'මිනී කපන කාමරයේ තිබුණු සම්පූර්ණ විවෘත කළ, අවයව හාරා දමා ඇති අම්මාගේ සිරුර මම තදින් අල්ලාගතිමි!!': ඝාතනය වූ කහවත්තේ 'අම්මා' ගැන 'මාධ්‍යවේදී පුතා' තැබූ ඇහැට කඳුළක් උනන කතාව! 'අම්මා..කොච්චර රිදෙන්න ඇද්ද ? බය හිතෙන්න ඇද්ද?'
පසුගිය දිනෙක 'කහවත්ත' ප්‍රදේශයේ සිදු වූ 'විනීතා ජයසුන්දර' නම් වූ 'වයෝවෘද්ධ කාන්තාව'ගේ මරණය බොහෝමයක් දෙනා 'කම්පනයට' පත් කෙරූ බැව් රහසක් නෙවෙයි.
ඉන් අනතුරුව, මින් ඉහත සිදුවූ 'කහවත්ත ඝාතන රැල්ල'ත් නැවත වතාවක් කරළියට පැමිණෙනවා. 'ප්‍රදේශයේ' ජනතාව 'බය බිරාන්ත'ව සිටින හෙයින් 'පරීක්ෂණ' කඩිනම් කරන ලෙස ද පොලිසියට උපදෙස් ලැබී තිබුණා.
කෙසේ හෝ වේවා ඔවුන් මේ 'ඝාතනය'ට සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණේ, 'වීනිතා ජයසුන්දර'ගේ බාල දියණියයි.
ඇය 'සැකකාරිය' නොව ඝාතනය සිදු කළ 'සහාසික තැනැත්තිය' බැව් පොලිසිය මාධ්‍ය හමුවේ අනාවරණය කළේ, ඇය 'ඝාතනය සිදු කෙරූ' බවට 'සාක්ෂි සාධක' තමන් සන්තක බැව් ද කියමිනුයි.
ඝාතනය සිදු වූ තැන 'බාල දියණිය'ගේ අත්ඔරලෝසුව හා තවත් දේ සොයා ගන්නට ලැබීම නිසාත්, නිල සුනඛයා ඒ අවටම කැරකුනු නිසාත්, ඈ 'ඝාතනය' සිදු කළා යන නිගමනයට පොලිසිය පැමිණ තිබුණා. (අහෝ ඔවුන් කොතරම් අඥානද?????)
කෙසේ හෝ වේවා අවසානය වන තෙක් 'බාල දියණිය' පොලිසිය හමුවේ අනාවරණය කළේ තමන් ඒ 'ඝාතනය සිදු නොකළ' බවයි. තවදුරටත් ඈව 'අත්අඩංගුවේ තබා ගැනීම' කළ නොහැකි නිසාවෙන් ඈව 'නිදොස්' කොට තිබුණා.
ඉන් අනතුරුව, ඝාතනයට සැක පිට 'දොළේ බාස්' නම් අයෙක් අත්අඩංගුවට ගත් අතර, තමන් ඒ 'ඝාතනය' සිදු කළ බැව් ඔහු පොලිසිය හමුවේ 'පාපොච්චාරණය' කර තිබුණා.
මේ සියල්ල එසේ සිදුවද්දි, 'ඝාතනය' වූ විනීතා ගේ ආදරණීය පුතණුවන් දිගින් දිගටම සිය 'සමාජ මාධ්‍ය' ගිණුම තුළ 'සංවේගජනක' සටහන් පළ කර තිබුණා.
ඒ සියල්ල ඔබට 'මහා දිග කතාවක්' කියන බැව් නිසැකයි. (දින වකවානු සමඟ ඒ එකින්එක පහතින් බලන්න.....)
'අම්මා..කොච්චර රිදෙන්න ඇද්ද ? කොච්චර බය හිතෙන්න ඇද්ද ? නිවන් සුව පැතීම සමගම මිනීමරුවා සෙවීමට උනන්දු වෙමි. සමාවෙන්න අම්මේ මේ රටට අපට මට අම්මාව රැක ගන්නට බැරි වුනාට..'
