'මගේ බිරිඳ, දරුවන් කිසිම වරදක් නොකර අවුරුදු 12ක් තිස්සෙ බැනුම් අහනවා. මුලින් ගෑනිට දරුවට සළකපන්ලූ!': ඡන්දේ දාට 'මඩ ගහන', 'දික්කසාද ප්‍රවෘත්තියේ' ඇත්ත මනුෂගේ කටින් එළියට!

MonaraMonara

'මගේ බිරිඳ, දරුවන් කිසිම වරදක් නොකර අවුරුදු 12ක් තිස්සෙ බැනුම් අහනවා. මුලින් ගෑනිට දරුවට සළකපන්ලූ!' Manusha Nanayakkaara

'මනූෂ නානායක්කාර'ව පාර්ලිමේන්තුව ඇතුළේ ඔබ 'දැකපුරුදු' කෙනා වුණත්... අද මේ කතාව 'මනූෂ'ගේ 'පවුල පන්සල' ගැන. (ඒ නිසා දේශපාලනය බලාපොරොත්තුවෙන් මේක කියවන්න එපා. ඒත් නොකියවා ඉන්නත් එපා !!)

'මනූෂ'ගේ පළමු විවාහය සිදු වෙන්නෙ 'රොෂානා ඔන්ඩච්චි' සමඟ. ඒ විවාහය 'දෙකඩ වීම' ඒ සමයේ මාධ්‍ය තුළත් සුවිශේෂී කතාබහක් ඇති කරන්නට වුණා.

ඒ හා සමඟම 'මනූෂ'ට පහර දීම පිණිස 'දික්කසාද ප්‍රවෘත්තිය' පාවිච්චි කරන්නත් බොහෝ පාර්ශව පෙළඹුණා.

Manusha Nanayakkaara FB PageManusha Nanayakkaara FB Page

දේශපාලනයේ දික්කසාද වෙච්ච පළමු පුද්ගලයා මම වගේ තමයි. Manusha Nanayakkaara FB Page

'විවාහය අසාර්ථක වෙනවා කියන එකයි, දික්කසාද වෙනවා කියන එකයි, යහපත් පවුල් ජීවිතයක් ගත කරන එකයි කියන්නෙ අවස්ථා තුනක්. ඒ කියන්නෙ කෙනෙක්ගේ විවාහය අසාර්ථක නම් දික්කසාද විය යුතුමයි..' මනූෂ මේ කතාව කියන්නෙ 'හරිටීවී' එකේ 'ළහිරු මුදලිගේ' එක්ක. (මනූෂට අනුව නොගැළපෙන දෙන්නෙක් එක වහළක් යට 'අමාරුවෙන්' ඉඳලා තේරුමක් නෑ...)

Roshana FB PageRoshana FB Page

මුලින්ම තාත්තා කෙනෙක් වෙන්නෙ අවුරුදු 20කට ඉස්සල්ලා. Roshana FB Page

හැමෝගෙම ජීවිත ඉස්සරහාට යනවා. 'මනූෂ'ගේ පළමු විවාහයේ දෝණියැන්දෑ දැන් සෑහෙන 'ලොකු' දරුවෙක්. ඈ ඇගේ 'මව' සමඟ රූප පෙට්ටියේ විවිධ වැඩසටහන් තුළින් ඔබට ඔබේ 'විසිත්ත කාමරයේදි' මුණ ගැහිලා ඇති.

ඒ තමයි 'මනීෂා...' (ඈ මනුෂගේ ලෙයින් උපන් දෝණිය...)

'මම මුලින්ම තාත්තා කෙනෙක් වෙන්නෙ අවුරුදු 20කට ඉස්සල්ලා. ඒ වෙලාවේ තාත්තා හිටිය නම් කියලත් හිතුණා. ඒක බොහෝම හැඟීම්බර අවස්ථාවක්..'

Manusha NanayakkaaraManusha Nanayakkaara

බිරිඳ සහ දරුවන් කිසිම වරදක් නොකර අවුරුදු 12ක් තිස්සෙ බැනුම් අහනවා. Manusha Nanayakkaara

'අවලාද හෝ අපහාස' එමටයි. මනුෂට ඒවා දරාගන්න බැරි තැන් එහෙමත් ආවා වෙන්න ඇති. මනුෂගේ දෙවැනි අයිතිකාරිය 'ශානිකා'. ඈ සමඟින් 'සතුටින්' දිවි ගෙවුවා වුණත් ඈත් මේ 'කුණාටුව'ට මැදි වුණු බැව් 'මනුෂ' ආයෙ ආයෙම මතක් කරනවා.

'ශානිකා තරම් ඉවසිලිවන්ත කාන්තාවක් මම දැකලා නෑ. මගේ බිරිඳ සහ දරුවන් කිසිම වරදක් නොකර අවුරුදු 12ක් තිස්සෙ බැනුම් අහනවා. ඒ අය කරපු වරදක් නෑ. නමුත් ඒ අය ඒවා සැහැල්ලුවෙන් අරන් ඉන්නවා. මම හිතන් නෑ ප්‍රශ්නයක් ඇත්තෙම නෑ කියලා. දේශපාලනයේ දික්කසාද වෙච්ච පළමු පුද්ගලයා මම වගේ තමයි. ඡන්දේ කාලෙට ඒ තරමට මඩ ගහනවා. මොකක් දැම්මත් කමෙන්ට් දානවා, ඉස්සල්ලා ගෑනිට සළකලා ඉඳපන් කියලා. මම ඒක කරනවා. බැඳීමක්, යුතුකමක්නේ.. මම ඒ දරුවා එක්ක කෑමට එළියට යනවා..... හොඳින් ඉන්නවා. හැබැයි සමාජය මේක දන් නෑ... හැබැයි මේක කියලත් දැන් ඇතිවෙලා වගේ පේනවා....'