'ආත්මය විකුණගෙන කන උන්, උපයන මුදල්.. උන් පවු!! මට වටිනවා මගේ ආත්මය...': මෙඩිසින්වලට ලකුණු මදිවුණු 'ත්‍රිකලා ධරණි'ට පියුමි හංසමාලිගෙන් කැපිල්ලක්? 'මොඩ්ලින් කෙල්ලො පවු!!'

MonaraMonara

'ආත්මය විකුණගෙන කන උන්, උපයන මුදල්.. උන් පවු!! මට වටිනවා මගේ ආත්මය...' Piumi Hansamali vs Trikala Dharani

'ත්‍රිකලා ධරණි' කියන්නෙ සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන් කතාබහට ලක්වන යුවතියක්. (සත්‍ය වශයෙන් ම ඈ කරළියට පැමිණෙන්නෙ ලංකාවේ එකම රෝස පාට රේන්ජ් රෝවර් එක 'අයිති ඇත්තී' විදිහට...)

බොහෝම ඉක්මණින් 'සමාජ මාධ්‍ය' අවුලවන්න ගන්න ඈ අනතුරුව 'නිරූපණ ක්ෂේත්‍රයේ' නවකයින්ට 'අත හිත දෙණු පිණිස' වැඩමුළුවක් පවා ආරම්භ කරනවා.

ඒ නමුත්, නිරූපණයේ 'ප්‍රවීණයින්' ඇගේ මේ 'උත්සාහයට' අකුල් හෙළා තිබුණා. (ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සෙ පවා ඇගේ ඇතැම් ක්‍රියා විවේචනයට ලක් කොට තිබුණා....)

trikala dharani FB Pagetrikala dharani FB Page

ත්‍රිකලා සිදු කෙරූ 'එක්තරා ප්‍රකාශයක්' පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වුණා. trikala dharani FB Page

ඒ සියල්ල 'ඉවසා වදාරා' හිටියා වුණත් විටින් විට 'විසිත්ත කාමරයට' (තේරෙන්න කිවුවොත් රූපවාහිනියට) එහෙමත් ඇවිත් ගිය 'ත්‍රිකලා', ටික්ටොක් සමාජ මාධ්‍ය තුළත් වෙනස්ම විදිහේ 'වීඩියෝ' පළ කරනවා.

ඒ අතරතුර දී, ත්‍රිකලා සිදු කෙරූ 'එක්තරා ප්‍රකාශයක්' පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වුණා.

'ජීව විද්‍යාව' හැදැරූ තමන්ට 'වෛද්‍ය විද්‍යාලයට' යාමට නොහැකි වීම ගැන, ඇය සිදු කළ මෙම 'ප්‍රකාශය'ට ඇගේ පාසලේ සමීපතමයින් පවා ප්‍රතිචාර දක්වා තිබුණා.

ඡායාරූපය සමාජ මාධ්‍යඡායාරූපය සමාජ මාධ්‍ය

අද මෙඩිසින් ගියපු යාලුවෝ බැංකු ගානේ ලෝන් අරගන්න යනවා.. ඡායාරූපය සමාජ මාධ්‍ය

'මට ඩොක්ටර් කෙනෙක් වෙන්න අඩුවුණේ පොඩි ලකුණු ප්‍රමාණයක්. අද මෙඩිසින් ගියපු යාලුවෝ බැංකු ගානේ ලෝන් අරගන්න යනවා...'

ඇගේ මෙම 'ආන්දෝලනාත්මක' ප්‍රකාශයට සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය වෛද්‍ය පාලිත රාජපක්ෂද 'දීර්ඝ සටහනක්' එක් කොට තිබුණා.

'මුදල් ආත්මය කරගත්..දූෂණය ආගම කරගත් ..සියල්ලම කනපිට හරවාගෙන..

ආත්මය විකුනාගෙන කන උන් උපයන මුදල් ..දේපල වලට ...වඩා මට..

වටිනවා මගේ ආත්මය ....වුනු වෘත්තිය ...

ජීවිතය යදින මිනිසුන්ගේ කෙල,සොටු,මලමූත්‍රා ලේ ..තැවරුනුමගේ දෑත්....

කෙදිරිලි,විලාප ඇහෙන දකින ..ඇස් කන්.යලිත් ජීවිතය ලබන උන්ගේ ..සිනහව...

නිසා ලැබෙන වේතනයට...සම...කල හැකිදැයි නොදනිමි ...නූබේ ඔය කියන ....මුදල් .........හීන මානයෙන්.......සිත ඔල්දල් කරගත්........උං පවු...

..................................වෛද්‍ය පාලිත ............'

Piumi Hansamali FB PagePiumi Hansamali FB Page

මෙම සටහන, නිරූපණ ශිල්පිනි 'පියුමි හංසමාලි' ද ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කරගෙන තිබුණා. Piumi Hansamali FB Page

වෛද්‍ය පාලිතගේ මෙම සටහන, නිරූපණ ශිල්පිනි 'පියුමි හංසමාලි' ද ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කරගෙන තිබුණේ 'Respect Doctor' යනුවෙන් සඳහනක් ද කරමිනු යි.

මින් ඉහත කිහිප වතාවක් ම 'මොඩ්ලින් කරන සමහර ළමයි පවු, රැවටෙනවා' යනුවෙනුත් පියුමි 'ත්‍රිකලා' ගේ නම සඳහන් නොකරමින් යම් යම් 'පළකිරීම්' සිදු කර තිබුණා.