සජිත් එළෙව්වා ! රනිල් 'ගේ' ඇතුළට අරගත්තා විතරයි!: මේ හදිසියේ ම හොස්පිට්ල් ඇඩ්මිට් කරපු 'මැතිදා' කවුද ?
'හරීන් ප්‍රනාන්දු' කියන්නෙ ලංකාවේ දේශපාලනය ඇතුළේ නිතරම වගේ කතාබහට ලක්වන චරිතයක්. (ඒක වෙනස් විදිහකට කිව්වොත් එහෙට මෙහෙ ට පැනලා ආණ්ඩු පෙරළන, හදන, කප්පාදු කරන චරිතයක්!)
'ඊළඟ ඡන්ද සටන' ට ඔන්න මෙන්න තිබියදි 'හරීන්' මැතිදා හදිසියේම 'රෝහල්ගත' කළා කියලත්, 'සැත්කමකට භාජනය කළා' කියලත් අපිට දැන කියාගන්න ලැබුණා.
මීට කලිනුත් 'හරීන් ප්‍රනාන්දු' මන්ත්‍රීතුමා මේ විදිහට හෘද සැත්කම් දෙකකටම භාජනය වුණා.
'සැත්කමට' කල් වේලා ඇතුව හරීන් සහ මනූෂ ගැනත් 'සුබ පණිවුඩයක්' පසුගිය දවසක අහන්න ලැබුණා.
ඒ ඔවුන් දෙදෙනාට 'යූඑන්පී' එකෙ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් පනවලා තිබුණූ 'තහනම' ඉවත් කළා කියන ප්‍රවෘත්තිය. (කොටින්ම කිවුවොත් ඒ දෙන්නාව රනිල් ජනාධිපතිතුමා ආයෙම යූඑන්පීය ඇතුළ ට අරගෙන!)
'සංචාරක සහ ඉඩම් අමාත්‍යතුමා' විදිහට හරීන් දැන් දැන් වැඩි 'වැඩ කොටසක්' කරන බව නම් පේනවා. ඒ වගේම 'එතුමා'ගේ ෆේස්බුකියත් නිරන්තර සක්‍රීයයි. (සැත්කම නිසා දින දෙක තුනකට අක්‍රිය වුණා වුණත්!)
මෑතක 'හරීන්' මැතිදා කැන්ගරු දේශයට ගිය ප්‍රවෘත්තියත් බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා ඔබට මතක ඇති.
ආන්දෝලනයට ලක්වුණු ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකවත් ඔහු එරට දි මුණ ගැහිලා තිබුණා.
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිසමේ උප සභාපතිවරයා විදිහට 'පට්ටමකුත්' පසුගිය දවසක හරීන්ට ලැබුණා.
කොහොම වුණත්... 'හරීන් මැතිදා'ගේ මේ සියලු 'තනතුරු තානාන්තර' ඉවසා වදාරා ඉන්න බැරි පිරිසකුත් නැතුවාම නෙවෙයි. දිගින් දිගටම ඒ විදිහට 'අපලාද' එල්ල වෙනවා වුණත්, මේ ගමන කොහොම හරි ඇදගෙන යන්න 'හරීන්' මොකද්දෝ අමුතු 'ගේමක්' ගහමින් ඉන්නවා.