'මගේ අම්මා සොහොනේ තනිකර දමා පැමිණියෙමි. මට මහා මූසල ගතියක් දැනේ.අම්මා පස් යට දමා ගෙදරට පැමිණ විනාඩි කීපයකින් යලි කහවත්ත පොලීසියට යාමට සිදුවිය.මගේ අද කට උත්තරය පැය දෙකකට වඩා කාලයක් ගතවූ එකකි.සිද්ධිය යලි යලිත් කියද්දී මට අතීතය චිත්‍ර පටයක් සේ පෙනින.එහි තිබූ ඔබ කිසිවෙකු කිසිදා නොදැකිය යුතු මගේ හිතේ මහා බරකින් සටහන් වූ රූප රාමු දෙකක් මම සටහන් කරමි. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිය පරීක්ෂණය කිරීමට පෙර කම්කරුවකු ලවා මෝචරියේ ශීතකරණය විවුර්ත කර අම්මාගේ මිනිය හදුනාගන්නා ලෙස ඉල්ලා සිටියේය. සම්පූර්ණයෙන්ම බෙල්ල උගුරු දණ්ඩෙන් මාලු කටක් සේ කැපී ගිය ලේ පෙරුණු බෙල්ලක් සහිතව ඉතාම බයකට ලක් වූ ලෙසකින් අම්මා වකුටුවී දරදඩුවී ශීතකරණයේ වකුටුවී සිටී.කකුලද කපා ලේ ගලා ඇති සෙයකි.මගේ රත්තරන් අම්ම..කොයි තරම් බයවෙන්න ඇද්ද? ඒ බියකරු මොහොතේ පුතා මේ බව දැනගෙන ලෝකය පෙරලා හෝ මිනීමරුවා සොයා ගනීවි..උඹට වැරදිලා.මගේ පුතා උඹට නීතියෙන් කරන්න පුළුවන් හැම දඩුවමක්ම දෙයි...බලා හිටපන්කො.. වැනි යම් අධිෂ්ඨානයක් ද මුහුණේ තිබිනි. දෙවැන්නද ඔබට කිසිදා නොවේවා..පළමු දසුනෙන් මිනීමරුවා සොයා ගැනීමේ සිතුවිල්ලෙන් වෙඩි කෑ ඌරෙකු බවට පත් වූ මම දෙවැනි දසුනෙන් ලෝකයේ ශක්තිමත්ම අමරණීය වෙඩි කෑ ඌරා බවට පත් විය..අධිකරණ වෛද්‍ය නිලධාරී සිරුර කපා කොටා පරීක්ෂා කිරීමට මළ සිරුරක් නිරුවත් කොට දේහයේ විවිධ පද්ධති දෙපළු කර පරීක්ෂා කරයි. පරීක්ෂණ නිමවා දේහය සෝදා ප්රිරිසිදු කර දමන්නේ මෝචරි කාර්ය මණ්ඩලය විසිනි.ඉන් අනතුරුව මෝචරියට රෝහලෙන් ලැබෙන බලපත්‍රය යටතේ කෑලි ගොඩක් බවට පත්වූ මළ සිරුර මල් ශාලාවට මෝචරියෙන් ලැබෙන්නේ ඉටි කවරක ඔතාය.එදා අම්මාගේ කීතු කීතු කොට පරීක්ෂා කල ,සියළු අවයව කපා විවුර්ත කරන ලද නිරුවත් දේහය පිගන් ගඩොල් ඇල්ලූ වේදිකාව මත තබා තිබිනි සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඉටි කවරයේ ඔතා කපා කොටා හාරන ලද කොටස් පිටතට නොපෙනෙන සේ ආවරණය කිරීමෙනි. නමුත් ඒ වන විට මගේ අත එවන ලද බලපත්‍රය අනුව මිනිය ලබාදීමට කතා කලත් වාහනයෙන් බැස පැමිණි අවමංගල්‍ය රියේ රියදුරු පැවසුවේ මිනිය තබා ඔසවා ගෙන යන තහඩුව සූදානම් වුවද එහි එක් පැත්තක් අල්ලා ගැනීමට ගෝලයෙකු නොමැති බවය.මල් ශාලාවෙන් සකසන ලද මගේ අම්මාගේ දේහය කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු සහිතව සිටි ම්ට එම වදන් කණේ යවුල් වැනි විය. මං උදව් කරන්නම් මම කීවෙමි. අපි දෙදෙනාම මිනී කපන කාමරයට ගියෙමි.