'සමහර ජීවිත කතා හරි අසාධාරණයි! බලන් ඉද්දී මට හීල්ලෙනවා! පංචායුදෙත් තාම කරේ!': ඈ වගේ වෙන්න බැරිම වුණත්, උන් ආස කළා 'හැබැහින්' ඒ ෆැන්ටසිය අත්විඳින්න!
'හේෂානි ලියදිපිට'... (එයාව ගොඩක් දෙනෙක් දැන අඳුනන්නෙ 'ධරණි' එකේ කෙල්ල විදිහට...) එක විදිහටක එයා 'සාමාන්‍ය' එකියක් නෙවෙයි. දහයකට පහළවකට එහා ගිහින් 'පිරිමි' අත් මිටට ගුලි කරලා පොළවට සමතලා කරන 'වරිගේ' ගැහැනු ආත්මයක්.
'ධරණී'ට හුඟක් උනුන් ආදරේ කළේ ඒක 'ෆැන්ටසියක්' නිසාම විතරයි. උන් ආස කළා 'හැබැහින්' අත්විඳින්න උන්ට කවදාවත් 'ළඟා කරගන්න' බෑමයි කියන දේ.
උන් ආස කළා, ගව් ගාණක් දුර තියා හරි තමන්‌ට සමච්චල් කරන 'පිරිමි වරිගයා'ව කුඩුපට්ටම් කරන්න. (ඒකත් හැබැහින්...) ඒත් බැරිම තැන... උන් 'ඈ' දිහා බලලා හිත හදාගත්තා.
උනුන්ට බැරි වුණත් උන් ඒ 'ෆැන්ටසිය' හැබැහින් වගේ අත්වින්ඳා. උන්ට ඒ හැම 'රූපරාමුවක්'ම සනීපය දුන්නා. (ඒත් හැමෝටම නෙවෙයි...)
හේෂානී ඒ ඉක්මණින් හැම එකාගෙම 'හිත් ලැහැබ්' ඇතුළේ 'සිහිවටනයක්' බවට පත් වෙනවා. ඈටම 'අනන්‍ය' හැඩයකින් ඈ බොහෝම මෘදුවට 'හැම එකාලවම' සමීපයට ගන්නවා.
හේෂානි 'අතිදක්ෂ' නිළියක් හෝ 'නර්තනවේදිනියක්' විදිහට ඔසවා තියනවා නෙවෙයි. ඒත්.... ඈ ඇතුළේ ඉන්න 'නිහතමානීයි' කියන උත්තමාවීට බොහෝමයක් උනුන් 'ප්‍රේම කරන්න' ගන්නවා.
ඈ 'තාලයට රටා මවන' ඇගේ 'නර්තනයකට' වුණත් ආස වෙන්න උනුන්ට 'හේතු' තියනවා.
හේෂානි දවස් කිහිපයකට කලින් ඇගේ ෆේස්බුක් ගිණුමේ ලස්සන වීඩියෝ එකක් පළ කරලා තිබුණා.
ඒ 'සංවේගජනකයි' කියන සටහනකුත් එක්ක..
'අනේ මංදා සමහර වෙලවට සමහර ජීවිත කතා ලියවෙන විදිහ හරි අසාදාරනයි කියල මට හිතෙනවා... මේ තමයි ශූටින් අස්සේ හැමදාම මගේ ලග දැවටෙන ආදරී...පංචායුදෙත් තාම කරේ.... ලොකු උනත් පොඩි උනත් කෙලිකාර හිත්වල ආසාවන් වලට කොහෙන්ද වෙනසක්.... බලන් ඉද්දී මටම හීල්ලෙනවා..... අපේ නංගි කෙනෙක්ගේ ෆෝන් එකට අහම්බෙන් උන වීඩියෝවක්... මෙහෙම හිත් දැක්කාම මට හැමදාම හිතෙන්නේ හැමදේම ලැබිලා හරියන්න ඕන උතුරන්න ,එච්චරයි....' (උපුටා ගැනීම හේෂානි ලියදිපිටගේ ෆේස්බුක් පිටුව...)
ඒක ලස්සන ලියමනක් නෙවෙයි, 'දුක වැඩී' ලියමනක්. මේ කතාව 'අවලස්සන' වුණත් දවසක ඈ ලස්සනට ලියාවී කියලා මට හිතෙනවා.