'මේ ගෑනි පිළිකුල් සහගත, ලැජ්ජාවක් ගෑවිලාවත් නැති ගෑනියෙක්. සුශාන්ත්වත් මරාගත්තා.. දැන්... තව එකක්!': සුශාන්ත්ගේ පෙම්වතිය 'රියා'ගේ, රහස් 'හුටපට' එළියට! එක්කෙනෙක් මදිවට දෙන්නෙක්ම ලූ!
මීට අවුරුදු කිහිපයකට කලින් 'බොලිවුඩයේ අහිංසකයෙක්' හදිසියෙන්ම මෙහෙන් යන්න යනවා. (ඒ නිකන්ම නෙවෙයි, අබිරහස් බොහෝමයක් ඉතිරි කරලා, විදුලි පංකාවක එල්ලිලා...)
ඔහුගේ නම 'සුශාන්ත් සිංග් රාජ්පුත්'...
සුශාන්ත්ගේ මරණය 'සැක සහිත' එකක් වුණා වගේම, ඒ මරණයේ 'චෝදනාව' බොහෝ පාර්ශව වෙත එල්ල වුණා. (බොහෝ පිරිසක් කියන විදිහට ඒක මිනීමැරුමක්...) හැබැයි... අවසාන පරීක්ෂණයේ ප්‍රතිඵලය වුණෙත් 'සුශාන්ත් දිවි නසාගත්තා' කියන එක.
ඒ අතරතුර සුශාන්ත්ගේ දෙමව්පියන්ගේ 'පැමිණිල්ලකට' අත්අඩංගුවට පත්වුණු 'රියා චක්රබෝර්තී' (Rhea Chakraborty) ආයෙම වතාවක් 'ඇප පිට' එළියට එනවා. (සුශාන්ත්ට මත්ද්‍රව්‍ය ලබාදුන්නා කියන චෝදනාවයි ඈට එල්ල වුණේ....)
ඒ කොහොම වුණත් ඈ දිගින් දිගටම මේ සියලු 'චෝදනා' ප්‍රතික්ෂේප කරන්නට වුණා. (තමන්ව අමාරුවේ දාලා යන්න ගිය සුශාන්තට ඈ සමාව දේවී කියලා හිතන්න අමාරුයි...)
ඒ කොහොම වුණත් මේ කතාව සුශාන්ත් ගැන නෙවෙයි. රියා 'හොර රහසේ' පැටලිලා ඉන්න අලුත්ම 'ආදර කතාව' ගැනයි.
කාලෙකට කලින් ඈ 'බන්ටි සජ්දේ' කියන 'ව්‍යාපාරිකයෙක්' එක්ක 'හාදකමක්' තිබුණා කියලයි 'කටකතා' පැතිර ගියේ. නමුත් ඉන්දියානු 'මාධ්‍ය' දැන් කියන්නෙ රියාගේ අලුත්ම පෙම්වතා 'නිකිල් කමත්' කියලයි. (ඔව්... ඇත්තටම එයත් ව්‍යාපාරික ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක්...)
2020 සුශාන්ත්ගේ මරණයෙන් පසු 'රියා'ගේ නඩු විභාගයේ දී පවා 'රියා' එක්ක හිටගත්ත 'ආදරණීයම කෙනා' වුණේ බන්ටි. ඔවුන් දෙදෙනා 'රහසේ' හාදකම් පවත්වන බව ඒ සමයෙත් ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබුණා.
ඒ නමුත්... දැන් අලුත්ම පුවත රියා සහ නිකිල් අතර පවතිනවා කියන සම්බන්ධයයි. (ඒක ඇත්තක් කියන්නත් ඇති තරම් සාක්ෂි ලැබිලා තියෙන හැඩයි...)
රියා වරක්, බන්ටිගේ නිවසින් පිටව යන වීඩියෝවක් ද කලකට පෙර දී සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණා.
මෙම වීඩියෝවේ 'ආගමනයත්' සමඟ සුශාන්ත්ට ප්‍රිය රසිකයින් පවා රියාව 'නොමරා මරන්නට' කටයුතු කළා.
'මේ ගෑනි පිළිකුල් සහගත, ලැජ්ජාවක් ගෑවිලාවත් නැති ගෑනියෙක්. සුශාන්ත්වත් මරාගත්තා.. දැන්... තව එකක්...' (මේ තමයි ඈ වෙතට දමලා ගැහුව හිත්පිත් නැති වචන...)
කොහොම වුණත් මේ 'රහස් සම්බන්ධකම්' ඇත්තක් කියලා මේ දෙන්නගෙන් කවුරුවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා නැහැ.
හැබැයි... ඒක කොහොම වුණත් සුශාන්ත්ගේ රසිකයින්ගෙන් නම් 'රියා'ට ගැළවීමක් නැති ම වේවී!!
bollywoodlife.com ඇසුරිනි.