්පතෙන්.

මේ අතරවාරයේ වාසනාගෙත් දියණියගෙත් සිරුරු මිහිදන් කළ අනතුරුව, සුසාන භූමිය අසළත් 'උණුසුම් තත්ත්වයක්' ඇති වී තිබෙන බැව් අපට වාර්තා වුණා.

මියගිය වාසනාගේ ගම් ප්‍රදේශයෙන් පැමිණි තරුණයෙක්, ඇගේ ස්වාමි පුරුෂයාට කනට කර යමක් පැවසීමත් සමඟ මෙම 'ගැටුම' ඇති වී තිබෙනවා. ගැටුම 'මැඩ පවත්වන්න' පොලිසියත් මැදිහත් වෙලා තිබුණා..

තවමත් 'නිශ්චිත පිළිතුරු' නැති තැන වාසනාගේ දේහය සම්බන්ධයෙන් ද අධිකරණය ලබා දී ඇත්තේ විවෘත තීන්දුවක්. අද හෙට හෝ අනිද්දා දවසක මේ 'අහස පොළව' නුහුළන අපරාධයේ 'සුළමුළ' හෙළි කළා වුවත්, පොළව යටට මිහිදන් වූ මවට හෝ සිඟිත්තියට යළිදු වතාවක් 'ජීවිතය' දිය හැකි ද ? 'ධර්මදීපය' ලෙසින් උදම් අනන මේ පුංචි 'දූපතේ'ම මෙවැනි සැහැසි ක්‍රියා සිදුවීම කෙසේ නම් අදහන්නද ?