'මට කවුරුහරි VIP කස්ටමර් කෙනෙක් කියනවා නම් මං ආසයි! ජනප්‍රිය වෙද්දි මගේ ෆොටෝ දාලා ජරා ෆොටෝ හැදුවා!: 'ටියුෂන් Queen' හෙවත් අමුතු ඇටේ අංක එකේ 'ටියුෂන්කාරිය'!

MonaraMonara

'මට කවුරුහරි VIP කස්ටමර් කෙනෙක් කියනවා නම් මං ආසයි! ජනප්‍රිය වෙද්දි මගේ ෆොටෝ දාලා ජරා ෆොටෝ හැදුවා! Manji Ekanayaka

'ටියුෂන් කර්මාන්තය' අද වෙනකොට 'මුදල්'ම අරමුණු කරගත්ත 'ව්‍යාපාරයක්' බැව් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. (සමාවෙන්න! මේ හැම ටියුෂන් ගුරෙක් ගැනම නෙවෙයි...)

ඉන් එහා 'සාමාන්‍ය ගුරු උතුමන්ලා' නොවන ඒ ඇතැම් 'ගුරුවරුන්' ගැන අහන්න දකින්න ලැබෙන කතාන්දරත් 'අදහන්න' අමාරුයි.

'තරගකාරීත්වය' නොවෙන්න 'පැවැත්මක්' නැති නිසාම 'ටියුෂන්' ඇතුළේ 'විප්ලව' කරන්න බොහෝ දෙනා සැදි පැහැදී ඉන්නවා. (ඇතැම් ටියුෂන් 'පිටුපස' දේශපාලනය පවා තියනවා...)

Manji Ekanayaka FB PageManji Ekanayaka FB Page

ඇගේ 'බ්‍රෑන්ඩඩ්' කතාවට වසඟ වුණු බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය තුළ ඈව හාස්‍යයට ලක් කර තිබුණා. Manji Ekanayaka FB Page

ඒ අතරතුර, 'ඔන්ලයින්' ක්‍රමවේදය හරහාත් දැන් දැන් බොහෝ 'ගුරු උතුමන්ලා' විසිත්ත කාමරයට වැඩම කරනවා.

ඒ විදිහට එන යන 'උතුමන්ලා' අතරේ 'මුදල්' ගැන ටිකක්වත් නොහිතන උතුමන්ලා ද නැතුවාම නෙවෙයි.

මේ කතාව ඒ 'සියලු උතුමන්ලා' ගැන නෙවෙයි. එක්තරා 'ගුරු උත්තමාවීයක්' මේ වෙනකොට 'සෝශල් මීඩියා' ඇතුළේ අතිශය කතාබහට ලක්වෙමින් ඉන්නවා.

ඈ මංජී ඒකනායක.

'හරි ටීවී' ළහිරු පෙරේරා එක්ක ඈ සිදු කළ 'සම්මුඛ සාකච්ඡාවක්' ඈ ගැන මේ තරම් 'කතාබස්' කරන්න තරම් වුණු හේතුවක්.

ඡායාරූප සමාජ මාධ්‍යඡායාරූප සමාජ මාධ්‍ය

හොඳට සල්ලි හම්බ කරන්න. හොඳ බ්‍රෑන්ඩඩ් දේවල් අඳින්න පළඳින්න උත්සාහ කරන්න. ඡායාරූප සමාජ මාධ්‍ය

'අපිට සල්ලි තියනවා නම් මිනිස්සු අපේ හක්කේ දත ගැනත් රචනා ලියයි. මම කියන්නෙ ගෑනූ ළමයින්ට පුලුවන් තරම් මහන්සි වෙන්න. හොඳට සල්ලි හම්බ කරන්න. හොඳ බ්‍රෑන්ඩඩ් දේවල් අඳින්න පළඳින්න උත්සාහ කරන්න. කවුරු හරි කිවුවොත් මම ඔයාගේ 'නියුඩ් ෆොටෝ' එකක් වටේ යවනවා කියලා, ගෑනූ ළමෙක්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි 'ඔින දෙයක් කරගන්න' කියලා පාඩුවේ ඉන්න එක. දාපුදෙන්. මම ටියුෂන් ගුරුවරියක් හැටියට ජනප්‍රිය වෙනකොට මිනිස්සු මගේ ෆොටෝ දාලා ජරා ෆොටෝ හැදුවා...' (උපුටා ගැනීම ළහිරු මුදලිගේ, හරි ටීවී)

ඇගේ 'බ්‍රෑන්ඩඩ්' කතාවට වසඟ වුණු බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය තුළ ඈව හාස්‍යයට ලක් කර තිබුණා. විවිධ ආකාරයේ නිර්මාණ පවා මුදා හැර තිබුණා. (නමුත් ඇය ඒවා තැකීමකට ලක් කළ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ...)

'මට කවුරුහරි VIP කස්ටමර් කෙනෙක් කියලා කියනවා නම් මං ඒකට හරි ආසයි .එක ගෑනු ලමයෙක්ට ලොකු ගැම්මක්' (උපුටා ගැනීම ළහිරු මුදලිගේ, හරි ටීවී)

ඡායාරූප සමාජ මාධ්‍යඡායාරූප සමාජ මාධ්‍ය

ඈව දැන් හඳුන්වන්නෙ 'ටියුෂන් Queen' හෙවත් 'අමුතු ඇටේ ටියුෂන්කාරිය' ලෙසයි. ඡායාරූප සමාජ මාධ්‍ය

ඒ අතරතුරදී 'ඈ එවුවාය' කියන 'වට්ස්ඇප් සමූහයක' සංවාද පෙළකුත් මේ වෙනකොට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

කොහොම වුණත් බොහෝ දෙනෙක් ඈව දැන් හඳුන්වන්නෙ 'ටියුෂන් Queen' හෙවත් 'අමුතු ඇටේ ටියුෂන්කාරිය' ලෙසයි.