'විජයකාන්ත් සූර්යාගේ වෙඩිමට එන්නත් බෑ කිවුවා, කෝ ජොතිකා?සූර්යා බොරුවට ග්ලසරින් දාගෙන අඬන්න ඇවිල්ලා!': විජයකාන්ත්ගේ දේහය ඉදිරියේ හඬ වැටුණු සූර්යාට, දස දෙසින් ප්‍රහාර එල්ල වෙයි! 'සූර්යා මේ කරන්නෙ තනිකරම රඟපෑමක්....'
පසුගිය දිනෙක 'අභාවප්‍රාප්ත' වූ සුප්‍රසිද්ධ දමිළ නළු 'විජයකාන්ත්' ට අවසන් 'ගරු බුහුමන්' දක්වන්නට පැමිණි 'සූර්යා' අතිශය සංවේදී වන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
'සූර්යා'ගේ මේ 'හැඬුම් ලකුණු' බොහෝ 'ප්‍රේක්ෂකයින්' සංවේදී කළා හා සමඟ තවත් පිරිස් එය වනාහි 'සූර්යාගේ ව්‍යාජ රංඟනයක්' බැව් කියමින් චෝදනා නඟන්නට ද වුණා.
'සූර්යා,' 'විජේයි' ඇතුළු සුපිරි නළුවන්ගේ 'ආගමනය' වෙනුවෙන් 'අතහිත' දුන් 'විශිෂ්ටතමයෙක්' ලෙසයි විජයකාන්ත් සැළකෙන්නෙ.
ඔහුගේ 'හදිසි අහිමිවීම' ක්ෂේත්රයේ බොහෝ පිරිසකට සතය වශයෙන් ම දරාගත නොහැකි වී තිබුණා. (පසුගිය දිනෙක 'තලපති විජේයි' පවා ඔහුට අවසන් බුහුමන් දැක්වීමට පැමිණ සිටියා....)
ඇත්තටම සූර්යා කළේ රංගනයක්ද?????
'සූර්යා'ගේ 'හඬා වැටීම' දුටු සැණින් 'කලබල' වූ බොහෝ පිරිස් 'සූර්යා' වෙත දමා ගසන්නට පටන් ගෙන තිබුණා. (ඒක ගොඩක් ම කළේ පිල් බෙදුණු සිනමා රසිකයින්...)
ඉන්දියානු 'ගොසිප් කිංග්' ලෙස කිරුළු පැළඳ සිටින නළු 'බයිල්වන් රංගනාදන්' පසුගිය දිනෙක සූර්යාගේ මේ 'හැඬුම' ගැන 'මදුරාසි' නාලිකාවක් වෙත කියා තිබුණා.
ඔහු සඳහන් කර තිබුණේ, සූර්යා 'ව්‍යාජ රංගනයක' යෙදෙමින් 'අවධානය' දිනාගැනීමේ උත්සහයක යෙදුණූ බවයි.
'විජයකාන්ත්ව බලන්න ඇවිත් අඬන නළු නිළියෝ ගැන අපි දන්නෙ නැද්ද? සූර්යාට ග්ලිසරින් ගාන්නෙත් නැතුව හොඳට අඬන්න පුළුවන්... ඔයා ඇඬුවා කියලා කැප්ටන් (විජයකාන්ත්) එයිද? නෑනේ...'
එසේම 'විජයකාන්ත්' සූර්යාගේ විවාහයට 'නොපැමිණිම' ඇතුළු 'ඉතිහාස කතාන්දර' ටිකකුත් 'බයිල්වන්' විසින් දිග හැර තිබුණා.
'සිවකුමාර් (සූර්යාගේ තාත්තා) සූර්යාගේ වෙඩින් එකට එන්න කියලා විජයකාන්ත්ට ඉන්වයිට් කළා. කෝල් කරලා කිවුවා ආරාධනා පත්‍ර අරන් එනවා කියලා. හැබැයි විජයකාන්ත් සූර්යාගේ වෙඩින් එකට එන්න බෑ කිවුවා, හේතුව තමා අවුලක් ඇතිවෙයි කියලා, ජයලලිතා ඇතුළු දේශපාලන නියෝජිතයෝ එහෙමත් එනවනේ... අන්න ඒ නිසා....'
'ඔන්න ඔය අවුල නිසා කාලයක් විජයකාන්ත්, සිවකුමාර්ලා ටිකක් හිත් අමනාපයෙන් හිටියේ... දැන් ඔය බොරුවට අඬා වැටෙනවා. එයා (සූර්යා) බොරුවට කාර් එකෙන් බැහැලා මෙතනට ආවේ ෂෝ එකටනේ.. මොකද එයා විතරක් ආවේ??? කෝ ජොතිකා??? කෝ කාර්තික්..?? එයාගේ මහ ලොකු මල්ලි...??? ඒ කවුරුත් නෑ..... මොකද ඉතින් එන්න කැමති නැතුව ඇති...'
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.