අර්ජුන්ගේ ලෝකයේ සොඳුරියට අදට 18යි: සිය ආදරණීය දියණිය වන මයිරාට රාම්පාල්ගෙන් උණුසුම් උපන්දින සුබ පැතුමක් හිමිව තිබෙන අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

MonaraMonara

Arjun Rampal's Daughter Myra ඡායාරූපය සහ මූලාශ්‍රය -www.ndtv.com

Colombo (Monara) June 24- ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන අර්ජුන් රාම්පාල්ගේ දියණියගේ 18 වියට පා තැබීමේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

සිය ආදරණීය දියණිය වන මයිරාට රාම්පාල්ගෙන් උණුසුම් උපන්දින සුබ පැතුමක් හිමිව තිබෙන අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සිය දූ කුමරිය වයස අවුරුදු 18 සම්පූර්ණ කරමින් වැඩිහිටි සමාජයට පැමිණීමේ ප්‍රීතිය රාම්පාල් විසින් පවසා ඇත්තේ මෙසේයි.

"Happy 18th my dearest darling Mypie. May your world always be as beautiful as you. Love you Da. Happy birthday Myra Rampal...' යනුවෙන් එය සඳහන්.

තම දියණියගේ ලෝකය කවදත් ඈ මෙන් ම සුන්දර වේවා යැයි රාම්පාල් දියණිය වෙත සුබ පතා තිබෙනවා.

මේ අතර මයිරාගේ මව වන Mehr Jesia ද Instagram හි තම දියණියට ද සුබ පැතුම් එක් කර ඇති අයුරු දක්නට ලැබුණා.