රටම හැඬවූ, නෙතාෂා දියණියගේ මරණය පිටුපස තිබූ අභිරහස් හේතුව එළියට ?: "සාමාන්‍ය තරුණියකට වගේ සිහින් සිරුරක් ලබාගන්න, ඇයටත් හීනයක් තියෙන්න ඇති!", රටම හැඬවූ, නෙතාෂා දියණියගේ මරණය පිටුපස තිබූ අභිරහස් හේතුව එළියට ?
ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පිනි තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය නෙතාෂා පසුගිය දිනෙක හදිසියේ ම දිවියට සමුදුන්නා.
ඇගේ මිය යාමට හේතුව ලෙස සඳහන් වූයේ හෘදයාබාධ තත්ත්වයක් වුවත්, පසුව අනාවරණය වී තිබුණේ ඇය අධික ලෙස ආහාර පාලනය කිරීම නිසා මෙම මරණය සිදුව ඇති බවයි.
එසේම ඇගේ සීනි මට්ටම ද පහළ ගොස් ඇති බව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පෝස්ට් කිහිපයක ම දැකගත හැකි වුණා.
මෙම ආහාර පාලනය සිදු කිරීම වෙනුවෙන් ඇය මාංශමය ආහාර සියල්ල නවතා දමා ඇති බවත් එහි සඳහන් වුණා.
ඇත්තෙන්ම ආහාර පාලනය කිරීමම ඇගේ මරණයට හේතුවක් වුණානම් ?
ඉන් එහා ආහාර පාලනයක් සිදු කර සිහින් සිරුරක් ලබා ගැනීමට හීන මවන තරුණියන් මේ ගැන සැළකිලිමත් විය යුතු නොවේ ද ?
මේ පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි චාන්යා හේරත් ඇගේ මුහුණූ පොතේ සඳහනක් කර තිබුණා.
ඇය එම සටහනේ ද සඳහන් කොට තිබුණේ අධික ලෙස ආහාර පාලනය මරු කැඳවන දෙයක් බැව් බොහෝ මිනිසුන් නොතකා හැර ඇති බවයි.
"අනික් සාමාන්‍ය තරුණියකට වගේම සිහින් සිරුරක් ලබාගෙන කෙට්ටු වෙන්න ඇයටත් හීනයක් තියෙන්න ඇති. ඇය වෛද්‍යවරියක් වෙන්නත් ඈත රටක ඉගෙන ගනිමින් සිටියදීයි මේ මරණය වෙලා තිබුණේ..."
"ඒ දෙමව්පියන්ට ශක්තිය ලැබෙන්න ඕනි මේ අහිමිවීම දරාගන්න .."
(උපුටා ගැනීම චාන්යා හේරත්ගේ මුහුණු පොතින්)
බොහෝ කාන්තාවන් තමන්ට සිහින් සිරුරක් ලබා ගැනීමේ අරමුණින් විවිධ අන්දමේ සමූහ තුළින් සිදුකෙරෙන දැනුම්වත් කිරීමට අවනත වෙනවා.
මේවායේ අයහපත් ප්‍රතිඵල පිළිබඳව අනවබෝධය නිසාම බොහෝ පිරිසක් ශාරීරිකව දුර්වල වන බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.
"කිසිම දේක අන්තය හොඳ නෑ. බුදුහාමුදුරුවෝ වුණත් අනුගමනය කළේ මධ්‍යම ප්‍රතිපදාව. අන්තයකට ගිහින් කිසිම ඵලයක් ලබන්න බැරි බව අත්දැකීමෙන් ප්‍රකට කළේ උන්වහන්සේ..."
(උපුටා ගැනීම චාන්යා හේරත්ගේ මුහුණු පොතින්)