'ලස්සන දුවක් එක්ක විවාහ දෙකක්ම කඩාවැටුණු ගෑනියෙක් මං! මම හත්වතාවක් ජීවිතේ නැතිකරගන්න ගියා!': අනෝජාගේ ජීවිතේ 'අවලස්සනම' දවස්!

MonaraMonara

'ලස්සන දුවක් එක්ක විවාහ දෙකක්ම කඩාවැටුණු ගෑනියෙක් මං! මම හත්වතාවක් ජීවිතේ නැතිකරගන්න ගියා!' Anoja Weerasinghe

'අනෝජා වීරසිංහ'... (මේ අද ඉන්න ඈ නෙවෙයි කාලෙකට කලින් හිටියේ!) ඒ තරම්ම ඇය 'අතිශය සුන්දර' එකියක් වුණා. ඈට තිබුණා 'දිගු' වරසලසක්. එහෙම් පිටින්ම දැකපු හැටියේ ආයෙ ආයෙම බලන්න හිතෙන තරමේ 'ලස්සනක්!'...

'දඩයමේ' හිටපු ඈටත් වඩා 'යකඩ පිහාටු' එකේ හිටපු ඈ වෙනස්. එහෙම වුණත්.... යන්තම් හරි... ඇගේ 'කටහඬ' ඇහෙන්න ගන්න එක, ඈ මේ අඩවියේ 'අතිසුන්දරම යුවතිය' වුණු එක ඇත්තක්.

ජීවිතේ ලස්සනම දවස් තිබුණා වුණත්... ඈටත් තිබුණා 'අවලස්සන' දවස්. චන්ද්‍රිකා පාලන සමයේ ඇගේ 'නිවස ගිනිබත්' කෙරූ කතාව හැරුණුකොට (කොටින්ම ඇගේ සම්මාන සහතික සියල්ල ගිනිබත් කළාටත් පස්සෙ) ඇය තීන්දු කරලා තිබුණා මින් එහා ජීවිතේ 'නිවී හැනහිල්ලේ' ගත කරන්න.

abhina.comabhina.com

මටත් හිතුණා ඇන්ජලිනා වගේ යකඩ ගැහැනියක් වගේ ජීවිතයට මුහුණ දෙන්න. abhina.com

ඉතින් ඈ හිස මුඩු කරනවා. (දියණිය තරහා වුණා වුණත්) ඈ ජීවිතේ නොහිතපු දිශාවකට 'හරවන්න' ගන්නවා. ඈව සිත් ගත්ත 'උත්තමාවියෝ' ඈව බදා වැළඳගන්නවා.

'ගේ ගිනි බත් වෙලා තියෙද්දි මම දැක්කා බුදු පින්තූරයක් විතරක් ඉතිරි වෙලා තියනවා!' ඈ තේරුම් ගත්තා, මේ ජීවිතේ 'සදාකාලික' වස්තුවක් නොවන බව. ආව නම් ආයෙමත් 'යන්න' වෙන බව.

ඒත් ඇගේ ජීවිතේ 'අවලස්සනම මතක' විදිහට තිබුණේ ඒ 'ගිනිබත්වීම' විතරක්ම නෙවෙයි.

ඡායාරූප Anoja Weerasinghe FB Pageඡායාරූප Anoja Weerasinghe FB Page

මේ වගේ ජීවිතයක් මොකටද කියලා මට හිතුණු වාර අනන්තවත් තිබුණා. ඡායාරූප Anoja Weerasinghe FB Page

'ලස්සන දුවක් එක්ක විවාහ දෙකම කඩා වැටුණු ගෑනියෙක් විදිහට මා තනිවුණා. සමාජයෙන් එල්ල වන අපවාද, කයිකතන්දර අහන්න වුණු අවස්ථා තිබුණා. එකක් දෙකක් කියලා කියන්න බෑ. හුඟාක් ප‍්‍රශ්න නිසා මම වරින්වර හත් වතාවක් සියදිවි නසා ගන්න උත්සාහ කළා. මම ජීවත්වෙලා වැඩක් නෑ, මේ වගේ ජීවිතයක් මොකටද කියලා මට හිතුණු වාර අනන්තවත් තිබුණා.'

ඇගේ සම්පූර්ණයෙන්ම 'මුඩු' කෙරූ 'හිස්කබල' එක්ක ප්‍රේක්ෂකයින්ට වුවමනා තරම් ප්‍රශ්නෝත්තර තිබ්බා. (ඒ නිසාම ඈට හිරිහැර විඳින්නත් වුණා!)

