දූපතෙන් එහා මැජික් පෙන්වමින් ඉන්න, පාස්ටර් ජෙරොම්ගේ 'රහස් ආයුධය' තියෙන තැන පළමුවරට හෙළි වෙයි!: 'මම කාලය නාස්ති කළේ නැහැ! අවුරුදු 24කට පස්සෙත් අපි ඉන්නවා. ඇය තමා මගේ රහස් ආයුධය!!'
'ජෙරොම් ප්‍රනාන්දු' තවම ඇවිල්ලා නැද්ද ? එන්නෙත් නැද්ද ? ජෙරොම් ව හැමෝටම 'අමතක වීම'ත් ඉන් එහා 'ජෙරොම් කෙනෙක්' මේ 'දූපතේ' නැති එකත් 'සාමාන්‍ය සංසිද්ධියක්' නෙවෙයි. (ඒ තමයි ජෙරොම් මේ 'සෙල්ලම' කරපු විදිහ!)
ජෙරොම්ගේ සියලු 'සෙල්ලම්'වල අතිශය 'ආකර්ශනීය' ම 'කතාකාරයා' වුණේ ඔහු. ඔහුගේ කතාවට, විලාසයට, ලස්සනට බොහෝ අනුගාමිකයින් පිරිසක් වසඟ වන්නට වුණා. ඉන් එහා ඔහු 'දූපතෙන්' ඈත පිරිස් පවා තමන් වෙතට නතුකරගන්න සමත් වුණා.
සැබැවින්ම ජෙරොම් යනු 'විශ්මිත හැකියාවක්' තියෙන අයෙක් ද ? ඔහු විටින් විට අන්තර්ජාලය ඔස්සෙ සිදු කරන 'පළකිරීම්' දෙස බලන විට ඔහු සැබැවින්ම 'විශ්මිත මැජික්කරුවෙක්' බැව් පැහැදිලි වන නමුත්, එය සැබෑ ලෙසම සිදුවිය හැකි ද යන්න සැක උපදවනවා.
'ට්‍රාන්ස්' චිත්‍රපටයේ පරිදිම 'දෑස් නොපෙනෙන' අයවුන්ට 'දෑස්' ලබා දීමත්, 'ඇවිදගත' නොහැකි අයවුන් 'ඇවිද්දවීමත්' ජෙරොම්ගේ 'මැජික් යෂ්ඨියෙන්' කළ හැකි 'විශ්මිත දේ' වනවා. සැබැවින්ම ඔහු එසේ සිදු කළාද ? නැතහොත්... ඒ දේත් 'හුදු රංගනයක්' පමණක් ද ?
'ආගමික අපහාසයක්' සිදු කළා යැයි චෝදනා ලැබූ මෙම දේවගැතිවරයා මේ වන තෙක් මෙරටට නොපැමිණ රහසේම 'රට රටවල' සංචාරය කරමින් සිටිනවා. ඔහු සිය 'ප්රාතිහාර්යය' ලෝකයක් හමුවේ 'තොල් මතුලමින්' ඔහුට පාක්ෂික සියල්ලන් පුදුමාකාර අයුරින් 'සුවපත්' කරන්න ගන්නවා.
අවසන් වතාවට වාර්තා වූයේ ජෙරොම් ලංකාව ඇතුළු රටවල් අටක ව්‍යාපාරිකයින් 300කට පමණ දේව ආශිර්වාද වැඩසටහන් සිදු කරන බවයි. (මෙම ව්‍යාපාරිකයින් ඒ සඳහා අමරිකානු ඩොලර් 210 බැගින් ගෙවීම් සිදු කොට තිබෙනවා!)
ඒ අනුව මිලියනය ඉක්මවූ මුදලකට හිමිකම් කියන්නට ජෙරොම් සමත් ව තිබුණා.
ජෙරොම්ගේ අනුගාමීක පිරිස් අතර ව්‍යාපාරිකයින් පමණක් ම නොවෙයි, වෛද්‍යවරු නීතිඥවරු පවා සිට ඇති බැව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරනු ලැබුවා. එසේම ඔහු විසින් ඔහු අධ්‍යපානය ලැබූ පාසලට ලක්ෂ ගණනක මුදලක් වැය කර පිහිනුම් තටාකයක් පවා ඉදිකර තිබෙනවා.
ජෙරොම් නම් 'මැජික්කරුවා' නීතිය හමුවට නෑවිත් මේ වන විටත් සැඟව සිටින්නෙ ඔහුට ඔහුගේ 'ගුප්ත බලය' ගැන හෝ 'විශ්වාසයක්' නොමැති නිසාද ? නැතිනම් වෙන හේතුවක් නිසා ද ?
හේතුව කුමක් වුවත්, ඔහු මේ මොහොතෙත් 'සමාජ මාධ්‍ය' තුළ සක්‍රීයව සිටීම 'විශ්මය' දනවන්නක්. සිය 'පණිවුඩය' ලෝකයා හමුවේ කියනු වස් ඔහු මේ තරමින් ම 'නීතිය' ගැන හෝ 'තැකීමක්' නොකර ඉන්නවා ද ? නැත්තම් ඒ කියන 'නීතිය' ඔහුට අදාළ නැද්ද ?
ඔහු එනතුරු 'ගුවන් තොටුපළේ' පිරිසක් 'ඇස ගසාගෙන' සිටියදී පවා ඔහු මෙරටින් ඈතක සිට සිය 'විවාහ සංවත්සරය' වෙනුවෙන් බිරිඳට ආදරණීය 'ත්‍යාග' දී තිබුණා. (ඒක ඇත්තටම ෆේස්බුක් සටහනක්!)
'මම කාලය නාස්ති කළේ නැහැ! අවුරුදු 24කට පස්සෙත් අපි තවම ආලය කරමින් ඉන්නවා. පාස්ටර් මෙලනි මගේ රහස් ආයුධය සහ නිමක් නැති සාර්ථකත්වය සඳහා දේව සේවයේ හවුල්කරු ද වනවා.'
සැබැවින්ම මින් එහා මේ 'කතාව' කොයි අයුරින් වෙනස් වේවීද ? සැබැවින්ම ඒ 'විශ්මිත බලපරාක්‍රමය' හමුවේ පාස්ටර් ජෙරොම් 'සාමකාමී සහ නිදහස් මහත්මයෙක්' ලෙස මෙරටට ගොඩ බසීවිද ?