''නුදුරේම දිනූ ප්‍රේමයේ අනුහසින් ඇය පතිකුලයට පිවිසෙන්නට නියමිතය...'': උපන්දිනය දා ශනූට ලැබුණු ආදරණීයම සුබපැතුම

MonaraMonara

ඡායාරූප : Dayan Witharana

ප්‍රියසාද් පවුලෙ බඩපිස්සි. එහෙමත් නැත්නම් කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනි ශනුද්‍රි ප්‍රියසාද්ට අද විශේෂ දවසක්.

ඊට හේතුව අදට ඇයගේ උපන්දිනය යෙදී තිබීම.

ඡායාරූප : Dayan Witharanaඡායාරූප : Dayan Witharana

ඡායාරූප : Dayan Witharana

අතිශය ජනප්‍රිය චරිතයක් වන ශනූට, උපන්දිනය වෙනුවෙන් ලැබෙන සුබපැතුම් පණිවිඩ රැසක් අතරෙ සුවිශේෂී උපන්දින සුබපැතුමක් අපේ ඇස ගැටුණා.

ඒ වෙනින් කාගෙන්වත් නෙවෙයි කලා තරු කාටත් ආදරණීය සුබපැතුම් එකතු කරන දයාන් විතාරණයන්ගෙන්.

ඡායාරූප : Dayan Witharanaඡායාරූප : Dayan Witharana

ඡායාරූප : Dayan Witharana

''ශනුද්‍රි ප්‍රියසාද්ට ප්‍රිය සාදයක සිරි ගන්වන දිනූ කලා ලොව දිග්විජය කිරීමට ආදරණීය ප්‍රාර්ථනාවන් සමග අසිරි වඩන උපන්දිනකට සුබාසිරි

ජනප්‍රිය සම්මානිත යොවුන් ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක සේම දක්ෂ නර්තන ශිල්පිණියක ද වන ශනුද්‍රි ප්‍රියසාද් අද දින සිය උපන්දිනය සමරන්නීය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී දිනේෂ් ප්‍රියසාද්ගේ ළාබාලම දියණිය වන ශනුද්‍රි ළමා නිළියක ලෙස සිනමාවට පිවිස "බේබි ශනූ" ලෙසින් ජනප්‍රිය වූවාය.

"ඔන්න බබෝ" චිත්‍රපටයේ සංගීතා වීරරත්නගේ දියණිය ලෙසින් රංගනය කළ ඇය "සුවඳ දැනුනා ජීවිතේ" චිත්‍රපටයේ ගයත්‍රි ඩයස්ගේ දියණිය ලෙස සහ "රෝස කැලේ" චිත්‍රපටයේ ළමා නිවාසයේ සිටිනා කුඩා ගැහැණු ළමයෙක් ලෙස ද සිනමාව මත ළමා චරිත රැසක් නිරූපණය කළ අතර ඇය තරුණ චරිත සිනමාවේ රංගනය කළේ මෑත භාගයේය. ඒ "රන් දේදුන්නක්" චිත්‍රපටයේ නදීකා ගුණසේකරගේ දියණිය ලෙසින් සහ "ලැන්ටිං සිංඤෝ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් ය.

ඉන් තරමක් කලකට පසුව ඇය වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ "ආදරණීය ප්‍රාර්ථනා" චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රංගනය කරමින් සිනමාවට නැවත එක්වූ අතර, අද ඇගේ උපන්දිනය දා පවා ඇය එම චිත්‍රපටය වෙනුවෙන් දෙරණ සිනමා උළෙලට නිර්දේශව සිටින්නීය.

ඇයට ගායන හැකියාවක් ද ඇති බව මා දැනගත්තේ මා සහභාගී වූ එක්තරා ප්‍රසංගයකදී වන අතර ඇය ඉකුත් වසරක "හිරු කොපි චැට්" වැඩසටහනක දී ද මා ගයන "ඔබෙ සුසුම් පවන් සලයි........" ගීතය කන්කළු ලෙස ගැයුවා මතකය.

ඇය ටෙලිනාට්‍ය කිහිපයක විවිධ චරිත රංගනය කළත් ඇය වඩාත් ජනප්‍රිය රංගන ශිල්පිණියක ලෙස ඇය ප්‍රකට වූයේ දෙරණ නාලිකාවේ විකාශය වන "දෙවැනි ඉනිම" ටෙලිනාට්‍යයේ සමල්කාගේ චරිතය හරහා ය.

ඉන්පසුව "කිඳුරාදරී", "දිවිතුරා", "තාදී" වැනි ටෙලිනාට්‍ය රැසක තවත් ඇගේ මතකයේ රැඳෙන චරිතාවාලියක් ම දක්නට ලැබිණ.

ඇය රංගනයට, ගායනයට, නර්තනයට මෙන්ම නිවේදනයට ද දක්වන දස්කම අගය කළ යුතු ය.

වර්තමානයේ අතිශය ජනාදරයට පත් යොවුන් ගායකයෙකු වන දිනේෂ් ගමගේ සමග නුදුරේම දිනූ ප්‍රේමයේ අනුහසින් ඇය පතිකුලයට පිවිසෙන්නට ද නියමිත අතර, මේ වසරේ ජනවාරි මස පැවැත්වුණු තිලකා අක්කාගේ කෘතිය ජනගත වන දා මා මුල්වරට ඔවුන් දෙදෙනාගේ ඡායාරූප ගතිමි.

එමෙන්ම ඉකුත් වසරේ පැවැත්වුණු චන්දීප පුතුගේ විවාහය දා මා කලකට පසුව ගත් ශනුද්‍රිගේ ඡායාරූප පෙළක් ද මේ සමග ඇයට තිළිණ සේ ගෙන එන්නෙමි.

තෙරුවන් සරණින් නිදුක් නිරෝගිව සිනමාව ඒකාලෝක කිරීමට ශනුද්‍රිට හැකි වේවායි සුභාශිංසනය කරමි !!! ''

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook

සුබපැතුමත් එක්කම සොඳුරු සේයා රූ පෙළක් ද මේ විදියට අපේ ඇස ගැටුණා.

MonaraMonara

MonaraMonara

MonaraMonara

MonaraMonara

ඡායාරූප : Dayan Witharanaඡායාරූප : Dayan Witharana

ඡායාරූප : Dayan Witharana