'ධනුෂ් මට හිරිහැර කරනවා. කරුණාකරලා මාව බේරගන්න!! ඔව්! අපි තරමක් ළඟින් ඇසුරු කළා!!': කොලිවුඩ්වල කළුපාට කෙට්ටු නළුවාගේ 'රහසිගත ජීවිතය'! (තැති ගැන්වෙන සුළු පුවතක්!!)

MonaraMonara

'ධනුෂ් මට හිරිහැර කරනවා. කරුණාකරලා මාව බේරගන්න!! ඔව්! අපි තරමක් ළඟින් ඇසුරු කළා!!' Dhanush

'එක කළුපාට කෙට්ටු නළුවෙක් ඉන්නවා. මට තේරෙන්නෙ නෑ මිනිස්සු ඉන්නෙ ඌට පිස්සු වැටිලා... ඌ මේ හැම වීදියකම නටන එකෙක්... සිංදු කියන එකෙක්. දහයකට පහළවකට වුණත් තනියම ගහන එකෙක්.. ඒ කියන්නෙ ඌ වැඩ්ඩෙක්...!!' (අඳුරගත්තද මන්දා!!)

එයා ධනුෂ්. (තව විදිහකින් කිවුවොත් සුපර් ස්ටාර් රජිනිකාන්ත්ගේ බෑනා!!)

'ධනුෂ්' සිනමාවට 'සුපිරි නළුවා' වුණත්, 'ධනුෂ්ගේ දික්කසාද' ප්‍රවෘත්තියත් එක්ක බොහෝ දෙනෙක් ධනුෂ් එක්ක තරහා ගත්තා. (හැබැයි සතුටට පත්වුණු උනුනුත් නොහිටියා නෙවෙයි.)

ඒ හා සමඟ.... ධනුෂ්ගේ 'ඉපැරණි කෝන්තර' බොහෝමයකුත් එළියට එන්න පටන් ගත්තා.

India TodayIndia Today

රජිනිත් මේ දෙන්නව සමඟි සමාදාන කරන්න ලොකු උත්සාහයක් ගත්තලූ. India Today

ධනුෂ් සහ අයිශ් අතර දික්කසාද ප්‍රවෘත්තිය 'ධනුෂ්' සිය සමාජ මාධ්‍ය ගිණූමටත් එක් කර තිබුණා. මේ 'දික්කසාද' කතාවට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙ ධනුෂ්ගේ 'අනඟ රැඟුම්' කියලයි, ඒ සමයේ ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ධනුෂ් කොලිවුඩයේ සිට බොලිවුඩයට පිවිසීම අයිශ්ගේ හිත් රිදීමට හේතුවෙලා තියනවා වගේම, ධනුෂ් 'තනි තීන්දු තීරණ ගැනීම' ගැනත් අයිශ් තරහා අරන් තියනවා. (ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. මොකද එයත් ගැහැනියක්නේ..!!)

Indian PressIndian Press

සෝශල් මීඩියා නැති කාලෙක ඒ සම්බන්ධය ගැන රහසිගත තොරතුරු එහෙමත් එළියට ආවා. Indian Press

එතකොට මොනාද මේ කියන ධනුෂ්ගේ පරණ කෝන්තර ?

ධනුෂ්, ත්‍රීෂා සමඟ පැවති සම්බන්ධය කොලිවුඩයට රහසක් නෙවෙයි වගේම ඒ සම්බන්ධ තොරතුරු බොහෝමයකුත් (විශේෂයෙන්ම ඡායාරූප එහෙමත්) ඒ සමයේ අන්තර්ජාලයේ හුවමාරු වුණා. (මේ කියන්නෙ සෝශල් මීඩියා ලොකුවට ජනප්‍රිය නොවුණු කාලෙක!)

මේ සම්බන්ධය ගැන 'ආන්දෝලනාත්මක' ‌තොරතුරු බොහෝමයක් පැතිර ගියා වගේම 'ට්‍රීෂා' ඒ ගැන මේ විදිහේ කතාවකුත් කියලා තිබුණා.

RagalahariRagalahari

එයාලගේ සම්බන්ධය ලෝකේට රහසක් වුණෙත් නෑ ! Ragalahari

'ධනුෂ් මගේ වැදගත්ම යහළුවෙක් වෙන්නේ ඔහු නිතරම මා ළඟින් සිටිමින් අනිත් හැමෝම මට කළ නොහැකි යැයි පැවසූ චරිත මට ඉතා හොඳින්ම කළ හැකි යැයි කියමින් මගේ ආත්ම විශ්වාසය ගොඩ නැගූ නිසා. මම ඔහුට ගොඩක් ණයයි. අපි තරමක් ළඟින් ඇසුරු කළා. අපට සාකච්ඡා කරන්න බොහෝ දේ තියෙනවා.'

Indian PressIndian Press

මම ඔහුට ගොඩක් ණයයි. අපි තරමක් ළඟින් ඇසුරු කළා. Indian Press

ධනුෂ්ගේ 'දික්කසාදයට'ත් හේතු වෙලා තිබුණේ කේරළයේ ජනප්‍රිය නිළියක්ලූ. ඈ අයිශ් හමුවට ඇවිත්, 'ධනුෂ් මට හිරිහැර කරනවා' කියලත් පැමිණිලි කරලලූ.

මේ අතරතුර දී 'සාරා අලිඛාන්' සහ 'ධනුෂ්' අතරත් 'යම් හුටපටයක්' තියනවා කියලා සැක සංකා මතුව තිබුණා. (ඒ දෙන්නාගේ ඡායාරූපයකටත් ගොඩක් 'කමෙන්ට්ස්' වැටිලා තිබුණා.)

ඒ විතරක් නෙවෙයි, හිටපු නිෂ්පාදකවරයෙක් වන ඒ. එල් අසගප්පන් වරක් කියලා තිබුණේ, තමන්ගේ පුතුගේ 'දික්කසාදයට' හේතු වුණෙත් 'ධනුෂ්' කියලයි.