"වේරලියද්ද වාහනයක නැඟලා ගියා. දීපාල් සිල්වාත් නොදැක්කා වගේ ගියා. මම වැස්සේ තෙමි තෙමී බලන් හිටියා!": "වේරලියද්ද වාහනයක නැඟලා ගියා. දීපාල් සිල්වාත් නොදැක්කා වගේ ගියා. මම වැස්සේ තෙමි තෙමී බලන් හිටියා !!" - සාගරය බඳු, මදුරුවන්ට පුරුදු කරමු, පායන සඳේ ගී ලියූ පද රචකයා...

MonaraMonara

"සාගරය බඳු වේදනාවෝ සුන්වෙලා යනවෝ..

ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ!!"

"මල් වියනින් බැදී මහා බැද්දෙ වුන්

අකුරු කරන්නට නුවරට ගියේ මං.."

"වී වී.. වී.. මල් පබා..."

"දවාලේ පායන චන්ද්‍රයා.. මෙයි ආවා.. මෙයි ආවා..

මමයි කනන්තේ බෲඃගයා.. මෙයි ආවා.. මෙයි ආවා.."

"මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න.

මල්පැණි බී බඹරු වගේ රෑට නිදන්න..

අනේ අපිට හොඳ නින්දක් නිදියා ගන්න..

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි පොන්න.."

"මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්..

රිදවන්නේ විඳවන්නේ මාගේ සිතින්.."

"පායන සඳේ.. සීතල රැයේ

පෝය වගේ හිනැහෙන්නේ..

නාදෙට නුඹේ.. සැලුනා මගේ..

හෘදේ නුඹට යි පූජ කළේ.."

මේ කියන සියලු ගීතවල 'පද අයිතිකරු' ඔහු. නමින් ශාන්ත දේශබන්දු..

ප්‍රසංග වේදිකාව ඇතුළේ අදටත් ඇහෙන ජනප්‍රිය ගී ගණනක් ලියූ මේ දැවැන්තයා මීට වසර කිහිපයකට පෙර අප අතරින් සඳහටම සමුගන්නවා.

ඡායාරූප අන්තර්ජාලයෙන්ඡායාරූප අන්තර්ජාලයෙන්

ශාන්ත දේශබන්දු මීට වසර කිහිපයකට පෙර අප අතරින් සඳහටම සමුගන්නවා. ඡායාරූප අන්තර්ජාලයෙන්

වේරලියද්ද කියන ගායක 'චරිතය' වේදිකාව ඇතුළේ 'වෙනස්ම වරිගේ' චරිතයක් කරන්නත් මූලික වෙන්නෙ ශාන්ත දේශබන්දු. (ඔහු මියයන්නට පෙර දී අවස්ථා ගණනක ඒ බැව් කියා ඇති.)

දමිත් අසංක කියන 'ගායක තරුව' ජනප්‍රිය වෙන්නත් ශාන්ත දේශබන්දු ලියූ 'පායන සඳේ', 'මටදුන්න දුක් ගින්න' වැනි ගීත හේතුවක් වුණා.

ශෂිකා ගැයූ 'මල්සර හීසර' ඔහු සිය අවසන් සමයේ ලියූ ගීයක්.

ඡායාරූපය අන්තර්ජාලයෙන්ඡායාරූපය අන්තර්ජාලයෙන්

ශාන්ත දේශබන්දු අවසන් හුස්ම දක්වාම එවැනි 'මුල අමතක ගායකයින්' ගැන කළකිරීමට පත්වයි කල් ගෙවුවේ. ඡායාරූපය අන්තර්ජාලයෙන්

ගීත කරළියට වෙනස්ම විදිහේ ගීත කොපමණක් ලීවා වුණත්, සත්‍ය වශයෙන්ම ශාන්ත දේශබන්දු ඔහුගේ අවසන් කාලය ගතකරන්නෙ අතිශය කළකිරීමෙන්. තමන් අතහිත දුන් කිසිවෙක් පෙරළා තමන්ට අතහිත නොදුන් බැව් ඔහු පුවත්පත් මාධ්‍ය වෙත වරින් වර කියා තිබුණා.

"වේරලියද්ද වාහනයක නැඟලා ගියා. දීපාල් සිල්වාත් නොදැක්කා වගේ ගියා. මම වැස්සේ තෙමි තෙමී බලන් හිටියා !!" ශාන්ත දේශබන්දු එවැනි සංවේදී ප්‍රකාශයක් ද සිදු කර තිබුණේ තමන් 'අත' දුන් පිරිස් පෙරළා තමන්ට කළ කී දේ ගැන කළකිරීමට පත්වෙමින්.

ප්‍රසංග වේදිකාවේ හැඩ වැඩ පෙන්වන බොහෝ ගායන ශිල්පීන් අදටත්, තමන් ගැයූ ගීත වල 'නිමවුම්කරුවන්ට' වටිනාකමක් නොදෙන තරම්. (ඇතැම් ගායකයින් තමන්ගේ පද මාලාවල අයිතිකරු කවුද යන්නත් නි‍ශ්චිතව දන්නෙ නැහැ!!)

කිරුළපන ප්‍රදේශයේ පදිංචිව සිටි ගී ගණනක පද නිමවුම්කරුවා වූ ශාන්ත දේශබන්දු අවසන් හුස්ම දක්වාම එවැනි 'මුල අමතක ගායකයින්' ගැන කළකිරීමට පත්වයි කල් ගෙවුවේ.

"මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ..

ඔබ මල් යහන ගිනි තියලා කොහේදෝ ගියේ..

කෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ..."