රටේම කතාබහට ලක්වුණු, හැමෝම හොයන, ජෙරොම්ගේ සුරූපි දියණිය කියන කතාව: "ඔයාලා හැමෝම ලස්සනයි අලංකාරයි ! මම මගේ දෙමව්පියන්ට ගෞරවය ප්‍රකාශ කරනවා !!", රටේම කතාබහට ලක්වුණු, හැමෝම හොයන, ජෙරොම්ගේ සුරූපි දියණිය කියන කතාව
ජෙරොම් ප්‍රනාන්දු නොහොත් දේවගැති ජෙරොම් ගැන පසුගිය සමයේ දැඩි කතාබහක් ඇතිවුණේ ආගමික සංහිඳියාවට බලපෑම් කරන අයුරින් ඔහු සිදුකළ ප්‍රකාශයක් නිසයි.
අනතුරුව ජෙරොම් ගැන බොහෝ පිරිසකගේ අවධානය යොමු වුණා. එසේම ඔහුගේ ඉපැරණි ක්‍රියාකාරකම් පවා කරළියට පැමිණෙන්නට වුණා.
ජෙරොම් සමඟ අත්වැල් පටලා සිටින පිරිස් අතර, ජනප්‍රිය ගායන ශිල්පින්, ශිල්පිනියන්ද සිටීම විශේෂත්වයක්.
"ඉරුදින ලංකාවට පැමිණෙන" බවට ජෙරොම් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කිරීමක් සිදු කර ඇති අතර, ඒ පැමිණි විගස ඔහු අත්අඩංගුවට පත්වනු ඇති.
පසුගිය දිනෙක ජෙරොම් ට එරෙහිව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමියන් ද පැමිණිල්ලක් සිදු කර තිබුණා.
මේ අතර, දේවගැති ජෙරොම්ගේ ගුරුවරයා ලෙස සම්බාබ්වේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හඳුනාගෙන ඇති අතර, 44 හැවිරිදි වියේ පසුවන ඔහු නමින් ඌබට් ඒන්ජල් වනවා.
මෙම පුද්ගලයා රත්‍රං ජාවාරමකට සම්බන්ධ බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ජෙරොම්ගේ ඇතැම් ක්‍රියාකාරකම් ඔහු සිය යූටියුබ් නාලිකාවේ පළ කර ඇති අතර, ඒ ඇතැම් වීඩියෝ පටවල ඔහු ආධ්‍යාත්මික බලයකින් "අන්ධ මිනිසුන්" පවා සුවපත් කරනු අයුරු දැක ගත හැකියි.
ජෙරොම්ගේ මෙම සිදුවීමත් සමඟ, මලයාලම් සිනමාවේ අතිශය ජනප්‍රිය "ට්‍රාන්ස් චිත්‍රපටය" ගැනත් කතාබහක් ඇති වූ අතර, එහි එන ප්‍රධාන චරිතය හා ජෙරොම් සංසන්දය කරමින් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය තුළත් පළකිරීම් කර තිබුණා.
මේ අතර, ජෙරොම්ගේ සුරූපී දියණියගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අතර, එහි ඇය සිය දෙමවුපියන්ට ස්තුති කරමින්, අනුගාමිකයින් ආමන්ත්‍රණය කරන අයුරු දැක ගත හැකියි.
"මගේ දෙමව්පියන්ට මම මගේ ගෞරවය, ආදරයෙන් ප්‍රකාශ කරනවා. ඔබ කරන සියලු දේට ස්තුතියි. ඔබ සියලු දෙනා ඉතාමත් ලස්සනයි, අලංකාරයි.. හැම කෙනෙක්ම අද.."
සැබැවින්ම ජෙරොම්ට කුමක් සිදු වේවීද ? ඊට පිළිතුරු එනතුරු අපි බලා සිටිමු !!