'මොනා වුණත් මගේ දුවලා දෙන්නාගේ අම්මා ඇය. ඇයටත් ජීවිතයක් තියනවනේ!! කාලය යද්දි අපිට දෙයක් තේරුණා!!': 'දික්කසාදය' සහ 'දුක්කසාදය' ගැන කියන 'චන්න'ගේ හෙළිදරවුව! 'හැලහැප්පීම් වුණා! අපි සුහදත්වයෙන් ඈත්වුණා!!'
'චන්න පෙරේරා'ගෙත් 'ගයත්‍රි ඩයස්'ගෙත් 'දික්කසාද ප්‍රවෘත්තිය' බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූණු විදිහේ 'සුබ ප්‍රවෘත්තියක්' වුණේ නැහැ. ඉන් එහා ඒ 'යුවළ'ට තදින්ම බැඳුනු 'උන්' ආයෙම වතාවක් ඒක 'බොරුවක්' වෙන්නැති කියලත් නොහිතුවා නෙවෙයි.
ඒ කොහොම වුණත්, 'චන්න' වගේම 'ගයත්‍රි'ත් ඔවුන්ගේ 'දික්කසාදව පුවත' පසුව මාධ්‍ය හරහා හෙළිදරවු කර තිබුණා.
නීතියෙන් 'නොබැඳුනා' වුණත්, විටින් විට 'දරුවන්ගේ' ලස්සනම දවස්වල ඒ දෙන්නා එක ළඟ ඉන්නවා හැමෝටම දකින්න පුළුවන් වුණා. ඒ ගැන හැමෝම ආදරෙන් කතාබහ කර තිබුණා.
රංගන ශිල්පී 'චන්න පෙරේරා' මෑතක යූටියුබ් නාලිකාවක වැඩසටහනක් හා එක්වෙමින්, ගයත්‍රි හා ඔහු අතර 'සබැඳියාව' ගැන මේ විදිහට 'කරුණු' කියා තිබුණා.
'යම් යම් හැලහැප්පීම් මැද්දෙ අපේ විවාහ ජීවිතය ගලාගෙන ගියා. ඉතින් ඒකත් අවුරුදු කීපයකට කලින් අපි දෙන්නා ඈත් වුණා. කතාබහ කරලා සුහදත්වයෙන් ඈත් වුණේ. මම හිතන්නෙ ඇගේ ජීවිතේට ත් සුබදායි විදිහට බලපාන්න ඇති. මගේ ජීවිතේටත් සුබදායි විදිහට බලපෑවා. අපි දෙන්නා අදටත් ඉතාම සහයෝගෙන් ඉන්නවා. විශේෂයෙන්ම අපේ දුවලා සම්බන්ධ කටයුතුවලට.....'
අදටත් ඔවුන් දෙදෙනා හොඳ 'යහලුවෝ......'
'දික්කසාදය' තහංචියක් නොකරගත්ත 'චන්න-ගයත්‍රි' අදටත් 'දුක-සතුට' එක වගේ බෙදා හදාගන්න ආදරණීය 'මිත්‍රයෝ දෙන්නෙක්' වෙලා.
'අදටත් අපි හොඳම යාලුවෝ. මොනවා වුණත් මගේ දියණියන් දෙදෙනාගේ මව ඇය. නමුත් ඇයටත් ජීවිතයක් තියනවනේ. ඇය නීතිමය බැඳීමක් මා එක්ක නෑ. ඇයට අයිතියක් තියනවා ඇගේ ජීවිතේ ගැන. වැදගත් වෙන්නෙ ඇය මවක් හැටියට කරන දේවල් ගැන. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඇය මගේ දුකකදි කතාකරනවා. අපි අද වෙනකන් අපිව විවේචනය කරගෙන නෑ. අපි දික්කසාද වුණත්, අපි ආදර්ශයක් දීලා තියනවා අපේ දරුවන්ට. අපි හැමෝම ඇට ලේ මස් නහර වලින් හැදුනු මිනිස්සු... කාලයක් යද්දි අපි අතරේ නොගැළපීම් අපිට තේරුණා....'