"So beautiful, so elegant, just looking like a wow!" වීඩියෝව නිසා මෙයාගෙ ජීවිතේම වෙනස් වුණා: මාස තුනෙන් ලෝකයේම ජනප්‍රිය වූ කාන්තාව

MonaraMonara

2023 වසරෙ ලෝකෙ වැඩිපුරම ජනප්‍රිය වුණු TikTok, Instagram රීල්ස් අතරෙ ඉහළම තැනක් ගත්ත වීඩියෝ එකක් තමයි "So beautiful, so elegant, just looking like a wow!" කියන්නෙ.

මේ වීඩියෝ එක අහම්බෙන් Viral වුණු එකක්. අවුරුදු 20කට ආසන්න කාලයක් දිල්ලියේ ඇඳුම් සාප්පුවක් පවත්වාගෙන යන ජැස්මින් කෞර්, ඇයගේ ඇඳුම් සාප්පුවෙ තියෙන විවිධ ඇඳුම් විලාසිතා පිළිබඳ විස්තර කරමින් කරපු වීඩියෝ එකක් තමයි පසුගිය ඔක්තෝම්බර් මාසෙදි ලොව පුරා ජනප්‍රිය වුණේ.

ඇය තම වෙළඳසැලේ නවතම මෝස්තර ප්‍රවර්ධනය කිරීම සහ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කිරීම සඳහා බොහෝ කලක් සිට Instagram වීඩියෝ භාවිත කර තිබුණා. හැබැයි මේ වීඩියෝ එකේදි ඇය කියන "So beautiful, so elegant, just looking like a wow!" කියන වාක්‍ය ඛණ්ඩය Instagram ඔස්සේ ජනප්‍රිය වුණා.

ජනප්‍රිය වීඩියෝ ආශ්‍රිතව නිර්මාණශීලී සංගීත ඛණ්ඩයන් නිර්මාණය කිරීමට ප්‍රසිද්ධ, ඉන්දීය සංගීතවේදී Yashraj Mukhate විසින් මේ වීඩියෝ එකටත් අපූරු තනුවක් එක්ක ගීතයක් නිර්මාණය කරලා තිබුණා. ඉන්පසුව එය ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වුණා.

ඒ වීඩියෝ එකට නිර්මාණය වුණු Instagram Reels මිලියන 02කට ආසන්න ප්‍රමාණය කරපු අය අතරට දීපිකා පදුකෝන් වැනි බොලිවුඩ් රංගන ශිල්පිනියන්, සංගීතඥයින් සහ දේශපාලනඥයින් වැනි ජනප්‍රිය පුද්ගලයින් පවා ඇතුළත්.

පසුගියදා ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජැස්මින් කෞර් කියලා තිබුණෙ, මේ වීඩියෝ එක ජනප්‍රිය වීමෙන් තමන් කොච්චර සතුටු වුණාද කියලා කියලා වචනයෙන් විස්තර කිරීමට අපහසුයි කියලා.

"මම දැන් අවුරුදු 03ක් තිස්සේ Instagram live එනවා. හදිසියේම මම Viral වුණා. ප්‍රියංකා චොප්රාගේ සැමියා නික් ජෝනාස් පවා එය කියලා තියෙනවා. මම පුදුම වෙනවා. මගෙ බිස්නසුත් දැන් ඉස්සරට වඩා හොඳයි. මගේ ජීවිතය වෙනස් වෙලා" කියලා තමයි ඇය වැඩිදුරටත් ඒ සම්මුඛ සාකච්ඡාවෙදි පවසලා තියෙන්නෙ.

MonaraMonara

MonaraMonara

MonaraMonara