'මම ඕගොල්ලන්ට ද්‍රෝහි වුණේ නෑ. මං විවාහ වෙච්ච සිංහල යුවතිය, අපේ ආගමට එන්න එකඟ වුණා!': එදා තරුණියන් වසඟයට ගත් සිංහල සිනමාවේ කඩවසම් ඉලන්දාරියා! 'මට දැන් ළමයි 5යි!!'

MonaraMonara

'මම ඕගොල්ලන්ට ද්‍රෝහි වුණේ නෑ. මං විවාහ වෙච්ච සිංහල යුවතිය, අපේ ආගමට එන්න එකඟ වුණා!' Shashi Wijendra

එදා දවසේ 'සිංහල සිනමාවේ' තරුණියන්ගේ 'සිත් පැහැරගත්තා' වූ 'සිහින කුමරා' ඔහු... (මතකද මතක් කරලා දෙන්නද?)

ඔහු ශෂී විජේන්ද්‍ර...

චිත්‍රපට රැසක 'රංගනයෙන්' අනතුරුව ඔහු හිටි හැටියේ ම 'අස්ථානගත' වෙනවා. අනතුරුව 'හිස සහ රැවුල' වවාගත් 'ශෂී විජේන්ද්‍ර' කෙනෙක් ගැන වරින් වර මාධ්‍ය හරහා කතාබහක් ඇති වෙනවා. (ශෂී මුස්ලිම් ජාතිකයෙක් බවත් ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් දැනගන්නෙ පස්සෙ...)

Dayan WitharanaDayan Witharana

අපි හම්බෙලා කතා කළා, කොහොම හරි ඉතින් දැක්කම හිතට මොකද්දෝ වෙනසක් වුණා. Dayan Witharana

පසු කලෙක 'අරගලයේ' උණුසුම මැද 'ගෝල්ෆේස්' පිටියෙදිත් ඔහුව දැක බලාගන්න රසිකයින්ට වරම් ලැබුණා.

ඒ වගේම මෑතක 'කැලුම් විජේසූරිය' සමඟ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් 'ශෂී විජේන්ද්‍ර', ඔහුගේ ජීවිතේ 'අමතක නොවන මතක' බොහෝමයක් දිග හැර තිබුණා.

Dayan WitharanaDayan Witharana

එයා පිලිගත්තා අපි විවාහ වුණාට පස්සෙ දැන් ඉන්නවා වගේ අපිට ජීවත් වෙන්න බෑ කියලා. Dayan Witharana

'මම විවාහ වුණේ සිංහල යුවතියක් එක්ක. අපි හම්බෙලා කතා කළා, කොහොම හරි ඉතින් දැක්කම හිතට මොකද්දෝ වෙනසක් වුණා. පස්සෙ මට හැඟුණා මෙයා මගේ ජීවිතේ සහකාරිය කරගන්නවා නම් හොඳයි නේද කියලා. පස්සෙ අපි තීරණය කළා විවාහ වෙමු කියලා. මගේ වයිෆ් ඉස්ලාම් ආගම පිළිගත්තා. ආගම වෙනස් කරනවා කියන එක සෙල්ලමක් නෙවෙයිනේ. එයා පිලිගත්තා අපි විවාහ වුණාට පස්සෙ දැන් ඉන්නවා වගේ අපිට ජීවත් වෙන්න බෑ කියලා. අපි දෙන්නා සාකච්ඡා කළාට පස්සෙ තමයි වයිෆ් ආගමට එන්න තීරණය කළේ. අද අපිට පිරිමි ළමයි හතර දෙනෙකුයි, ගෑණු ළමකුයි ඉන්නවා. (ළමයි පස් දෙනෙක්).'

facebookfacebook

එහෙම හිතන් නෑ. එහෙම හිතනවා නම් මගේ ප්‍රතිපත්ති ඔක්කොම බල්ලට යනවා. facebook

ඇයි ශෂී සිනමාවෙන් අයින් වෙන්නෙ ?

'සිනමාවෙන් අයින් වෙන්න එකපාරම හිතුවේ නෑ.. මගේ පළවැනි ෆිල්ම් එක කරද්දි අවුරුදු 25යි... 35 වෙනකොට ඔක්කොම ඉවරයි. චිත්‍රපටි 65ක් රඟපෑවා. මට අවුරුදු 9ක් විතර යද්දි මට හිතුණා මේක දිගටම කරන්න බෑ. මට ආසාවක් තිබුණා, හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. පවුල් ජීවිතයක් ගත කරන කාලේ කොල්ලෙක් වගේ ඉන්න බෑනේ. මම අනිවාර්යෙන්ම කළ යුතු දේ වුණේ මගේ ළමයාට මම ආදර්ශයක් විය යුතුයි. රඟපෑම සවුත්තුයි කියනවා නෙවෙයි මේ.. ඒක අගනා දෙයක්.. සාර්ථක පණිවුඩයක් දෙන්න පුළුවන් හොඳම දේ සිනමාව. මට නිකන් හිතුණා මම මගේ එක් එක් මංසන්ධිවලදී තිහේදී කරපු දේ හතළිහේදී බෑ. පස්සෙ මට හිතුණා ඇති කියලා. අපි විතරක් බදාගෙන ඉන්නත් බෑනේ. ඒක ලොකු කර්මාන්තයක්නේ.'

'ආයෙ කවදාවත් රඟපාන් නෑ. එහෙම හිතන් නෑ. එහෙම හිතනවා නම් මගේ ප්‍රතිපත්ති ඔක්කොම බල්ලට යනවා. මම අවුරුදු 10ක් රඟපාලා, සිනමාවේ ඉඳලා.. නම කැත කර ගන් නැතුව ගියේ යම් ප්‍රතිපත්තියක් ඇතුව. එහෙම ගිහිල්ලා ආපහු එනවා කියන්නෙ මම මටම බොරුවක් කරනවා කියන එකනේ.'

You TubeYou Tube

ඔයාලා ආදරේ කරපු කෙනෙක් විදිහට මම සාර්ථක ජීවිතයක් ගත කරනවනේ. You Tube

ශෂී ඇත්තටම රසිකයින් ට ද්‍රෝහි වුණාද?

'මං මගේ රසික රසිකාවියන්ට කියන්න ඕනි. මම ඕගොල්ලන්ට ද්‍රෝහි වුණේ නෑ. මම මගේ ජීවිතේ උපරිම මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න ආසාව නිසයි මේ දේ කළේ. ඒක ඔයාලට කරපු ගරුත්වයක් කියලත් මම හිතනවා. ඔයාලා ආදරේ කරපු කෙනෙක් විදිහට මම සාර්ථක ජීවිතයක් ගත කරනවනේ.'