සම්පූර්ණ විවුර්ත කල,අවයව පද්ධති හාර හාරා දමා ඇති අම්මාගේ නිරුවත් සිරුර එහි විය.අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාගේ වාර්තාව ලබා දෙන්නට පෙර වුව ඉතා කඩිනමින් මට දැනගත යුතු දෙයක් විය.ඒ අම්මා මියයාමට පෙර ඝාතකයා අතින් දූෂණය වී තිබුනේද යන්නයි.අධිකරණ වෛද්‍ය නිලධාරී හා සසදන කල මා සතු අල්ප දැනුමෙන් බාහිරව පරීක්ෂා කලෙමි.මා බිහිකර ඇත්තේ සාමාන්‍ය ප්‍රසූතියක් මගිනි .මා කුඩා ප්රාණියෙකු ලෙස මෙලොවට පැමිණි ද්වාරය අද මම මෝචරියකදී පරීක්ෂා කරන්නේ ස්ත්‍රී දූෂණය ක් සිදුව තිබේද කියා දැනගැනීමට පරීක්ෂා කලෙමි.දෛවය කොතරම් කුරිරු ද ? මගේ ළදරු කාලයේ නිරුවතින් සිටි මාව අම්මා වඩා ගත් ආකාරය සිහිවිය.එය මතක් කරමින් පෙරකී තහඩුව මතට ඩොග් ගා දැමූ අම්මාගේ නිරුවත් සිරුර මම තදින් අල්ලා ගතිමි.හාරා තිබූ ශරීර කොටස් පිටතට නොවැටෙන සේ ලං කලෙමි.වාහනය පදවාගෙන පැමිණි පුද්ගලයාද සමග සිරුර ඉටිරෙදි වලින් ඔතා ගත්තෙමු. පිටතට ගෙනැවිත් රියට දැමුවෙමු.කොණ්ඩයේ සිට ඇග පුරා ජලය බේරෙමින් තිබිනි.වැඩේ හොදට කලා හොදට සුද්ද කලා මල්ලී.මිනී කපන සහායක කීවේය. තවත් අවුරුදු දහයක් පහලොවක් පමණ නීරෝගීව ජීවත් වීමට හැකියාවක් ලැබෙන ආකාරයේ නිරෝගී ශක්තිමත් කයක් හා සමබර මනසක් තිබූ මගේ අම්මා මස් ගොඩක් වී තිබේ (පරීක්ෂණ වෙනුවෙන් එය කල යුතුඔය.මම කියා සිටින්නේ අම්මාගේ බෙල්ල නොකපන්නට අදත් මගේ අම්මාට නිවසේ අපූරුවට සතුටින් සිටීමට ඇයට අවකාශ තිබූ බවයි) මගේ කෙස් ගහකටවත් හානි වෙනවාට කුඩා කාලයේත් අදත් අම්මා අකමැතිය) එහෙව් අම්මා මස් ගොඩක් වන තුරු මට ,මේ රටේ අපට කිසිවක් කල නොහැකිවිය.අනේ අම්මේ සමාවෙන්න ...මම සිතින් හැඩුවෙමි...ජානක සුනෙත් බණ්ඩාර 2023.12..16 දින 00.14'
'මගේ ආදරණීය මාධ්‍ය මිතුරු මිතුරියනි, විශේෂයෙන් සමාජ මාධ්‍යයේ මා හිතවත් සුමිතුරනි..ජඩ මාධ්‍යය හා ජනමාධ්‍ය අතර වෙනස කුමක්ද ? දැන් කියවන්න ඉන්දික ජයරත්න මහතා තබා ඇති සටහන.සිද්ධියෙන් පසු පැයෙන් පැය දිනපතා හෑලි ලියූ,කියූ උන් ඊයේ දිනයේ සිට අඩුම තරමින් උසාවි නියෝගය,පොලීසියේ ප්‍රකාශයවත් කියවූයේ නැත.(අතලොස්සක් ඔවුන් කල වරද නිවැරැදි කරගන්නට උත්සහ කලහ)වඩාත්ම සංවේගය උපදවන කරුණ නම් අසත්‍ය වපුරා,අතිශයෝක්තියෙන් ලියූ,කියූ පෙන්වූ අති බහුතර මාධ්‍ය මිතුරන් හා ආයතන මගේ සමීප අය හා ආයතන වීමය..මගේ මචංලා වීමය.