අධෝවාතය විකුණලා ඩොලර් හොයන, අමරිකාවම පිස්සු වට්ටපු තරුණිය: "වෛද්‍යවරු මට අවවාද කළා, මේ වැඩේ දිගටම කළොත් ? මට යන එන මං නැතිවෙයි කියලා..", අධෝවාතය විකුණලා ඩොලර් හොයන, අමරිකාවම පිස්සු වට්ටපු තරුණිය
ජීවත් වෙන්න අතිශය අමාරු තැන් තෝරන මිනිස්සු, සමහර වෙලාවට ඒ අසීරු තැන් පහු කරන් ගිහින් 'කෝටිපතියන්' බවට පත්වෙන්න මහා දිග කාලයක් යන්නෙ නැහැ.
'ඩොලර්' සොයා ගැනීම පිණිස ඒ විදිහේ අමාරු කර්තව්‍යන් වල නියැළෙන පිරිස් ද නැතුවා ම නොවේ.
ලෝකයේ එවැනි අසීරු රැකියාවන් ගණනාවක් පවතින බැව් ඔබ දැනටමත් දන්නවා ඇති. (හරියට කිවුවොත් මිනිස්සුන්ගේ කිහිලිවල ගඳ සුවඳ පරීක්ෂා කරන රැකියා පවා ලෝකයේ තියෙනවා.)
මේ කතාවත් කියන්න හදන්නේ තමන්ටම අනන්‍ය 'ඩොලර්' හොයන්න පුළුවන් විදිහේ 'අපූරු රැකියාවක්' හොයාගත්ත තරුණියක් ගැනයි.
ඇය නමින් ස්ටෙෆනි මැටෝ. අමරිකානු රියැලිටි තරගයක පෙනී සිටි ඇය වඩාත් වේගයෙන් අන්තර්ජාලය ඇතුළේ ජනප්‍රිය වෙන්නෙ ඇගේ සරාගී විලාසිතා අඩනිරුවත් සේයාරූ නිසාම යි.
නමුත් සැබැවින්ම ඇය ගැන අතිශය ආන්දෝලනාත්මක කතාබහක් ඇති වෙන්නෙ, ඇය ඇගේ 'රැකියාව' ගැන මුල්වරට වැඩසටහනක් හරහා සිදුකළ හෙළිදරවුව නිසයි.
ඇය ඒ හරහා කියා සිටියේ ඇය ඇගේ 'අධෝවාතය" අලෙවි කරමින් මුදල් ඉපැයීමේ නිරත වන බවයි.
ගොඩක් අය මේක "ඉතාමත් පිළිකුල් සහගතයි" කියලා කිවුවා වුණත්, ඇගේ 'අධෝවාතය'ට ආස කරන, ඒ වගේම ඇගේ 'යටඇඳුම්' ආදියටත් ප්‍රිය කරන පිරිස් නිසා ඇය බොහෝම ඉක්මණින් ඩොලර් ලක්ෂ ගණනක මුදලක් උපයා ගන්නට සමත් වනවා.
ඇය මෙම කටයුත්ත වෙනුවෙන් ආහාර වේල ද වෙනස් කොට ඇති අතර, මෙම 'අසමබර' ආහාර වේල නිසා ඇය හදිසියේ රෝගාතුර වුණා කියලත් ඇය කියනවා.
වරෙක මේ අසීරුතා නිසාම ඇයට වෛද්‍යවරුන් තරයේ අවවාද කොට තිබුණේ, 'අධෝවාතය' විකිණීම වහා නවතාලන ලෙසයි.
ඒ 'අවවාද' පිළිගත් ඇය කාලයක් එම රැකියාව නවතා තිබුණා.
'අධෝවාතය', බෝතල් කර අලෙවියේ නිරත වූ ඇය මේ සියලු කර්තව්‍යන් සඳහා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම භාවිතා කළා. විශේෂයෙන්ම ඇය ඒ හරහා සිය අනුගාමීකයින්ට ඇගේ නවත ම තතු හෙළිදරවු කිරීම සිදු කරනවා.
'අධෝවාතය විකුණන අමරිකාවේ කෙල්ල' කියලා කිවුවට ඇය කා එක්කවත් කිසි අමනාපයක් නෑ. ඇය ඒ ගැන බොහෝ ම අභිමානයෙන් කතා කරන්නෙ, ඇය කාටවත් බැරි දෙයක් 'සිදු කළා' කියන ආඩම්බරකමෙන්.
විදෙස් මාධ්‍ය ඇසුරිනි.