'එයා හිටියේ ඒ ගෙදර තනියම, මිනිහා විකෘති ආසාවල් තියෙන කෙනෙක්ලූ! ගෑනූ නිදාගන්නවා බලන්න ආසයිලූ!': 'පළඟැටියෝ 'චිත්‍රප‌ටයේ 'උඩුකය' නිරාවරණය කළ, සුරූපී නිළි 'දම්මි ෆොන්සේකා'ගේ අබිරහස් ඝාතනය‍‍..

MonaraMonara

'එයා හිටියේ ඒ ගෙදර තනියම, මිනිහා විකෘති ආසාවල් තියෙන කෙනෙක්ලූ! ගෑනූ නිදාගන්නවා බලන්න ආසයිලූ!' Dammi Fonseka

ඒ සමයේ '18ට වැඩි' සිංහල සිනමාව මෙරට 'අතිවිශාල' ආන්දෝලනයක් ඇති කළ බැව් රහසක් නොවේ. 'අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි' නම් වූ මේ 'භීතිකාව' ඇති කිරීමට මූලික වූ 'පුද්ගලයා' වූයේ 'ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්'‍... (ඔහුත් මෑතකදී අප අතරින් සමුගත්තා....)

'ඇගේ වෛරය' චිත්‍රපට කතාවෙන් ඇරඹී අනතුරුව 'වැඩිහිටි සිනමාවේ' චිත්‍රපට ගණනාවක් එක පෙළට 'ඇවිත් යන්නට' වුණා.

එයිනුත් 'සාම්භාව්‍ය' යැයි සැලකුණු නිර්මාණ බොහෝමයක 'ප්‍රවීණ නිළියන්' පවා ආන්දෝලනාත්මක චරිත නිරූපණය කරන්නට යෙදුණා.

facebookfacebook

දම්මි ෆොන්සේකාට සිද්ධ වුණා ජීවිතේ බිළිදෙන්න සිනමාව වෙනුවෙන්. සිනමාව නිසයි ඇය මියගියේ. facebook

'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටය තුළ 'අනෝමා ජනාදරී' සිදු කළ රංගනය ඒ අතරින් ප්‍රබල රංගනයක් වුණා‍. (නමුත් මේ කතාව ඈ ගැනම නෙවෙයි...)

අනෝමා වරක් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 'වැඩිහිටි සිනමාව' තුළ සිදු වූ 'කවුරුත් නොදත්' ඛේදාන්ත රැසක් හෙළි කර තිබුණා.

'මම ආසියාතික ගැහැනියක් විදිහට සන්නද්ධ වෙනවා. මම ඉදිරිපත් වෙනවා අධ්‍යක්ෂකවරයාට සහය දෙනවා නග්න සිරුරෙන් සිනමාවට කියන්න ඕනි දේ පෙන්වන්න. මට කලින් පරම්පරාවේ අය ගත්තම, දම්මි ෆොන්සේකාට සිද්ධ වුණා ජීවිතේ බිළිදෙන්න සිනමාව වෙනුවෙන්. සිනමාව නිසයි ඇය මියගියේ. අදටත් ඒ ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ!'

'අනුෂා සොනාලි, චන්දි රසිකා ගත්තම තමන්ව පාවිච්චි කරන්න අධ්‍යක්ෂකවරයාට නිෂ්පාදකවරයාට ඉඩ දුන්නා. එයාලා දැනන් හිටියේ නෑ මේකේ ඇතුළාන්තය. ඒකේ ප්‍රතිඵල එයාලා භුක්ති විඳිනවා. මම මේක දැනුවත්ව ඔලුව ගහන්නෙ මම එහෙම අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩකරපු නිසා.'

films.lkfilms.lk

බොහෝ පිරිස් ඉන් අනතුරුව ඇගේ ඝාතනයට 'හේතු' හොයන්නට පටන් ගත්තා‍. films.lk

අනෝමා මෙහි දී සඳහන් කරන්නට යෙදෙන 'දම්මි ෆොන්සේකා' කියන නම ඔබට බොහෝ නුපුරුදු ඇති.

ඒ නිසා මේ කතාව 'ඇය' ගැනයි.

කවුද මේ දම්මි ෆොන්සේකා...?

අදින් වසර ගණනාවකට පෙර දී 1996 වර්ෂයේ අගෝස්තු මස 'එකෝමත් එක දිනයක', මේ සුන්දර යුවතිය 'දම්මි ෆොන්සේකා' ඝාතනය කර තිබුණා. ඇගේ 'අබිරහස් මරණය' ගැන 'තතු' දැනගත් බොහෝ පිරිස් ඉන් අනතුරුව ඇගේ ඝාතනයට 'හේතු' හොයන්නට පටන් ගත්තා‍.

ඒ වන විට සිනමාව තුළ යම් ආන්දෝලයක් ඇති කෙරූ 'පළඟැටියෝ' චිත්‍රපට කතාව නිසා ම 'දම්මි ෆොන්සේකා' අතිශය ජනප්‍රියව සිටියා.

You tubeYou tube

ධම්මි ‌‌ෆොන්සේකා රඟපෑ පළඟැටියෝ චිත්‍රපටය. You tube

මෙම චිත්‍රපටය තුළ ඇය ඇගේ 'වත' නිරාවරණය කරමින් 'සරාගී' දර්ශන රැසක්ම රඟපා තිබුණා.

'දම්මි' සැබැවින් ම සිනමාවේ දකිනා තරම් ම 'සුන්දර රූප සම්පත්තියක'ට හිමිකම් කියූ යුවතියක් වුණා. ඉන් එහා... අතිශය 'සුඛෝපබෝගී දිවි පෙවතකට' ප්‍රිය කළ ඈ සිය 'දෙමව්පියන්ගේ' අවවාද හෝ අනුශාසනාවලට ද ඇහුම්කන් නොදුන් කෙනෙක්. ඒකේ ප්‍රතිඵල විදිහට ඈ 'ඥාති සහෝදරයෙක්'ගේ නිවසේ රැඳි සිටියා කියලත් ඒ සමයේ වාර්තා වුණා.

DinaminaDinamina

ධම්මි ෆොන්සේකා විජය කුමාරතුංග සමඟ. Dinamina

දම්මිගේ 'සැක සහිත' මරණය ගැන දම්මි හා සබඳකම් පැවැත්වූ 'දැවැන්ත' යැයි කියාගන්න චරිතවලට ද ඇඟිල්ල දිගු වුණා.

ඒ නමුත් අවසානයේ 'කහතුඩුව' පොලිස් නිලධාරින් 'සැකකරු'ව අත්අඩංගුවට ගෙන තිබුණා. අදාළ සැකකරු 'රන්මාල' පැහැරගන්නා 'විකෘති ආශාවන්' ඇති අයෙකු ලෙසයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

DinaminaDinamina

ධම්මි ෆොන්සේකා රඟපෑ චිත්‍රපටයක දර්ශනයක්. Dinamina

දම්මි ෆොන්සේකාව තමන් හිත් පිත් නොමැතිව ඝාතනය කෙරූ බවත්, දූෂණය කෙරූ බවත් සැකකරු පසුව 'පාපොච්චාරණය' කර තිබුණා.

අවසානයේ 'දම්මි' ඝාතනය කෙරූ 'සැකකරු''අමානුෂික පාපකර්මය' නිසාමදෝ ක්‍රමයෙන් අසනීප තත්ත්වයට පත්ව ආබාධ රැසකට ගොදුරු වූ බැව් ඒ සමයේ මාධ්‍ය අනාවරණය කළා.