එකට කා බී දුක සැප බෙදාගත් උන් වීමය.එහෙව් අවස්තා වාදී,බඩගෝස්තර වාදී, රුපියල් ගැනම පමණක් සිතන මගේ ආදරණීය මාධ්‍ය මිතුරු මිතුරියනි ඔබ මටත්,අපේ පවුලේ අයටත් මෙසේ කලානම් රටේ අන් අයට සලකන හැටි ගැන මට මහා දුකක් ඇත..ඒ මොහොතේ ඔබට අවශ්‍ය වූයේ මමත් අපේ පවුලේ සියලු දෙනාත් ගල් ගසා මරවා දමන්නටය.(එහෙත් මා සමග සමීපව සිට නිවසට ආ ගිය මේ අසීරු මොහොතේ මා සමග සිටි සියලුම මාධ්‍ය ආයතන වල සිටින මගේ ප්‍රාණ සරි මිතුරු මිතුරියන්ගේ ගුණ මදකට වත් අවතක්සේරු නොකරමි.එසේ නොකර තමාගේ රීච් එක ගැන පමණක් සිතූ මගේ මාධ්‍ය හිතවතුන් ටත් දැනටත් නිවැරදි වන්නට ඉඩක් ඇත)එහෙත් මෙරට සබුද්ධික ජනතාව එය උපේක්ෂාව පෙරදැරිව බලා සිටියහ.මේ සංවාදය මම ඉදිරියේදී අවශ්‍ය තැනට ගෙනයමි.ඒ ජඩ මාධ්‍යයේ ගොදුරු බවට පත්වන මේ රටේ අහිංසකයින්ගේ අයිතිය රැකීමටය.මාධ්‍ය මිතුරු මිතුරියනි ..බොහොම ස්තුතියි හෙටත් ඔබ මට සුනෙත්,සහෝ,අයියේ,brother ,මචං,mr Suneth කියා අමතා ඕනෑම උදව්වක් ඉල්ලන්න.ඕනෑම දුකක් මා සමග බෙදාගන්න.ඔබ මට කුමක් කලද ඔබ ගැන මසිත ඇති ආදරය මම අඩු කරගෙන නැත. ඇත්තේ ඔබේ හැසිරීම ගැන කලකිරීමක් පමණි.ජානක සුනෙත් බණ්ඩාර 2023.12.30 පෙරවරු 07.00'
'ජනවාරි පළමුවැනිදා උසාවියේදී වැඩ ඇල්ලුවෙමි.මගේ අම්මා මරාදැමීමට අදාල වැදගත් සාක්ෂි රැසක් සමග සැකකරු (දොලේ බාස්) ඊයේ පැල්මඩුල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබිනි එහි කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම නඩු භාණ්ඩ නොවන අම්මා ඒ මොහොතේ පැලද සිටි ආභරණ කීපයක් ඇතුළු භාණ්ඩ උසාවි නියෝග පරිදි භාර ගැනීමට මම ගරු අධිකරණය තුල සිටියෙමි.අම්මාගේ නංගීත් (පුංච්)සහ මගේ අම්මාගේ කුසින් උපන් සේ අපේ ලේ සහෝදර තිසර මල්ලීත් (ලොකු අම්මාගේ පුතා) මා සමග පැමිණියහ. අම්මා මැරූ බවට සැක කරන දොලේ බාස් දැක දැක පෑ ගණනාවක් එම වහල යට සිටීම දුෂ්කර වුවද ඒ පෑ හතර උපේක්ෂාව පෙරදැරිව ඉවසුවෙමි. නිරපරාදේ පොඩි නංගී අපහසුතාවට පත්වූ කාලයේ ඇයවත්,නඩුවේ කතාවත්,අපේ පවුලේ අයත් සිය මාධ්‍යයට වාර්තාකිරීමට උසාවි ගේට්ටුව අසල කැමරා ,මෛක්‍රපෝන සහ පෑන් මානාගෙන මගේ මිත්‍ර මාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රධාන කාර් යාලවල සිටින උසස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් (එහිද අති බහුතරයක් මගේ සමීප මිතුරන් ය) පොරකමින් වෙනදා සිටියද ඊයේ එක් අයෙකුවත් එහි නොවීය.