'වසර හතරක් මගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපලා තට්ටය ගාලා හිටියා. ඒක මට හරි පහසුවක් වුණා. ඒත් ඒකෙන් සිද්ධ වුණේ මට අනවශ්‍ය ආකර්ෂණයක් ලැබුණු එක. ඇත්තටම එය මට හරිම හිරිහැරයක් වුණා.සමහර අය මගෙන් ඇහුවා ජීවිතය ගැන කලකිරිලද එහෙම කළේ කියලා. මගේ පේ‍්‍රක්ෂකයෝ මාව බදාගෙන මහාපාරෙදි අඬපු තැන් තිබුණා. ඔයා බොරු නේද කියන්නේ. ඔයාට පිළිකාවක් නිසා නේද තට්ටෙ ගෑවේ කියලා ඇහුවා. මම එහෙම දෙයක් නෙවෙයි කිව්වා. සමහර අය ඒක පිළිගත්තෙම නෑ. සමහරු කීවා මට පිස්සු කියලා. තට්ටය මේ විදිහට හිරිහැරයක් වුණු නිසාම මම ආයෙ කොණ්ඩය වවන්න ගත්තා. දැන් හමුවෙන අය කියනවා අපරාදේ ඔයා දිගට තිබුණු කොණ්ඩය කැපුවේ කියලා. මම මේක්අප් නොකරන්නේ ආභරණ නොපළඳින්නේ ජීවිතය ගැන කලකිරීමකින් නෙවෙයි. පොළොවට පස්වෙලා යන මේ කුණුකය ගැන බුදු දහම අනුව මම දකින යථාර්ථයත් එක්ක මම දැන් සැහැල්ලූ අවබෝධාත්මක මනසකින් ජීවත්වෙන නිසා.'

ඡායාරූපය දිනමිණඡායාරූපය දිනමිණ

මම වරෙක නිදි පෙති අහුරක්ම ගිල්ලා. මෙයට හේතුව ආතතිය, විශාදය, ඡායාරූපය දිනමිණ

අනෝජා නිළියක් තමයි. නමුත් ඈ 'මේක්අප්' තට්ටු උලාගත්තු 'පවුඩර් බබෙක්' නෙවෙයි. ඒ නිසාම 'අනෝජා' වෙනම 'අයිකන්' එකක් වෙලා හිටියා 'සිනමාව' ඇතුළේ. (අද ඈ නැති අඩුව සිනමාවට නොදැනෙනවා නොවේ!)

ඒත්... ඉන් එහා අනෝජාට 'කඳු පර්වත' නැඟ යන්නත්, 'සැඩපරුෂ' කුණාටුවලට මුහුණ දෙන්නත් සිදුවුණා. ඈ ඒ හැම එකක්ම අමාරුවෙන් 'පහුකරගෙන' ආවා. (වසන්තයේ ලස්සනම දවස් වෙනකන්!!)

'මම හත් වතාවක් දිවි නසා ගැනීමට ගියා. මගේ දෙවන විවාහය අසාර්ථක වීමත් සමඟ ප්‍රශ්න කිහිපයකට මට මුහුණ දෙන්න සිදු වුණා. මේ ප්‍රශ්න වුණේ මම 'ජුලියට්ගේ භූමිකාව' චිත්‍රපටයේ රඟපාන කාලෙ. මම වරෙක නිදි පෙති අහුරක්ම ගිල්ලා. මෙයට හේතුව ආතතිය, විශාදය, (depression) යන දේවල්. මට මතක් වුණා ඇන්ජලිනා ජොලි (Angelina Jolie) කියන ලෝකයේ විශිෂ්ට ශිල්පිනිය පිළිකා රෝගයෙන් පෙළුණ විට අභීතව ජීවිතයට මුහුණ දුන් ආකාරය. ඇය පිළිකා සැත්කමට අභීතව මුහුණ දුන්නා. මටත් හිතුණා ඇන්ජලිනා වගේ යකඩ ගැහැනියක් වගේ ජීවිතයට මුහුණ දෙන්න.'

අද ඇය ඈ තරම්ම වුණු ජීවිතේ 'වරද්දගත්ත' උනුන්ට ජීවිතේ කියලා දෙන 'යකඩ ගැහැනියක්'. ඈ මේ ජීවිතේ අමාරුම තැන් ගැන 'දිග දේශනා' දෙන 'උපදේශකවරියක්.' ඉන් එහා.... ඇගෙන් ගන්න දේ බොහෝමයි!! ඈ ඒ තරම් ම වටින්නෙ ඒ නිසයි!!

මූලාශ්‍ර 'ලංකාදීප' 'සිළුමිණ'