සාක්ෂි සමග සැකකරු වන දොලේ බාස් ඉදිරිපත් කිරීම හෝ මෙතෙක් කල් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් වාර්තා කල මිනීමැරුමේ යුක්තිය පසිදලන ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නොවූනේ මන්දැයි සිතාගත නොහැක.(පසුව පොලීසිය අමතා හෝ තොරතුරු ලබාගත් අයටත් මේ ගැන සබුද්ධික ව සිටිමින් මා අමතා කතා කරමින් සත්‍යය ඉටුවනු බලා සිටින අතලොස්සක් වූ සැබෑ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ට ප්‍රණාමය) මගේ පොඩි නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා කිසිදු පදනමක් නොමැතිව දිගින් දිගටම වාර්තා කල එක් ප්‍රධාන මාධ්‍යයක ප්රබලයෙකු වන මගේ මිතුරෙකුට මම අද උදේ කතා කලෙමි. ඒ දිනවල ග්‍රැෆික් රූප සමග නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා තීන්දුව දුන් ඔවුන් නංගීව සියල්ලෙන් නිදහස් කල පසු එය වාර්තා කලේ තත්පර ගණනක් බව මම නැවත මතක් කලෙමි. "මචං මං මේක නිවුස් ඩිරෙක්ටර්ට කිව්වා.එයා කිව්වා ඊලග නඩු දිනේදී ඒකෙ විස්තර එක්ක සාධාරණයක් කරනව කියල. " ඔවුන් විසින් අගතිය පත් කරන ලද මමත්,නංගීත් ,පවුලේ අයත් ඔවුන් ගෙන්ම සාධාරණයක් පතා කන්නලවි නොකල යුතු නමුත් ඒ ආයතනයේ සිටින්නේ මගේ සමීප මිතුරු ,මිතුරියන් බැවින් මම තවත් ඉවසුවෙමි. ඒත් මදකින් මෙසේ කීවෙමි "මචං ඊයේ නඩුව තිබුනා..ඒත් ඒ ගැනවත් අර කරනවයි කිව්ව සාධාරණ වාර්තාකරණය වත් තත්පරයක නඩු වාර්තාවක් වත් ගියේ නෑනෙ ඊයෙ ත්" මගේ මිතුරා මෙසේ කීය "අප්පට සිරි....වන අහවලා ..(ප්‍රවත්ති අධ්යක්ෂ ) දන්නේ නැතිව ඇති මචං..එතැන් සිට මේ දක්වා එහි ප්‍රවත්ති අධ්යක්ෂ හා මාධ්‍ය ජාලයේ අනෙක් විධායක ශ්‍රෙණියේ මගේ මිතුරු මිතුරියන් ඇමතුවෙමි.වෙනදා මගේ ඇමතුමකට එසැනින් "ඔවු මචං,හෙලෝ සුනෙත් කියන උන් සියල්ල අද ප්‍රතිචාර නොදක්වති.මට පෙනෙන්නේ ඔවුන්ගේ සදාචාරය එය බවය.කොතරම්.සමීප මිතුරන් වුව දැන් සුහද කතා කර ඔවුන් නිසා අපට සිදුවූ අගතියට සාධාරණයක් ඉටු කර ගත නොහැකිබවය.අහෝ මගේ මාධ්‍ය මිතුරු ,මිතුරියනි ඔබ මට මෙසේ කලා නම් මේ රටේ අහිංසකයින්ගේ ජීවිත සමග කෙසේ නම් සෙල්ලම්.කරනවා ඇද්ද ? කියා නැවතීමට මට සිත් නොදෙයි. එසේම මේ ජඩ මාධ්‍ය ක්‍රමය වෙනස් කල යුතු යැයි අවංකව හඩ නගන සබුද්ධික මහ ජනතාව හා ක්‍රියාකාරීන් එසේ අත් හකුලාගෙන සිටින්නට මට නොකියන්නේ මෙය අපේ පෞද්ගලික ගැටලුවක් නොව ඔවුන්ගේද ජීවිතවල දැවෙන ප්‍රශ්නයක් වන බැවිනි! ජානක සුනෙත් බණ්ඩාර 2024.01.02. දහවල් 12.35'